IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බන්දුලගෙන් තවත් පෙත්සමක්

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )


රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත ව්‍යවස්ථා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එද පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත යන මහත්වරුන්  අද  (27)  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබූහ.

මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
 
ගොනු කර ඇති පෙත්සම්හි මෙසේද සඳහන් වේ.
 
පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.
 
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට පටහැනිව න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

මෙම පනත් කෙටුම්පතෙහි 5 , 6 , 7 , 9 , 10 ,18 සහ 199 යන ජේදයන්ට අනුව මෙම සංස්ථා පාලනය කිරීමේ පූර්ණ බලය විෂය බාර අමාත්‍යවරයාට පැවරේ.

ඊට අමතරව මෙම පනතේ විධි විධානයන්ට අනුව විදෙස් රට වලින් සෘජුව ආධාර ලබා ගැනීම සහ ගිවිසුම් අත්සන් කිරීමට බලය ලබා දී ඇත.පරිච්ජේද 24 , 32 සහ 33 යටතේ මෙම සංස්ථාවට පළාත් සභා ඇතුළු අනෙකුත් පරිපාලන ඒකක පාලනය කිරීමට බලය ලැබේ.
 
මෙම පනතෙහි විධි විධාන අනුව කිසිදු මාර්ගෝපදේශයකින් තොරව කෘෂිකාර්මික , ඉඩම් , පදිංචි ස්ථාන , පුරාවිද්‍යාත්මක ස්ථාන, පන්සල් ,පල්ලි සහ හින්දු කෝවිල් පවරා ගැනීමට බලය ලැබේ.
 
මෙම විධි විධානයන් ව්‍යවස්ථාවට පටහැනි වේ.
 
එබැවින් මෙම පනත ව්‍යවස්ථාවට පටහැනි බව ප‍්‍රකාශ කරන ලෙසත් , මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.



අදහස් (3)

බන්දුලගෙන් තවත් පෙත්සමක්

අප්පුහාමි Tuesday, 27 August 2019 11:35 AM

බලා ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා බං පෙත්සම්

:       0       1

Hafeel Tuesday, 27 August 2019 03:42 PM

මෙයා බැංකුවෙන් ණය ගත්තු ගිවිසුම හරියට කියවල බලල නැතුවුනත්, මෙම කෙටුම්පත හරියට කියවල වගේ.

:       0       2

Nandalal DE SILVA - France Tuesday, 27 August 2019 04:18 PM

මේ ආචාරි තුමා උපතින්ම පෙත්සම් ලියන එක උරුම කරගෙන ආපු කෙනෙක් වගේ පැහැදිලිවම පේනවා ! කොහේ හරි යන කුණු ගොඩක් අල්ලාගෙන ඒකට එරෙහිව පෙත්සම් ගසා එයින් අසීමිත වින්දනයක් ලබන බව නිතරම මෙයා දක්වා තිබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 305 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 614 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 746 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 584 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 167 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1767 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site