(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් යතුරු පැදියකින් යමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඩිෆෙන්ඩර් රථයේ හප්පා බරපතල තුවාල සිදුකර පලාගිය පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙකු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.
එම පොලිස් අධිකාරීවරයා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත සේවය කරන නිලධාරියෙකු බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවැසීය.
මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බම්බලපිටිය පොලිසිය අනතුර සිදු වූ අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී යතුරු පැදිය හා ඩිෆෙන්ඩර් රථය එකිනෙකට ගැටීමෙන් පසු එහි රියදුරු ලෙස සිටි පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා ඩිෆෙන්ඩර් රථයෙන් බැස බරපතල තුවාල ලබා සිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසලට ගොස් පරීක්ෂා කර නැවත ඩිෆෙන්ඩර් රථයට නැග පිටව යන අයුරු සී.සී.ටී.වී දර්ශන වල සටහන්ව තිබූ බව පොලිසිය කියයි.
බරපතල තුවාල ලබා සිටි පොලිස් පරීක්ෂකවරයා ශල්‍යකර්මයකට ලක් කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවැසීය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බොරැල්ල රථ වාහන අංශයේ ඕඅයිසී හැප්පූ පුද්ගලයා අත්අඩංගුවට
Bamunuarachchi Sunday, 24 February 2019 03:57 PM
තාත්තා නීතිගරුක නිලධාරියෙක් හැටියට පුතාව පොලිසියට භාර දුන්නා නම් තාත්තගේ වටිනාකම කියලා වැඩක් නැත. දැන් මොහුගේ නිලයට මොහු වටින්නේ නැතිබව රටට පෙන්වා හමාරයි. පුතා බීලා හිටියාද කියන එකත් ප්‍රශ්නයක්... කොහොම වුනත් ගොඩින් වැඩේ ශේප් වේවි දෙන්නාම පොලිස්සියෙනේ. මේක සිරි ලංකාවනේ...
ඩී. ජයදේව Sunday, 24 February 2019 05:23 PM
IP වර්සස් SP... එන සතිය හරිම විනෝදජනක වෙයි වගේ
sarath perth Monday, 25 February 2019 02:03 AM
මෙම සංවේගී සිද්දිය පුතා පියාගෙන් වසන්කලා වෙන්නත් පුළුවන් ....
BamunuarachchiMonday, 25 February 2019 05:42 AM
තාත්තා බුද්දිමත් පොලිස් නිලදාරියෙක් නම් පුතාගේ හැසිරීම් රටාවෙන් දන ගන්න ඕනේ. පුතා ගේ වෙනස් වීමක් පෙනෙනවා වාහනේ එලියට ගන්නේ නැහැ ප්‍රවෘති තිබෙනවා වාහනයක් පොලිස් නිලදාරියෙක් යටකරගෙන ගොස් තිබෙන බවට. ඕක ටිකක් සසඳලා බලන්න රොකට් ව්ද්යාඥයෙක් උවමනා නැත. දක්ෂ නිලධාරීන් ගාවට වැරදි කරුවන් පැමිණ කියන්නේ නැහැ මම වැරදි කෙරුවා කියාලා.
රවින් Monday, 25 February 2019 02:46 AM
ආරංචියේ හැටියට නම් වාහනයේ රියදුරා හිටපු ඇමති පුතෙක්ලු. මෑන්ස් වෙනුවට රියදුරු හැටියට වෙනින් කෙනෙක් ඉදිරිපත්වෙලාලු. වහනෙත් හිටපු පාළුවාගේලු. බලමු ඇත්ත කෝකද කියලා?
diasMonday, 25 February 2019 11:43 AM
ඕක දැන් ඇමතිලා, පුතාලා කරන දෙයක්. රිය අනතුරකට පස්සේ හිමීට වෙන කෙනෙක් වාහනය එල්ලෙව්වා කියා තමන්ගේ ඇග බේරා ගන්නවා.
mohan Monday, 25 February 2019 05:25 AM
ආරංචි විදියට නම් මේක පදවල තියෙන්නේ අලුත්ම අලුත් ගමක් තියෙන ඇමති කෙනෙක්ගේ පුතෙක් . අද රාත්‍රියේ සි සි ටි වී දර්ශන පෙන්වන තුරු, බලා ඉන්නවා.............