(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් තිබූ බිඩි කොළ කිලෝ 1050 කට ආසන්න තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ මාරවිල මුහුදුකටුව මුහුදු තිරයෙදී අද (15) පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිට නීතිවිරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා දෙකකින් රැගෙන විත් මුහුදුකටුව වෙරළ තිරයේ දී ලොරි රථයටකට අදාළ බීඩි කොළ තොගය පැටවීමට සුදානම්වන අවස්ථාවේදීය.
ධීවර යාත්‍රා දෙකකින් රැගෙන විත් තිබු මෙම බීඩි කොළ තොගය උර 34 ක අසුරා තිබු බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 54 ඉක්මවන බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අදාළ බීඩි කොළ තොගය හා සැකකරුවන් ද බීඩි කොළ ප්‍රවාහනයට යොදා ගැනීමට සුදානම් කර තිබු ලොරි රථය ද ශ්‍රී ලංකා රේගුවට බාරදිමට කටයුතු කරන බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්
එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බීඩි කොල කිලෝ 1000 ක් අත්අඩංගුවට