(ජයන්ත සමරකෝන්)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත හෙරොයින් පැකට් ගල්කැටවල ඔතා එහි වයිඕ වාට්ටුව වෙතට විසිකරන බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
වැලිකඩ බන්ධනාගාරය හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙන්වන්නේ එක් තාප්පයකින් වීම මෙම හෙරොයින් ගල්කැට ජාවාරමට පහසුවක් වී ඇතැයි පැවසේ.
වැලිකඩ බන්ධනාගාරයේ වයිඕ වාට්ටුවේ මත්ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳින සිරකරුවන් විශාල පිරිසක් රඳවා සිටින අතර එම වාට්ටුවට වැටී තිබූ හෙරොයින් පැකට් කිහිපයක් නිලධාරීන් සිය බාරයට ගෙන ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එවැනි සිද්ධීන් 10ක් පමණ මේ වනවිට වාර්තා වී ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බන්ධනාගාර තාප්පයට උඩින් හෙරොයින් පැකට් විසිවේ
Uditha - London Thursday, 28 March 2019 12:27 PM
යකාගේ බන්ධනාගාර මෙව්වා...
KAP Thursday, 28 March 2019 12:37 PM
ගම්පලාත්වල , පෙට්ටි කඩවලත් දෑන් CCTV කෑමරා තියෙනවා. ඈයි මෙතන ඕක දාන්න බෑරි..? ඕක රකින අය, හිරකාරයන්ට වඩා නීති කඩනවා. මේ ලෝකෙ CCTV කෑමරා නෑති සිර ගෙවල් තියෙන එකම රට වෙන්න ඈති.
RaveendraThursday, 28 March 2019 03:36 PM
KAP මයා වෙත ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකග වන්නෙමු. මෙහි සේවය කරන මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් වැඩි පිරිසක් බබාලය. හතරට ගැන ගැනීමටවත් බැරි අහිංසක ළදරුවන්ය. එමෙන්ම අවංක නිලධාරින්ද සිටින බවත් නොකියාම බැරිය. වැඩිදෙනෙකු වංකය. නුදුරු අනාගතයේදී ඩ්‍රෝන මගින්ද උඩින්ම කුඩු ගෙන යනු ඇත. එවිටත් පියාඹන පිරිසියක් උඩින් ඇවිත් කුඩු ඇතුලට හෙලුවා යයි කියනු ඇත.
Sapumal. Thursday, 28 March 2019 01:28 PM
වහාම සියලු බන්ධනාගාර එස්ටීඑෆ් යටතට පත්කරන්න. ඉවසුවා හොඳටම ඇති. කුඩ්ඩන්ගේ පාතාලයන්ගේ සහයට තවත් බන්ධනාගාර නිලධාරීන් නැතැයි කීමට බැහැ. එහෙයින් සියලු බන්ධනාගාර නිලධාරීන් ගැන සැකයෙන් බලා සිටිය යුතුයි. ජරාවට අල්ලසට ගිජු වූ අය එක්වරම තම අරමුණු හා ආදායම් මාර්ග නවත්වන්නේ නැහැ. නීතියෙන් බේරී ඒවා කිරීමට ක්‍රම සහ විධි යොදනවා විය හැකියි.
ravi Thursday, 28 March 2019 01:45 PM
අපි හිතුවේ දැන් බන්දනාගාර ප්‍රශ්න විසඳලා හමාරයි කියලා...