IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බොරදියේ මාළු බෑවොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා

විනීතා එම් ගමගේ
            
පවතින බරපතල තත්ත්වය යටතේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ නිලධාරින් පද්ධතිය කඩා වැටීම වළකාලීමට මෙහෙයුම් මැදිරියක සිටිය යුතු නමුත් ඔවුන්ට සිදුව ඇත්තේ උසාවියේ පෙනී සිටීමට යැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවැසීය. 

විදුලි අර්බුදයට 50% රජය වගකිව යුතු බව ද මහජන උපයෝගීතා කොමිසම ද ඒ හා සමානව වගකිව යුතු බව ද හෙතෙම කියා සිටියේය. 

මේ අර්බුදය නිසා රටට සිදුව ඇති පාඩුව බිලියන 45 ක් පමණ වන බව ද සභාපතිවරයා පැවසීය.

විදුලි අර්බුදයෙන් රට මුදවා ගැනීමට කිසිදු පියවරක් නොගන්නා බලධාරින් හදිසි විදුලිය මිලදී ගැනීම් වලින් බොරදියේ මාළු බෑමට බලා සිටින බවත් එවැනි දේ සිදුකර ජනතාව කබලෙන් ලිපට දැමීමට උත්සාහ කළහොත් දෙවරක් නොසිතා වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන  බව ද කුමාරවඩු මහතා පැවසීය. 

රටේ විදුලි බල ඉල්ලුම සඳහා විසඳුමක් වන කිසිදු බලාගාරයක් ඉදි නොකිරීමත්, ඉදිකිරීමට සුදානමින් තිබු බලාගාර නවතා දැමීමත් ඉංජිනේරුවන්ගේ සැලසුම් ඉවත දමා ව්‍යාපාරික සැළසුම් ක්‍රියාත්මක කිරීමට යාමත් නිසා මේ වනවිට විදුලිබල කේෂ්ත්‍රය දැවැන්ත අර්බුදයකට අද වැටී ඇතැයි ද කුමාරවඩු මහතා කීය. 

වසරකට මෙගාවොට් 150 ක් 200 ක් අතර ප්‍රමාණයක් අලුතින් ජාතික පද්ධතියට  බලාගාර ලෙසින් එකතු විය යුතුව තිබියදී එය කරගැනීමට අපොහොසත්ව විදුලිය කැපීමට හේතුව පෑවිල්ල හෝ නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක දෝෂයක් බව පැවසීම ජනතාව ගොනාට ඇන්දවීමක් බව ද ඔහු කියා සිටියේය. 

විදුලි බල පනත අනුව රටට අවශ්‍ය බලාගාර සෑදිය යුතු දීර්ඝකාලින අඩු වියදම් විදුලි ජනන (බලාගාර) සැලැස්ම අනුව බව කී කුමාරවඩු මහතා ලංකා විදුලි බල සැලසුම් ඉංජිනේරුවන් විසින් සකසන මෙම සැලැස්ම 2014 සිටම ඉහළම දේශපාලන පුටුවල සිටින ප්‍රබයන් විසින් අවුල් කිරීමට හා නවතා දැමීමට කටයුතු කර ඇති බවත් පැවසීය. 

2018 දී පවා එම සැලසුම මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කරනු ලැබුයේ තම සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමෙන් පසුව බව ද ඔහු සඳහන් කළේය. 

බලගාර සැළසුම් හැදීමේ දී හා අනුමත කිරීමේ දී පසුගිය වසර කිහිපය තූල එම කොමිසම ක්‍රීයාකර ඇති ආකාරය නීති විරෝධී බව ද ඔවුන් අදාල පනත් උල්ලංඝණය කර ඇති බව ද නීතිපතිවරයා විසින් ඉකුත් වසරේ තහවුරු කළ බව ද අවසානයේ කොමිසම දූෂිත අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කළ නමුත් මේ වනවිට කොමිසම යළි ඔහු පත් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය. 



අදහස් (13)

බොරදියේ මාළු බෑවොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා

Nishantha Wednesday, 03 April 2019 12:15 PM

විදුලි බල මණ්ඩලයටතද වෙලා වගේ.. ආණ්ඩුවත්, විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉහළ නිලධාරිනුත් මේකට වග කියන්න ඕනෑ.

:       17       137

malitha Wednesday, 03 April 2019 12:48 PM

හා හොඳයි...

:       0       16

Raveendra Wednesday, 03 April 2019 01:10 PM

මේක මහා පුදුම කතාවක්නේ.. එක එකාගේ මතිමතාන්තර නිසා අහිංසක මිනිසුන් දුක්විඳින්න ඕනේ.. රටේ මහජනතාව දුක්විඳලා මැරුණත් කමක් නැහැ. අපේ මඩිය පිරෙනවා නම්... " එ්කද උගත් වැද්දන් සහ දේශපාලකයන් අතර තිබෙන එකමුතුව"? නොදකින් කාලකන්නි...

:       2       205

සමන් Wednesday, 03 April 2019 01:20 PM

මෙයාලා ලංකාවේ විශ්වවිද්‍යාල වලින් ඔය මණ්ඩලයට යන ඉංජිනේරුවෝ කියන්නත් ලැජ්ජයි. ඕකට ගිය වෙලේ ඉඳලා ගසාකනවා. ඒකෙ තියන පහසුකම් භුක්ති විඳිනවා. විදුලිබල මණ්ඩලය කියන්නේ ලංකාවේ ඉහළම දූෂිත ආයතනයක්. පුදුම දීමන ගොඩක් මෙයාලා ගන්නවා. අඩුම තරමේ ඉන්කම් ටැක්ස් කපන්නෙත් නැහැ. ලැජ්ජාවක් නැද්ද? ලංකාවේ මිනිසුන්ගේ සල්ලි වලින්ම ඉගෙනගෙන අායෙත් එ් මිනිසුන්ගේ මුදල් ගසාකන්න. ඔය මහත්හොරු ටික ඕකෙන් සුද්ද කරලා ඕකෙ පාලනය හරියට හදන්න ඕනේ. ඕක මණ්ඩලයක් විදිහට තියනකන් මෙයාලා ඔය සෙල්ලම කරනවා.

