IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බත්-කොත්තු-ප්ලේන්ටි මිල පහළට

පවතින දේශපාලන තත්ත්වය හේතු කරගනිමින්  හෙට (29) සිට ආහාර කිහිපයක මිල ගණන් පහළ දැමීමට  සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබේ.

 ඒ අනුව බත් සහ කොත්තු  යන ආහාර වල මිල  රුපියල් 10 යකින්  පහළ දැමීමට තීරණය කර ඇති අතර ප්ලේන්ටියක මිල  රුපියල් 05 කින් අඩුවනු ඇති බව  සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.


පිළිබඳව අදහස් දක්වන අසේල සම්පත් මහතා මෙලෙස පැවසීය.  


"දැන් අපිට බලාපොරොත්තු සහගත වාතාවරණයක් උදා වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ තීන්දු සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම පිළිබඳ පූර්ණ විශ්වාසයක් අපිට තියෙනවා.  අපි මේ තීරණයත් ගත්තේ බලාපොරොත්තු දැල්වීමක් විදිහටයි.‘ 


ඊට අමතරව අත්‍යවශ්‍ය  ආහාර ද්‍රව්‍ය  බද්ද අඩු කළ යුතු බවත්  අහාර මිල පාලනය කර  ජනතාවට  වැඩි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.


(36698)

 



අදහස් (21)

බත්-කොත්තු-ප්ලේන්ටි මිල පහළට

sandy Sunday, 28 October 2018 07:49 AM

ඒ කියන්නේ මේ කට්ටිය දේශපාලන කුමන්ත්‍රණ කරුවෝ කියලා නේද? වංචාකාරී අවස්ථාවාදියෝ.....

:       18       169

ප්‍රියාන් Sunday, 28 October 2018 07:54 AM

කොහොමද උන්ගේ මාෆියාව ? මොනවා අඩු වෙලාද ගාන අඩු කලේ ? මෙච්චර කල් එතකොට අපිව ගසා කාලද? සීනි කිලෝව 5කින් වැඩිවුනාම තේ කෝප්පේ 5කින් වැඩි කරනවා. පිටි කිලෝව 5කින් වැඩිවුනාම බනිස් එක 5කින් වැඩි කරනවා. දැන් තේරෙනවා නේද කාට සපෝර්ට් එකටද ඒවා වැඩි කරලා අපිව ගසා කෑවේ කියලා.

:       14       223

BamunuarachchiMonday, 29 October 2018 06:53 AM

ඒ අයගේ මාෆියාව නවත්වාගන්න රනිල්ට බැහැනේ. ඉතින් මොන දෙයක්ද රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්නේ...?

:       0       5

de silva Sunday, 28 October 2018 07:57 AM

බලාගෙන ඉන්න අඩු කරාවි මෙන්න කියලා...

:       1       70

iranga Sunday, 28 October 2018 08:01 AM

ඒ කියන්නේ මේවා කරන්නේ කව්ද කියල දැන් තමයි තේරෙන්නේ. වර්ජන කර කර රට අගාදයට දැම්මේ කව්ද එතකොට.............

:       2       285

rocky Sunday, 28 October 2018 08:11 AM

මේ මිනිසුන්ට මේවා අඩු මිලට දෙන්න පුළුවන් කම තියෙද්දී මෙච්චකල් වැඩි මිලට දීල තියෙන්නේ එහෙම නම් ආණ්ඩුවත් එක්ක තියෙන තරහටනේ? ඉදිරි දවස් කීපය තුළ ජනතාවට ලාබෙට පෝර ගිල්ලවලා ඊට පස්සේ ඒවත් අල්ලලා ආයෙත් ගණන් වැඩි කරනවා ෂුවර්! කැන්ටීන් වලින් කන්නේ දේශ පාලුවෝ නොවෙයි .. දුප්පත් ජනතාව. එහෙම නම් ආණ්ඩු එක්ක තියන තරහට පලි ගන්නේ අපෙන්!

:       0       472

saman Sunday, 28 October 2018 08:20 AM

බොහොම හොඳයි ඔහොම යං

:       73       19

d.upul Sunday, 28 October 2018 08:26 AM

අනේ මේ සැරේ ආප්ප වලට තැනක් නැහැ වගේ.

:       0       78

Perera Sunday, 28 October 2018 08:34 AM

පෙනේද ලාබෙට දෙන්න පුලුවන්කොට දෙන්නේ නැතුව ඉඳන් ජනතාව හූරන් කන හැටි. ජනතාවට ආදරේ මුදලාලිලා ටික.

