IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව නඩු යන හැටි ජවිපෙන් සොයයි

(බිඟුන් මේනක ගමගේ)

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරීමට හැකිදැයි සොයා බලන බව  ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පිරිස්වලට එරෙහිව කඩිනමින් නඩු පවරන බවට පවසා බලයට පැමිණිය ද ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බැවින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පැවැරිය හැකිදැයි සොයාබලන්නේ යැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට අද(16) පැවැසීය.

මෙම ගනුදෙනුවේදී සේවක අර්ථසාක අරමුදල අවභාවිත වී ඇති බවට සාක්ෂි ඇතැයි ද ඒ අනුව මෙමගින් තමන්ට අගතියක් වී ඇති බවට ඕනෑම පුරවැසියකුට අධිකරණයට යාමට හැකි විය යුතු යැයි ද හඳුන්නෙත්ති මහතා අවධාරණය කර කීය.  

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවැසුවේ ලංකාදීප ‘සඳුදා හමුව’ දේශපාලන සංවාදයේදී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් බාහිර පාර්ශ්වයකට නඩු පැවැරීමේ හැකියාවක් තිබේදැයි කියා ඇසූ පැනයට පිළිතුරු වශයෙනි.

බැඳුම්කර ගනුදෙනුවට වත්මන් ආණ්ඩුවේ හිතෛශීන්ගේ නම් ද ගෑවී ඇතැයි කී හෙතෙම එමනිසා ආණ්ඩුව ඊට එරෙහිව නීතිමය පියවරවලට යනු ඇතැයි අපේක්ෂා කිරීමට අපහසු යැයි කීවේය.
පොදු ව්‍යාපාර කාරක සභාවෙන් හෙළිවන රාජ්‍ය මූල්‍ය දූෂණවලට එරෙහිව අධිකරණමය කටයුතු කඩිනම් කිරීමට නම් කාරක සභා රැස්වීම්වලට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් නිරීක්ෂණ මට්ටමින් සම්බන්ධ කරගත යුතු යැයි ද පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන්ගෙන් හා මැලේසියාවේ මහතීර් මොහොමඞ්ගෙන් එම ආදර්ශය ලංකාවට ගත හැකි යැයි හඳුන්නෙත්ති මහතා පැවැසීය.

පොදු ව්‍යාපාර කාරක සභාවෙන් හෙළිවන දූෂණවලට නඩු නොදමන්නේ ඒවාට නීතිමය පසුබිමක් නැති නිසා නොව දේශපාලන පසුබිමක් ඇති නිසා යැයි ද රජයට අගතියක් වූ අවස්ථාවක අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ නොවන්නේ නම් කාරක සභා හෙළිකිරීම්වලින් පලක් නොවනු ඇතැයි ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

රාජ්‍ය මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු යැයි ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය ක්‍රියාත්මක වීම සම්පූර්ණ වන්නේ නඩු පැවරීම් ද සිදුවුවහොත් පමණක් යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව නඩු යන හැටි ජවිපෙන් සොයයි

Raveendra Sunday, 16 February 2020 12:51 PM

අපේ මේ රතු මලයලගේ මේ ක්‍රියාව ගැන අප හදවතින්ම අගයන්නෙමු. මොකද කිසිවෙකු මහජන මුදල් , මහජන දේපොළ විනාශ කලේ නම් ඒ අයට විරුද්ධව කටයුතු කළ යුතුමයි. නඩු යන හැටි සොයා බලා කටයුතු කළ යුතුයි. එහිදී කිසිදු පාටක්, පක්ෂයක් අපට නම් අදාළම නැත. එලෙසම මේ රතු මලයලාගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ රතු මල්ලිලා 88/89 වකවානුවේ මහජන දේපොළ ගිනි තියලා විනාශ කරපුවටත්, මහජන දේපොළ මංකොල්ල කාපුවටත් තමන්ටම විරුද්ධව නඩු දාගන්න ක්‍රමයකුත් හෙව්වොත් නරකද කියායි. එම ක්‍රියාවලිදීත් අපටනම් කිසිදු පාටක් පක්ෂයක් වැදගත් නැත. මෙම පැනයට රතු මලයාලම උත්තර දුන්නොත් හොදයි. ඔහෙලගෙ වටේ ඉන්න එක එක අයගේ උත්තර නම් අපට වැඩක් නැත.ඉතින් රතු මලයලාට සිංහල කියවන්න පුළුවන්නේ. ඒ නිසා මේ අදහස් කියවලා තමන්ගේ හිතට එකගව උත්තර දෙන්නකෝ.

:       1       59

ranjith Sunday, 16 February 2020 09:48 PM

රටේ මහජන මුදල් කොල්ලකන අයට මහජනයා වෙනුවෙන් නීතිය ඉදිරියට යන්න බැරි නැත.

:       0       24

Nishan Sunday, 16 February 2020 11:50 PM

අපේ රටේ බහුතරයක් ජනතාව හොරු තමුන්ගේ පාලකයන් වෙනවට කැමතියි. ඒක නිසා ඕක වෙන්නේ නැහැ හදුන්නෙත්ති මන්ත්‍රීතුමෝ.

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 392 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 810 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 624 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1462 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2945 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1897 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site