:       4       637

SenakaThursday, 04 April 2019 03:53 AM

ඔබ ඉංජිනේරුවන් ගැන තරහකින් අදහස් පලකර ඇතිබව පෙනේ. විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන්ගෙන් ඉංජිනේරුවන් සුලු පිරිසක් පමණයි. ඇත්තෙන්ම නියම සුදුසුකම් සපුරා සේවයට බැදී ඇත්තේ ඔවුන් ඇතුලු අතලොස්සක් තමයි. එතෙක් මෙතෙක් පැවති ආණ්ඩු තමන්ගේ හෙන්චයියන්ගේන් පහළ තනතුරු පුරවා විශාල අතිරික්ත සේවක සංඛ්‍යාවක් එහි සිටිනවා. ඔවුන් සියලු දෙනා ඔබ කිව්ව වරප්‍රසාද බුක්තිවිදිනවා. ඒ අතර තමන්ව එතනට රින්ගවපු පක්ෂ වල ඕනෑ එපාකම් වෙනුවෙන් වැඩකරනවා.

:       128       5

නිරෝෂන් Thursday, 04 April 2019 05:42 AM

එතකොට ඔය කලින් කියපු වරප්‍රසාද ඉංජිනේරුවෝ ගන්නේ නැද්ද ? ඒක කමක් නැ කියමුකෝ. ඔය දැන් වර්ජන කරන්න හදන්නේ ඔබ තුමාලට තිබ්බනේ බලාගාර නොහැදී තියන කොට ඒවටත් වර්ජනය කරන්න. සුර්ය බලාගාර වලට අනුමැතිය නොදී , එල්.එන්.ජී බලාගාර ප්‍රමාද කරලා , ගෙදරට සුර්ය පැනල හයි කරලා.... මිනිසුන්ව පුළුවන් තරම් කඩේ යවලා, එපා කරවන ඉංජිනේරුවෝ එතකොට හොඳයි කියලද ඔබ තුමා කියන්නේ? ඉංජිනේරුවෝ මේකේ වගකීමෙන් 50-75% ගන්න ඕනේ. හැමේකටම දේශපාලනේ කියල හරියන්නේ නැ.

:       0       110

Jagath.MatharaThursday, 04 April 2019 05:47 AM

සමන් ගේ කතාව හරි . සේනක මහත්මයෝ ඔය ඉංජිනේරුවෝ කියන අයගේ බලාගාර කියක් තියනවද කියලත් දාන්න එටකොට තේරෙයි එයාලගේ වැඩ. අනික අනිත් සමාගම් වලින් ඉංජිනේරුවනට ලැබෙන කොමිස් කුට්ටි ඒවත් කියන්නකෝ බලන්න . ඉංජිනේරුවෝ හරිම හොදයි .

:       0       63

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 03 April 2019 02:16 PM

මැති ඇමතිවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා රටේ ජනතාව අමාරුවේ වැටිලා. එමනිසා විදුලිය කපනා සේම පැයකටම පාරිබෝගිකයින්ට වන්දි ගෙවන්න.

:       0       105

Amila Wednesday, 03 April 2019 02:38 PM

විධායක ජනපතිකම මෙන්න මේ වගේ වෙලාවට තමයි වටින්නේ. දැන් ඒකෙත් බලතල අඩුයි. අනික ඉතින් තනතුරේ ඉන්න කෙනා විකාර කියව කියවා ඉන්නවනේ...

:       6       37

prabha Wednesday, 03 April 2019 05:29 PM

අමිල විධායක ජනාධිපතිකමේ වටිනාකමක් තියෙන්නේ ඒ පුටුවේ වටිනාකමට රටට වටිනා පුද්ගලයෙක් සිටියොත් පමණි. එකට අපේ.. එක්කෝ ඕනේ නෑ..

:       8       23

Chanak Los angeles Wednesday, 03 April 2019 08:36 PM

රටේ මේ කඩාකප්පල් කාරී වැඩ කරවන්නේ කවදාවත් නොපිපෙන අර පොහොට්ටුවෝ කියන නඩයයි. අපි කියනවා ජනතාවට රැවටෙන්න එපා කියලා .

:       0       0

රුවන් Thursday, 04 April 2019 01:23 AM

හිටපු ඇමති සියඹලා කකා ඉන්නවද දැන්

:       0       0

රොෂාන් කඩුවෙල Thursday, 04 April 2019 04:21 AM

විදුලි ඉංජිනේරු පමණක් නොව ලංවිම සියල්ල හොර ගුහාවේ සාමාජිකයන්. බිලියන ගණනින් මහා භාණ්ඩාගාර මුදල් ලබාගෙන මහජනතාව ආසියානු කලාපයේ වැඩිම ලයිට් බිල ගෙවද්දී ඔවුන් සුරසැප විඳිනවා. හොර විදුලි සමාගම් හදලා එමගින් කරන ගසාකෑම මහජනතාව නොදන්නා රහසක්.

:       0       108

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන අයට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 17 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 41 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 372 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 418 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 668 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 588 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site