පවතින දේශපාලන තත්ත්වය හේතු කරගනිමින් හෙට (29) සිට ආහාර කිහිපයක මිල ගණන් පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබේ.
ඒ අනුව බත් සහ කොත්තු යන ආහාර වල මිල රුපියල් 10 යකින් පහළ දැමීමට තීරණය කර ඇති අතර ප්ලේන්ටියක මිල රුපියල් 05 කින් අඩුවනු ඇති බව සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
පිළිබඳව අදහස් දක්වන අසේල සම්පත් මහතා මෙලෙස පැවසීය.
"දැන් අපිට බලාපොරොත්තු සහගත වාතාවරණයක් උදා වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ තීන්දු සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම පිළිබඳ පූර්ණ විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ තීරණයත් ගත්තේ බලාපොරොත්තු දැල්වීමක් විදිහටයි.‘
ඊට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බද්ද අඩු කළ යුතු බවත් අහාර මිල පාලනය කර ජනතාවට වැඩි ප්රතිලාභ ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
(36698)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බත්-කොත්තු-ප්ලේන්ටි මිල පහළට
sandy Sunday, 28 October 2018 07:49 AM
ඒ කියන්නේ මේ කට්ටිය දේශපාලන කුමන්ත්‍රණ කරුවෝ කියලා නේද? වංචාකාරී අවස්ථාවාදියෝ.....
ප්‍රියාන් Sunday, 28 October 2018 07:54 AM
කොහොමද උන්ගේ මාෆියාව ? මොනවා අඩු වෙලාද ගාන අඩු කලේ ? මෙච්චර කල් එතකොට අපිව ගසා කාලද? සීනි කිලෝව 5කින් වැඩිවුනාම තේ කෝප්පේ 5කින් වැඩි කරනවා. පිටි කිලෝව 5කින් වැඩිවුනාම බනිස් එක 5කින් වැඩි කරනවා. දැන් තේරෙනවා නේද කාට සපෝර්ට් එකටද ඒවා වැඩි කරලා අපිව ගසා කෑවේ කියලා.
BamunuarachchiMonday, 29 October 2018 06:53 AM
ඒ අයගේ මාෆියාව නවත්වාගන්න රනිල්ට බැහැනේ. ඉතින් මොන දෙයක්ද රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්නේ...?
de silva Sunday, 28 October 2018 07:57 AM
බලාගෙන ඉන්න අඩු කරාවි මෙන්න කියලා...
iranga Sunday, 28 October 2018 08:01 AM
ඒ කියන්නේ මේවා කරන්නේ කව්ද කියල දැන් තමයි තේරෙන්නේ. වර්ජන කර කර රට අගාදයට දැම්මේ කව්ද එතකොට.............
rocky Sunday, 28 October 2018 08:11 AM
මේ මිනිසුන්ට මේවා අඩු මිලට දෙන්න පුළුවන් කම තියෙද්දී මෙච්චකල් වැඩි මිලට දීල තියෙන්නේ එහෙම නම් ආණ්ඩුවත් එක්ක තියෙන තරහටනේ? ඉදිරි දවස් කීපය තුළ ජනතාවට ලාබෙට පෝර ගිල්ලවලා ඊට පස්සේ ඒවත් අල්ලලා ආයෙත් ගණන් වැඩි කරනවා ෂුවර්! කැන්ටීන් වලින් කන්නේ දේශ පාලුවෝ නොවෙයි .. දුප්පත් ජනතාව. එහෙම නම් ආණ්ඩු එක්ක තියන තරහට පලි ගන්නේ අපෙන්!
saman Sunday, 28 October 2018 08:20 AM
බොහොම හොඳයි ඔහොම යං
d.upul Sunday, 28 October 2018 08:26 AM
අනේ මේ සැරේ ආප්ප වලට තැනක් නැහැ වගේ.
Perera Sunday, 28 October 2018 08:34 AM
පෙනේද ලාබෙට දෙන්න පුලුවන්කොට දෙන්නේ නැතුව ඉඳන් ජනතාව හූරන් කන හැටි. ජනතාවට ආදරේ මුදලාලිලා ටික.
