IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බුදුන් වහන්සේගේ උපන් ස්ථානය ගැන ඉන්දියාව නේපාලය වචන හරඹයක

 

බුදුන් වහන්සේගේ උපත සහ උපන් ස්ථානය සම්බන්ධයෙන්  ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් ඉන්දියාව සහ නේපාලය අතර වාග් යුද්ධයක් හටගෙන ඇත.

ගෞතම බුදු රජාණන් වහන්සේ ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයකු යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ඉකුත් දිනෙක ප්‍රකාශ කළ අතර ඊට නේපාලයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
 
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් සමඟ බුදුන් වහන්සේගේ උපත සහ උපන් ස්ථානය සම්බන්ධයෙන් මෙලෙස ඉන්දියාව සහ නේපාලය අතර වචන හරඹයක් නිර්මාණය වී තිබේ.
 
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු ඊට දැඩි පිළිතුරක් දෙමින් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.
 
‘‘ඔබට මතක ඇති ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවන් කවුද ?  මම නම් කියන්නේ ගෞතම බුදුන් වහන්සේ.  අනෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයා මහත්මා ගාන්ධි’’ යැයි පසුගිය සෙනසුරාදා අන්තර්ජාලය ඔස්සේ පැවැති සමුළුවක් අමතමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.
 
එම ප්‍රකාශයත් සමඟ නේපාලය දැඩි කෝපයට පත්වූ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට දැඩි පිළිතුරක් දෙමින් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන් පසු දිනම නිවේදනයක් නිකුත් කළේය.
 



අදහස් (10)

බුදුන් වහන්සේගේ උපන් ස්ථානය ගැන ඉන්දියාව නේපාලය වචන හරඹයක

wedage Thursday, 13 August 2020 07:39 AM

බුදුන්ගේ අමා ධර්මේ... නොතේරී ධනා මේ... වෙලීලා බැඳී මෝහේ විනාසේ වුණා මේ...

:       0       44

Ranga Thursday, 13 August 2020 08:11 AM

ශ්‍රී ලංකාවේ සමහරුන් සිතන්නේ බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබූ බවයි.

:       117       4

Champa Thursday, 13 August 2020 08:15 AM

මේ රටවල් දෙකම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උපන්නේ ඉන්දියාවේවත්, නේපාලයේවත් නෙමෙයි කියලා මේ රටවල් දෙකම දන්නවා. නමුත් 1948 ඉඳන් ඉන්දියානු ගැති පාලනයක් තියෙන ලංකාවේ පාලකයෝ කවදාවත් ලංකාවේ සැබෑ ඉතිහාසය මතු වෙන්න දෙන්නේ නැති බව ඉන්දියාව දන්නවා. ඒ හින්දා ඔවුන් බය නැතුව මේ කතාව කියනවා. අනිත් පැත්තෙන් මේ කතාව ඔවුන්ට සංචාරක ව්‍යාපාරයෙන් අධික මුදලක් උපයන්න උදව් වෙනවා. අතීත භාරතයට හෙවත් අද ඉන්දියාවට හෝ නේපාලයට අපිට වගේ ලිඛිත ඉතිහාසයක් නැහැ. හිනාවට කාරණාව නම් ඔවුන් බුදුරජාණන්වහන්සේ ගැන සාධක විදිහට ඉදිරිපත් කරන්නේ අපේ මහා වංශයේ තියෙන දේවල්. නමුත් මේ තත්වය තව වැඩි කල් තියෙන එකක් නැහැ. එතකම් ලංකාවේ සිංහල බෞද්ධයන්ට තියෙන්නේ ව්‍යාජ ලෙසින් දඹදිව වන්දනා ගිහින් රටේ විදේශ විනිමය අල්ලපු රටවල් වලට ගලා යන එක නවත්තලා ලංකාවේ සැබෑ ඉතිහාසය ඉස්මතු කරන්න වෙහෙසන පිරිසට සහයෝගය දෙන එක...

:       220       1

sarath Thursday, 13 August 2020 08:51 AM

සත්‍ය නම් බුදුන් ඉන්දියාවේ උපන් බවයි. දැන් ලුම්බිණිය නේපාලයට අයත් කොට දේශසීමා සකසන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජයා විසිනි. එ් අනාගතය ගිනි අැවිලීමටය. දැන් එය සිදුවෙයි.

:       1       55

JAYASEKARAThursday, 13 August 2020 11:32 AM

අදහසට ගරු කරමි... එය සත්‍යයක්...

:       1       8

Lal Thursday, 13 August 2020 09:30 AM

ඇයි මෙහේ සමහරක් කියන්නේ ලංකාවේ ඉපදුණා කියලා.. බස්වලත් ස්ටිකර් ගහගෙන යන්නේ බුදුන් උපන් දේශයයි කියලා.

:       33       137

NuwanThursday, 13 August 2020 10:04 AM

වැඩිය කලබල වෙන්න එපා කාත්තන්කුඩි පැත්තේ තියෙන බස් දුවන්නේ අල්ලා දේව බලයෙන් කියලා ස්ටිකර් ගහගෙන යන්නේ...

:       0       16

AnoThursday, 13 August 2020 12:52 PM

කාත්තන්කුඩියේ විතරක්ම නෙවේ නේද?

:       0       0

liyanage Thursday, 13 August 2020 10:03 AM

සමහරක් නොදන්නවා වුණාට බුදුන් ඉපදී ඇත්තේ ජම්බුද්වීපයේ බවට මේ වනවිට සනාථ වී ඇත..

:       2       0

සුධීර Thursday, 13 August 2020 11:52 AM

උන්වහ්සේ ඉපදුනේ දඔදිව (භාරතයේ) මිසක් ඉන්දියාවේ හෝ නේපාලයේ නොවේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 18 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 44 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 175 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 775 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1153 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 948 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site