IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘බදු එකතු කිරීමේදී ආණ්ඩුව ජනතාවට බරක් නොවිය යුතුයි‘

බදු එකතු කිරීමේදී  ආණ්ඩුව  ජනතාවට බරක් නොවිය යුතු බවත් බදු එකතු කිරීමේ ක්‍රමය සරල විය යුතු බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (31) පැවසීය.

 බඹරු මලෙන් රොන් ගන්නා මෙන්  ජනතාවගෙන් බදු අයකරගත යුතුයිද හෙතෙම සඳහන් කළේය.

අගමැතිවරයා  මුදල් හා ආර්ථික කටයුතු ඇමැති ලෙස  අමාත්‍යංශයේදී  වැඩ බාර ගැනීමෙන් අනතුරුව මෙලෙස ප්‍රකාශ කළේය.

වර්තමානයේ ජීවන  වියදම පිළිබඳ සැළකිමත්  වී පොදු ජනතාවට සහන සලසා දීමට  කටයුතු  කරන බව පැවසු අග්‍රාමාත්‍යවරයා මිල සුත්‍රය පිළිබඳව  අදහස් දක්වමින්   සඳහන් කළේ   ඉදිරියේදී  මිල සුත්‍රය ද වෙනස් කළ යුතු බවයි.

එමෙන්ම  වර්තමානයේදී සියලු දේ  පිටරටින් ගෙන ඒමේ තත්වයක් ඇති වී ඇති බවත් ඒ නිසා  දේශිය  ගොවියාට සාධාරණයක් ඉටු නොවන බවත්, ඉදිරියේදී  දේශිය  නිෂ්පාදන වල මුල් තැන දී රට  ස්වයංපෝෂිත කර දේශිය ගොවීයාට අවස්ථාව ලාබාදීමට  කටයුතු කරන බවත්  සඳහන් කළේය. 

(36698)

ඡායාරූප - ගයාන් අමසේකර

 



අදහස් (17)

‘බදු එකතු කිරීමේදී ආණ්ඩුව ජනතාවට බරක් නොවිය යුතුයි‘

Dutugemunu Wednesday, 31 October 2018 05:42 AM

ආයෙත් ඇවිත් !!

:       78       341

ARUU Wednesday, 31 October 2018 05:56 AM

දෙන්න පුළුවන් රිදෙන්න .....නියම තැන

:       71       101

රොෂාන් Wednesday, 31 October 2018 06:12 AM

කියනකොට එකක්, කරනකොට තව එකක්. බලමුකෝ ඕකනේ මිනිස්සුත් ඉල්ල ඉල්ල හිටියේ.

:       5       153

channa Wednesday, 31 October 2018 06:15 AM

මිල සූත්‍රය එපා.... මිල සූත්‍රය එන්න කලින් තිබ්බ මිගටම දෙන්න....

:       19       52

Mahee Wednesday, 31 October 2018 06:16 AM

මහා මාර්ගත් හරි ෂෝක්. ඒක බැසිල්ට දුන්න නම් ඉස්සර බැරිවුණ ටිකත් එක්කම සංවර්ධනය කරන්න පුළුවන්.

:       3       124

nisar Wednesday, 31 October 2018 06:16 AM

දැන් අපට රුපියල ශක්තිමත් කරගන්න පුළුවන් වේවි

:       80       121

Amila Wednesday, 31 October 2018 06:24 AM

ඔන්න ඔය කියපු දේවල් ටික කරන්න ඉක්මණින්. .. විශේෂයෙන්ම අර රනිල්ලා ගෙන්නපු බදු පනත අහෝසි කරන්න. වක්‍ර බදු මුල් තැන දෙන්න. අර අම්පාර පැත්තේ ඇමති රටින් ගම්මිරිස් ගෙනත් විනාශ කරපු ගම්මිරිස් ව්‍යාපාරය යලි හදාගන්න. පෝර ප්‍රශ්නෙත් විසඳන්න. අර පිටරටින් සල්ලි ඩොලර් ලක්ෂ 100ට වැඩි බදු නීතියත් අහෝසි කරන්න. එතකොට ඊළඟ ඡන්දෙකදි රනිල්ලා අනාතයි...

