IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බෞද්ධාගමට මුල්තැන දෙන බවට ලියවිල්ලක් සජිත්ගෙන් මහනාහිමිවරුන්ට

(චමිල් රූපසිංහ)

ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය එලෙසින්ම ආරක්ෂා කිරීමට කැපවෙන බවට තෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දීමට සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබෙන අතර එම ලියවිල්ල ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබූහ.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් අද  (12) මල්වතු මහ විහාරයට ගොස් එම ලිඛිත පොරොන්දුව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබුණු අතර අමාත්‍යවරයා මල්වතු පාර්ශිවයේ අනුනායක හිමිවරු වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හා දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිවරුද මේ සම්බන්ධව දැනුවත් කිරීමට පියවර ගත්හ.

ශ්‍රී ලංකාවේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 16 වන පිටුවේ සඳහන්ව තිබෙන බවත් ඒ සම්බුද්ධ ශාසනයට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය හා ආරක්ෂාව සම්බන්ධව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 63 වන පිටුවේ පැහැදිලිව දක්වා තිබෙන බවත් අමාත්‍යවරයා මහානායක හිමි හමුවේ පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙවර ජනපතිවරණය නිමිත්තෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී මේ බව පැහැදිලිව දක්වා තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරේ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් සිටින බවත් මේ නිසා තමන් රටේ ඒකීය භාවයත් බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයත් ආරක්ෂා කිරීමට සෑම විටම කටයුතු කරන බවත් මහනාහිමිවරුන්ට සපථ කර සිටීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත් බවත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීය.

 

 



අදහස් (24)

බෞද්ධාගමට මුල්තැන දෙන බවට ලියවිල්ලක් සජිත්ගෙන් මහනාහිමිවරුන්ට

Thilina Tuesday, 12 November 2019 04:22 PM

අන්තිම මොහොතේද හාමුදුරුවන් මතක් වුනේ. ඉතිහාසයේ සංඝයා වහන්සේලට වැඩියෙන්ම හිරිහැර වුනු යුගය විදිහට පහුගිය අවුරුදු 4 ඉතිහාසගත වෙනවා. එතකොට කොහෙද ඔය බෞද්ධ කියන සජිත් හිටියේ ?

:       5281       3040

Kalu Tuesday, 12 November 2019 04:36 PM

සතවර්ෂයේ ලොකුම විහිලුව !

:       2303       2272

Chamil Tuesday, 12 November 2019 05:47 PM

උත්සාහය නම් හොඳයි. ඒත් ඕක බොරුවක් කියන එක රටම දන්නවනෙ.

:       1624       2066

පැතුම් Tuesday, 12 November 2019 11:05 PM

ටෙලි නාට්‍ය සංදර්ශන කවදද ඉවර වෙන්නෙ?

:       1174       908

Bandara Wednesday, 13 November 2019 12:52 AM

දැන් අලුත්ම එක දිවුරුම් පෙත්සම්

:       1056       307

chinthaka Wednesday, 13 November 2019 12:57 AM

මෙතුමාලා මේ හිතන් ඉන්නේ මේ රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියලද? මෙච්චර කාලයක් ආණ්ඩු කරානේ? ඉතින් ඒ අවුරුදු පහ ඇතුලේ දෙන්න තිබුනනේ ඔය ලියවිල්ල? දැන් මේ පත්තුවෙලා කරන බොරුව මොකක්ද?

:       3080       1970

Missaka Wednesday, 13 November 2019 01:46 AM

හදීසියේම බෞද්ධාගම ගැන මතක් වෙලා! පහුගිය අවුරුදු 4 1/2 මේ රටට කරපු විනාසේ මදිවට තව බොරු කරන්න අවස්තාවක් ඉල්ලනවා!

:       1310       2013

හිමායා ගුනවර්දන Wednesday, 13 November 2019 01:52 AM

එක් ඇමතිවරයෙක් කිව්වා ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවේ කියලා. ඒ දවස්වල මේ උපාසක මහත්වරුන් හිටියෙ කොහෙද.