:       0       210

රවින් Sunday, 28 October 2018 09:12 AM

අනික් විදියට කියනවානම් මෙතෙක් දවස් මෙම සංගමයේ සාමාජිකයින් ටික බොරු ගොත ගොතා ආපන ශාලා භාවිතා කරන්නන් සූරා කෑවා කියලා පිලිගත්ත එකනේ. පාරිභෝගික අධිකාරිය මෙම පාපොච්චාරණය ගැන විශේෂ පරීක්ෂණයක් තියලා නිසි දඬුවම් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

:       0       200

ajith Sunday, 28 October 2018 09:17 AM

මේ අය මෙච්චර කාලයක් තිස්සේ අසාධාරණ වෙළඳාමක් නේද කරලා තියෙන්නේ? හෙනම ගහන්න ඕනේ. මොකා ආණ්ඩු කළත් කරලා තියෙන්නේ රජය අප්‍රසාදයට පත් කරන එක බව දැනුයි පේන්නේ...

:       0       201

ashan Sunday, 28 October 2018 09:19 AM

බලාගෙන ගියාම මේ අය බඩු වැඩි කරලා තියෙන්නෙත් දෙශපාලනයට අනුව... ලංකාවේ වහල් මානසිකත්වය කොච්චර පහත්ද?

:       0       211

kap Sunday, 28 October 2018 09:41 AM

මේ වගේ අය ත්‍රස්තවාදීන්ට වඩා අන්තයි. තමන්ගේම ජනතාව විනාශයට අද දමන පිරිසක්....

:       0       148

sam Sunday, 28 October 2018 10:11 AM

ඉල්ලං කනවා කියන්නේ මේවගේ දේවලටයි...

:       0       83

isurandi Sunday, 28 October 2018 10:33 AM

ඉල පනිනවා හිනාකාල.

:       0       65

Daham Sunday, 28 October 2018 10:49 AM

මෙයාලට බැරිවුනාද ඕක ගිය මාසේ කරන්න. මහින්ද, රනිල් නෙවෙයි,.. හිටං තමයි අපි ඔක්කොමලාව හූරගෙන කෑවේ. දැන් මේ අඩු කරන්නේ අපිට තියෙන ආදරේ නිසානේ... අනේ මගේ කට, වෙන මොකටද?

:       0       90

Dhammika Sunday, 28 October 2018 10:50 AM

අරක්කු මිලත් අඩු කරානම් මහින්දගේ පාක්ෂිකයින් ටික අඩු වියදමකින් කොළඹ ගෙන්නන්න තිබුණා.

:       0       106

Sanath Sunday, 28 October 2018 10:50 AM

බළලා මල්ලෙන් එළියට... මිල අඩුකළ හැකිව තිබියදීත් මිනිස්සුන්ව ගසා කාලා.. මහින්දගෙ ඕඩර...

:       0       106

Asanka Sunday, 28 October 2018 10:51 AM

එතකොට මෙච්චරකල් බඩුමිල ඉහළ යවලා තියෙන්නේ කඩ කාරයො ටික... මහින්ද අප්පොච්චා නැති දුකටනේ බොලව්... තව ටික දොහකින් ඇතිපදන් චයිනීස් කනකොට තමා අපේ කොත්තු අයියලට තරුපේන්නේ කමක්නැහැ. ඔන්න ඔහෙ ආයුබොවන්ට රනිල් යවලනේ... තේජවන්ත පොරක්නේ දැන් අගමැති, ගැහැණුන්ට පෙරේත නැති, සුරාව සූදුව පෙන්නන්ට බැරි, උගත්, කට්ට කෛරාටික නැති, බල ලෝභය ගෑවිලාවත් නැති, බුදු දහම ඇඟපුරා බේරෙන... රත්තරන් අගමැති ...

:       0       226

Nuwan Sunday, 28 October 2018 10:51 AM

මිනිස්සු බත් කන්න පටන් ගත්තේ අද ඉඳලාද ආයුබොවන්ඩ?

:       0       24

benat Sunday, 28 October 2018 11:02 AM

හරි නම් මාසෙකටවත් ආප්ප නිකන් දෙන්න ඕනෑ යුතුකමක් විදියට...

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 165 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 201 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 221 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 500 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 432 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1809 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site