:       0       0

Nuwan Wednesday, 31 October 2018 06:27 AM

පසුගිය අවුරුදු 10 අමතක අය ඉන්නවද මේක අහන්න?

:       0       0

Pablo Wednesday, 31 October 2018 06:30 AM

කතාවලින් වැඩක් නැත... මෙපමණ කාලයක් අපි කතා ඇසුවෙමු. වැඩ අවශ්‍ය යුගයක් එළඹී ඇත...

:       0       0

duminda Wednesday, 31 October 2018 06:42 AM

මේ කියන්නෙත් මංගල කියපු ටිකම නේද? සරල බදු ක්‍රමයක් සහ දේශීය නිෂ්පාදනය වැඩි කිරීම, අනික මිල සුත්‍රය අහෝසි නොවේ... සංශෝධනයක් පමණයි.. ඩොලර් එක 176යි. තෙල් මිල කොහොම අඩු කරන්නද?

:       0       0

Shan Wednesday, 31 October 2018 07:02 AM

අනේ මෙයා දන්නා ආර්ථිකේ... රාජපක්ෂ පවුල් ආර්ථිකය නම් අායේත් පණගහලා එයි...

:       0       0

lakmal Wednesday, 31 October 2018 08:57 AM

කවුරු ආවත්, ගත් ණය ආපසු ගෙවන්නට මහජනයාට බදු ගෙවන්ට වෙනවා. ඕක තමයි ඇත්ත...

:       0       162

Gamini Wednesday, 31 October 2018 08:57 AM

මුදල් ඇමැති හැටියට අවුරුදු 10ක් හිටිය කාලේ කළේ නැත්තේ ඇයි?

:       6       106

weerakoonWednesday, 31 October 2018 11:16 AM

ශ්‍රී ලාංකික දේශ පාලුවන්ට මොලය තියෙන විට බලය නැත. බලය තියෙන විට මොලය නැත...

:       0       0

Gune Wednesday, 31 October 2018 09:18 AM

"බඹරු මලෙන් රොන් ගන්නා මෙන්." ඇත්ත නේ. ඒ කාලේ අපෙන් රොන් ගත්ත බවක් දැනුනේවත් නැහැනේ. කොටින්ම ඒ අපෙන් ගත්තු රොන්වලට මොනවා වුණාද කියලවත් අපි අදවත් දන්නෙත් නැහැනේ... ඉස්සරහටත් එහෙම කරන බව නේද ඔයා කියන්නේ? හරි ශෝක් අනේ...

:       37       44

vipula Wednesday, 31 October 2018 11:28 AM

ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දේ නිෂ්පාදනය කරන්න. එමගින් නව ඍජු හා වක්‍ර රැකියා බිහිවෙනවා. එජාපෙ ඇමති කෙනෙක් කිව්වා ඉන්දියාවෙන් සියලු කෘෂි නිෂ්පාදන මීට වඩා අඩුමිලකට ගේන්න පුළුවන් කියලා. කතාව ඇත්ත නමුත් ලංකාවේ මිනිස්සු කරන රැකියාව කුමක්ද? ඉන්දියාවේ නිෂ්පාදන මිලදී ගන්නේ කොහොමද කියල හිතන්න පුළුවන් මනසක් නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියේදී ඍජු මෙන්ම වක්‍ර රැකියා බිහිවෙනවා. එමෙන්ම රටේ මුදල් පිටරට යාම පාලනය කරගන්න පුළුවන්...

:       0       1

shan saudi Wednesday, 31 October 2018 12:40 PM

එක් කෝටි හැත්තෑ හතර ලක්ෂයේ ලම්බෝනියට රුපියල් 2500 බදු ගහපු ක්‍රමයට වෙන්න ඇති දැන් ජනතාට බදු ගහන්න යන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 293 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 238 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 280 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 171 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 597 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1023 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1418 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site