:       2377       1517

චමින්ද Wednesday, 13 November 2019 02:21 AM

චම්පික මහත්තයෝ ඔයා ඔයාගේ පපුවට තට්ටු කරලා බලන්න ඔයාලා අර සෝම හාමුදුරුවන්ට පිංසිදුවන්නට පාර්ලිමේන්තු ගිහින් බුද්ධාගම වෙනුවෙන් පෙනී හිටියද කියලා. බොරු රගපෑම් දැන්වත් නවත්වන්න.

:       882       971

mpWednesday, 13 November 2019 05:38 AM

හරියටම හරි. ඔබතුමාට ඒ ඉතිහාසය මතක තිබීම ගැන පින් දෙනවා. මේගොල්ලෝ සෝම හාමුදුරුවෝ නිසා තමයි මේ පාර්ලිමේන්තුවට රිංග ගත්තේ. අවුරුදු 4 1/2 සිංහල බෞද්ධයන්ට කරන්න තියෙන ජඩ වැඩ ඔක්කොම කරලා දැන් එනව හාමුදුරුවන්ට කතා කරන්න. ඇයි අර බදු ඇමතිව එව්වේ නැත්තේ? එයානේ කිව්වේ මේක බෞද්ධ රටක් නෙවේ කියලා.

:       86       920

siri Wednesday, 13 November 2019 03:20 AM

චරිතවත් පුද්ගලයෙක් ඕන ඔයවගේ දුත මෙහෙවරකට.

:       57       359

chandi Wednesday, 13 November 2019 03:28 AM

බොහොම පරක්කු වැඩියි.

:       820       113

ලුම්බිණි Wednesday, 13 November 2019 04:04 AM

සම්බුද්ධ ශාසනයට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛස්ථානයක් දීල තිබෙනවා නම්, ඒ බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 63 වන පිටුවේ පැහැදිලිව දක්වා තිබෙනවා නම් තවත් මොනවද ගිහිල්ල කියන්නේ?

:       9       155

Suranjith Wednesday, 13 November 2019 04:19 AM

සජිත් තරම් බුදු ධහමට සේවය කල පාලකයෙක් හෝ ඇමතිවරයෙක් ගිය අවුරුරු 71 ම හිටියේ නැත සබැ සත්ත්‍ය එයයි .

:       333       1171

RamaniWednesday, 13 November 2019 07:29 AM

කරපු දේ කියමුකෝ. අර ගුරුකන්දේ විහාරයට මොකද කරන්නේ. එයා තරම් බුද්ධාගමට හිරිහැරවෙනකොට කටවහගෙන හැංගුණු කෙනෙක් තවත් නැහැ. පාස්කු ප්‍රහාරය ගැනත් එච්චරයි.

:       2       179

යාපාWednesday, 13 November 2019 08:04 AM

සුරංජිත්, ඔබ වැනි වහලුන් තවමත් ඉන්නවද ඇත්තටම ? නිදන් ටිකට විදලා, ඒවායින් සුරසැප විදින්නේ කවුද කියලනම් රටම දන්නවා. හාමුදුරුවොන්ට අපහාස කරන අය නේද සජිත්ව රජකරවන්න හදන්නේ? සාසනේ ඉවරටම ඉවරයි ඔය මොලයක් නැති කෙනෙක් ජනාධිපති උනොත්නම්.

:       179       140

RaveendraWednesday, 13 November 2019 09:43 AM

අපට කිසිදු පක්ෂයක් වැදගත් නැත. නමුත් සුරංජිත් මල්ලියේ ඔයා පව්. ඔබ මේ තක්කඩි 225 ගැන දන්නේ කුමක්ද යන්න ඔබගේ අදහස් වලින්ම වටහා ගත හැක. අප ඔබ වැන්නන් ගැන අවංකවම කණගාටු වන්නෙමු.

:       3       11

rangana Wednesday, 13 November 2019 04:23 AM

දැනුයි මතක් වෙලා තියෙන්නේ මේ කට්ටියට මේවා ගැන. අනුකම්පා කරමු නේ....

