IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බැංකොක් සිට ආ ගුවන් යානයක් හදිසියේ මත්තලට

(ටී.කේ.ජී.කපිල )
 
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට  අද(24) දින සවස් කාළයේ ඇති වී තිබූ අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා , තායිලන්තයේ බැංකොක් නුවර සිට ගොඩ බැසීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

 
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානය අද සවස 5.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණියත් , ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති වැසි සහිත කාළගුණික තත්ත්වය නිසා , එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ අතර , එය එම ගුවන් තොටුපොළේ සවස 5.40 ට ගොඩ බස්වා තිබුණි .
 
මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A- 320 - 214 වර්ගයේ එයා බස් ගුවන් යානයක් වන අතර , එහි මගීන් 134 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 ක් සිටියහ .
 
පසුව මෙම ගුවන් යානය යළිත් රාත්‍රී 6.30 ට මත්තල ගුවන් තොටුපොළෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වූ අතර , එම ගුවන් යානය රාත්‍රී 6.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය .
 
ඒ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට කාළගුණික තත්වය යහපත් අතට හැරී තිබුණි .



අදහස් (6)

බැංකොක් සිට ආ ගුවන් යානයක් හදිසියේ මත්තලට

සනත් Wednesday, 24 October 2018 03:21 PM

ඉමර්ජන්සි ලෑන්ඩින්වලට මෙහෙම තැනක් තියන එක කොච්චර වටිනවද? නැත්නම් ඉන්දියාවේ ට්‍රිචි හරි ට්‍රිවැන්ඩ්‍රම් හරි තමයි යන්න වෙන්නේ...

:       0       0

Dil Wednesday, 24 October 2018 05:20 PM

හා හා! කාගෙන් අහලාද ඕක බාන්න දුන්නේ. අගමැතිතුමයි ජනාධිපතිතුමයි 2015 පෙබරවාරියේදී මත්තල වෙන් කලේ වී ගබඩා කරන්නනේ. ප්ලේන් බාපු අයට එෆ්සීඅයිඩී යන්න තමා වෙන්නේ ලගදීම.

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 24 October 2018 07:24 PM

හදිසියේ මෙවැනි අවස්ථා වලට මුහුණ දෙන්න වෙන්නෙත් අපේම අසරණ "ශ්‍රීලන්කන්" යනාවලටම පමණයි ! ඒවා පදවන කපිත්තෝ මත්තල ගැන දන්නා නිසා හොඳයි.... මේ වසරේ මත්තලට යානා කීයක් ගොඩබස්වා තිබේද? එයින් කීයක් අපේ ඒවාද?

:       5       0

JAYASEKARA Thursday, 25 October 2018 05:13 AM

එතකොට වී ටික????

:       32       139

Samwil Thursday, 25 October 2018 06:30 AM

වී වේලන්න ඉන්දියාවට දෙන්න ලෑස්තිය...... ලොක්කට බාර දුන්නා කොමිස් කතා කරගන්න....

:       15       5

රොෂාන් Thursday, 25 October 2018 07:37 AM

පුදුමේ කියන්නේ අයහපත් කාලගුණය බලපාන්නේ, ශ්‍රී ලන්කන් ගුවන්යානා වලට පමණමනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 25 0 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 54 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 467 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 407 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 135 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1454 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site