IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් අද (26) ගොවීන්ට දැනුම් දි තිබේ.

බඩ ඉරිඟු වගාවන්හි ඉතා සීඝ්‍ර යෙන් පැතිර යන "සේනා දළඹු" විශේෂය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට බඩ ඉරිඟු වගාව හැරුණු විට ⁣බෝග කිහිපයකටම සේනා දළඹු හානිය සිදු වි ඇති අතර මෙම දළඹුවා මර්ධනය කිරිම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත කෘෂි නිලධාරින් ඇතුළු අදාල අංශ පියවර ගෙන ඇත.


(36698)



අදහස් (8)

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

lanka Saturday, 26 January 2019 01:32 PM

මේ දළඹුවා වඩාත්ම කැමති බඩ ඉරිඟු වගාවට නිසා, මා සිතන්නේ බඩ ඉරිඟු යම් ප්‍රමාණයක් වගා කොට, දළඹුවා ඊට ආකර්ෂණය කොට වගාවත් සමගම විනාශ කර දැමිය හැකි බවයි. බඩ ඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම නවතා දැමුවොත්, මේ දළඹුවා පාලනය කල නොහැකි ආකාරයට වෙනත් ශාකවලට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතිවිය හැක.

:       48       72

du Saturday, 26 January 2019 01:54 PM

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් 2018 මැයි මාසේ සේනා දළඹුවගේ හානිය හා එය ලෝක ආහාර නිෂ්පාදනයට තර්ජනයක් සේ සලකා 5 අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කර මුළු ලෝකෙටම පෙර අවදානම් තත්ත්වය ගැන පූර්ව දැනුම්දීමක් කර තිබෙනවා.. ඒ ගැන අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නොදන්නේද? ආචාර්ය මහාචාර්යවරු බැලුවොත් ඉන්නේ මේ සංවිධානය ඇතුලේ. තමන්ගේ රාජකාරි වගකීම පැහැර හරි සියලු දෙන්නාට විරුද්ධව නිසි පියවර ගන්න. අහිංසක ගොවි ජීවිතත් එක්ක ඔට්ටු අල්ලනවා ඔවුන්... මේ තරම් රසායනික යොදපු ආහාර කවුද කන්නේ ...?

:       1       77

chandimaSunday, 27 January 2019 03:29 AM

මොන මහාචාර්යවරු උන්නත් අර හරක් රැළට ඕන විදියටනේ සේරම කෙරෙන්න. ඉතින් මහාචාර්යවරු තමන්ගේ ජාම බේරාගෙන මාසේ පඩිය අරන් ඔහේ ඉන්නවා. වැඩි වැඩ කරන්න ගියොත් රස්සාවත් නැතුව ගෙදර යන්න වෙන නිසා.

:       0       5

duSunday, 27 January 2019 11:25 AM

මේ සිද්ධිය මම නම් මුලින්ම දැක්කේ මේ පුවත් සේවයෙන්ම ඔක්තෝබර් 2. එ්ත් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුනේ නොවැම්බර් මාසේ. මේ පණුවන් ගැන 1920 කියන්න කියලා ඒ වාර්තාවේ තිබුණා. අම්පාරෙන් වාර්තා වුනේ සත්ව විද්‍යාත්මක නම දාලා තිබුණු නිසා ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවම අප්‍රිකානු රටවලට විනයක් කියලා විස්තර පින්තුර හා ජීවන චක්‍රය ගැන පවා තිබුණා. අවාසනාවට ලංකාවේ දේශපාලකයෝ ගහ මරාගත්ත නිසා හැමෝගෙම අවධානය තිබුනේ එතැන. නමුත් අදාළ අංශ මේ ගැන වගකීමෙන් ක්‍රියාකළේ නැහැ කිව්වේ ඒ නිසයි. ගොවීන් වගාවේ පැල රැකබලා ගන්නේ දරුවෝ වගේ. .. කාගෙන්වත් යැපෙන්න අකමැති නිසයි ඔවුන් ගොවිතැන් කරන්නේ. මේ ආකාරයෙන් වගා විනාශ කරන්න වුනේ හානියේ දරුණුකම අනුව පිළියම් වේගවත් වුනේ නැති නිසා. මේ විනාශ කරන්නේ අස්වැන්න පමණක් නොවේ. ගොවියාගේ ආත්ම විශ්වාසය හා වගාව කෙරේ ඇති විශ්වාසයයි.

:       0       0

td Saturday, 26 January 2019 04:30 PM

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස් දීමට කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ඉතාම කාලෝචිතය සහ නිසි වෙලාවට ගත තීරණය අගය කලයුතුවෙමු. සෑම දලබුවන්ම සේනා දලබුවන් නොවන බව ගොවියන්ට දැනුම් දී ඇති බවත් කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියතිබේ."මේ විශේෂිත සේනා දලබුවා"හැර ලංකාවතුල " tropical country " සමනලයන් බෝ කරන විවිද වර්ගවල දළඹු වර්ගයන් අතිවිශාල වසයෙන් සිටි. අනෙක් දලබුවන් සිටින්නේ මල් වගාවන් එළවලු වගාවන් වල පමණි.

:       3       2

chandima Saturday, 26 January 2019 07:48 PM

එතකොට අර පාර්ලිමේන්තු විවාදේ?

:       0       7

ධනුෂ්ක Sunday, 27 January 2019 02:39 AM

එ්ක තමයි මේ වෙලාවේ තියන හොඳම දේ. මොකද බඩඉරිඟු වගාවට අනික් බෝග වලට මෙන් කෘමිනාශක යෙදීමත් දුෂ්කරයි. අමාරුවෙන් හෝ යෙදුවත්. බඩඉරිඟු කරල අැතුලේ සහ ගසේ නොමේරු කොටස් අැතුලට ගිය දළඹුවන් විනාශ නොවේ. එසේ නම් මුලු ගසම ගිනි තැබිය යුතුයි. ගිනි තියන්න වගා කරනවට වඩා වගා නොකරන එක හොඳයි. අනික් බෝග වලනම් මෙම දළඹුවා විනාශ කිරීම ටිකක් පහසුයි. මේ දළඹුවා විනාශ නොකලොත් මේ රටේ, මිනස්සුන්ට ඉතිරිවෙලා තියන ටිකත් ඉවරයි.

:       0       16

ධනුෂ්ක Sunday, 27 January 2019 02:49 AM

මේ ලෝකේ පුදුමාකාරයි. කෝටි ගනනින් අනික් හැම සතෙකුටම ස්වභාවික පරිසරය තුල යැපෙමින් ජීවත් විය හැක. හැබැයි මිනිසා නැමැති සත්වයා වවාගෙන කාලා ජීවත් විය යුතුයි. එතනදිත් වවාගෙන කන දේවලටත් ජලය, පොහොර, කෘමි උවදුරු අාදි දහසක් ගැටළු. මානා ඉලුක් වැනි ශාක මුඩු බිම්වල උනත් ඉතා සරුවට වැවෙනවා. හැබැයි ගොයම් ගහක් හැදෙන්න කෙතරම් සාධක බලපානවද? ලෝකේ ඉස්තරම්ම දේ හොඳම දේ. අමාරුවෙන්ම වවා ගන්නා දේ අාහාරයට ගන්නේ මිනිසා. අනික් සතුන් අතරින් මිනිසා වඩාත් දියුනු සත්වයෙක් වුනෙත් එ් නිසා වෙන්නැති.

:       1       11

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1559 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 615 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1010 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 966 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 370 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 554 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site