:       73       275

nimaza Wednesday, 13 November 2019 06:48 AM

අනේ හාමුදුරුවනේ බොහෝම ප්‍රවේශමෙන් කියවලා දායක දායිකාවන්ට උපදෙස් දෙන්න. 1977 දී JR ජයවර්ධන මහතාගේ ˜ධර්ම්ෂ්ඨ සමාජ˜ සංකල්පය පෙන්නලා මැකියාවේලිගේ කුමාරයාගෙ “Just society” හදලා කරපු විනාශය අති මහත් ය. 2014 දී මෛත්‍රී පාලනයක් සඳහා වූ වෙනස” නමින් කරන්නට ගියේ “A Compassionate , Governance A Stable Country” යන්න ය. එය ජෝර්ජ ආර් බුෂ්ගේ 2000 මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කරගත් Compassionate conservatism නම් මතවාදය ය. අවසාන මොහොතේ පවා ඇමරිකන් ගිවිසුම මගින් කරන්න ගොස් ඇත්තේ ද එම ප්‍රතිපත්තියයි. මෙම ප්‍රකාශණය ද සීමාවක් නැති ඉදිරි ගමණක් සදහා එක්ව ඉදිරියට යන්නට ජනතාවට ආරාධනා කරයි. ඉතා ප්‍රවේශමෙන් තේරුම් ගනු ලබත්වා.

:       36       214

සෙන්දේ Wednesday, 13 November 2019 07:12 AM

11/11/2019 විකාශය වුන මහේෂ් සේනානායකගේ සිරස සටන වැඩසටහන බැලුවානම් මේ රටේ මිනිසුන්ට තේරෙයි අපිට අවශ්‍යදේ. මිනිස්සුන්ව බෙදන්න පුළුවන් හැම විදියටම දේශපාලුවෝ බෙදපු විදිය හොදටම පැහැදිලි උනා ඒ වැඩසටහනින්. මහේෂ් සේනානායක වගේ නායකයෙක්ගේ අවශ්‍යතාවය තදින්ම රටට අවශ්‍යය මොහොතක් මේ.

:       64       22

Ramani Wednesday, 13 November 2019 07:26 AM

2003 වසරේදී කොටින් විසින් ශ්‍රී ලංකා හමුදා සෙබළුන් යාපනය සහ ත්‍රිකුණාමලය අතර ප්‍රවාහනය කළ ලංකා මුදිත නැවට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ එවකට පැවැති යු.එන්.පී රජය එය සුළුකොට සලකා මග හැරපු හැටි අද මේ මොහොතේත් රජය මගින් පළකර අන්තර්ජාල පුවත්වල තිබෙනවා. එහෙම ජාතික ආරක්ෂාව සහ බුද්ධාගම නොසලකා හැරපු ආණ්ඩුවක සජිතුත් හිටියා. ඒ කාලයේ අගමැති රනිල් තමයි ආපහු සජිත් යටතේ තමුන් අගමැතිවෙන බව කියන්නේ. හාමුදුරුවරු සහ ඡන්දදායකයන් ඔය ලණු ගිලිනවාද?

:       100       220

suddaThursday, 14 November 2019 05:40 AM

ඩිස්ලයික් දාපු අය කියන්නේ අපේ රටේ නැවකට කොටි ගහපු එක සුලුදෙයක් කියලද, එහෙම වුනේ නැහැ කියලද, එහෙම වුනාට කමක් නැහැ කියලද, එහෙමත් නැත්නම් පරණ දේ අවුස්සලා කට්ටියගේ කෙරුවාවල් එලියට දාන එක වැරදියි කියලද? අනිත් කාරණය තමයි ඩිස්ලයික් දාල තියෙන්නේ බොහොම ඉක්මනට කඩිමුඩියේ. ගූගල් ලූන්ගේ වැඩක්ද?

:       0       0

යාපා Wednesday, 13 November 2019 08:08 AM

ඔබලා වැනි ජනතාව රවටන නායකයන් මේ රටට පාපයකි.

:       128       102

Bamunuarachchi Thursday, 14 November 2019 08:06 AM

ඊට පසු සමතැන් දීමේ ප්‍රතිපත්තිය උඩ බුද්දාගමට තිබෙන තැන අනික් ආගම් වලට දෙනවා. එතකොට අන්‍ය ආගම් වලින් ප්‍රශ්න නැහැනේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 351 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 235 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 547 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 89 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 17 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 71 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site