රවින් Sunday, 28 October 2018 09:12 AM
අනික් විදියට කියනවානම් මෙතෙක් දවස් මෙම සංගමයේ සාමාජිකයින් ටික බොරු ගොත ගොතා ආපන ශාලා භාවිතා කරන්නන් සූරා කෑවා කියලා පිලිගත්ත එකනේ. පාරිභෝගික අධිකාරිය මෙම පාපොච්චාරණය ගැන විශේෂ පරීක්ෂණයක් තියලා නිසි දඬුවම් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ajith Sunday, 28 October 2018 09:17 AM
මේ අය මෙච්චර කාලයක් තිස්සේ අසාධාරණ වෙළඳාමක් නේද කරලා තියෙන්නේ? හෙනම ගහන්න ඕනේ. මොකා ආණ්ඩු කළත් කරලා තියෙන්නේ රජය අප්‍රසාදයට පත් කරන එක බව දැනුයි පේන්නේ...
ashan Sunday, 28 October 2018 09:19 AM
බලාගෙන ගියාම මේ අය බඩු වැඩි කරලා තියෙන්නෙත් දෙශපාලනයට අනුව... ලංකාවේ වහල් මානසිකත්වය කොච්චර පහත්ද?
kap Sunday, 28 October 2018 09:41 AM
මේ වගේ අය ත්රස්තවාදීන්ට වඩා අන්තයි. තමන්ගේම ජනතාව විනාශයට අද දමන පිරිසක්....
sam Sunday, 28 October 2018 10:11 AM
ඉල්ලං කනවා කියන්නේ මේවගේ දේවලටයි...
isurandi Sunday, 28 October 2018 10:33 AM
ඉල පනිනවා හිනාකාල.
Daham Sunday, 28 October 2018 10:49 AM
මෙයාලට බැරිවුනාද ඕක ගිය මාසේ කරන්න. මහින්ද, රනිල් නෙවෙයි,.. හිටං තමයි අපි ඔක්කොමලාව හූරගෙන කෑවේ. දැන් මේ අඩු කරන්නේ අපිට තියෙන ආදරේ නිසානේ... අනේ මගේ කට, වෙන මොකටද?
Dhammika Sunday, 28 October 2018 10:50 AM
අරක්කු මිලත් අඩු කරානම් මහින්දගේ පාක්ෂිකයින් ටික අඩු වියදමකින් කොළඹ ගෙන්නන්න තිබුණා.
Sanath Sunday, 28 October 2018 10:50 AM
බළලා මල්ලෙන් එළියට... මිල අඩුකළ හැකිව තිබියදීත් මිනිස්සුන්ව ගසා කාලා.. මහින්දගෙ ඕඩර...
Asanka Sunday, 28 October 2018 10:51 AM
එතකොට මෙච්චරකල් බඩුමිල ඉහළ යවලා තියෙන්නේ කඩ කාරයො ටික... මහින්ද අප්පොච්චා නැති දුකටනේ බොලව්... තව ටික දොහකින් ඇතිපදන් චයිනීස් කනකොට තමා අපේ කොත්තු අයියලට තරුපේන්නේ කමක්නැහැ. ඔන්න ඔහෙ ආයුබොවන්ට රනිල් යවලනේ... තේජවන්ත පොරක්නේ දැන් අගමැති, ගැහැණුන්ට පෙරේත නැති, සුරාව සූදුව පෙන්නන්ට බැරි, උගත්, කට්ට කෛරාටික නැති, බල ලෝභය ගෑවිලාවත් නැති, බුදු දහම ඇඟපුරා බේරෙන... රත්තරන් අගමැති ...
Nuwan Sunday, 28 October 2018 10:51 AM
මිනිස්සු බත් කන්න පටන් ගත්තේ අද ඉඳලාද ආයුබොවන්ඩ?
benat Sunday, 28 October 2018 11:02 AM
හරි නම් මාසෙකටවත් ආප්ප නිකන් දෙන්න ඕනෑ යුතුකමක් විදියට...