IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පළාත් සභා පමාවට හේතුව පාර්ලිමේන්තු උගුලක්

බිඟුන් මේනක ගමගේ
 
පාර්ලිමේන්තුව සම්මත කරන පනතකින් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි නමුත් ඊට කිසිදු දේශපාලන පක්ෂයක් කැමැති නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා කීය.

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කළත් පවත්වන මැතිවරණ ක්‍රමය ගැන නැවත ප්‍රශ්නයක් මතුවීම ඊට හේතුව යැයි ජයගොඩ මහතා කීය.

ඒ නිසා ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමෙන් කිසිදු පලක් නැතැයි හෙතෙම අවධාරණය කළේය.

ජයගොඩ මහතා මෙම අදහස් පළ කළේ මැතිවරණ කොමිසම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ගැන දේශපාලන පක්ෂවල මතය ගැන කළ විමසීමේදීය.
ජයගොඩ මහතා මෙසේ ද කීය.

ජනාධිපති මෙතැනදි ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ කිසි තේරුමක් නෑ. මොකද දැන් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය නොදන්න නිසා නෙවෙයි. නව ඡන්ද ක්‍රමයකට තමයි පළාත් සභා ඡන්දය පවත්වන්නේ යැයි මුලින්ම පනතක් සම්මත කළේ පාර්ලිමේන්තුවෙන්. මේ නිසා පරණ ක්‍රමයට ඡන්දය තියන්නත් බෑ. ඒකට හදපු සීමා නිර්ණය වාර්තාව ඒක හදන්න මුල්වෙච්ච ඇමැති ෆයිසර් මුස්තාෆාගේ ඉදලා සියල්ලෝම එකතු වෙලා පැරැද්දුවා. ඒක මහ විහිළුවක්.

මේ නිසා අලුත් ක්‍රමයට ඡන්දය තියන්නත් බෑ. මේක පාර්ලිමේන්තුවෙන් අටවපු නීතිමය උගුලක්. මේක කොමිසමටවත් අධිකරණයටවත් බේරන්න බෑ. මොකද මැතිවරණය තියන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වත් කොට්ඨාස සීමාව නොදැන නැවතත් ඡන්දය තියන්න බෑ. මේක බෝලෙ තියෙන්නේ පාර්ලිමේන්තුවේ.

පාර්ලිමේන්තුවට පුළුවන් සීමා නිර්ණය අවසන් වනතුරු පරණ ක්‍රමයට ඡන්දය තියනවා කියලා නීතියක් සම්මත කරන්න. හැබැයි ඒ යෝජනාව ආණ්ඩුවෙන්වත් විපක්ෂෙන්වත් ගේන්නේ නෑ. මොකද මේ කාටවත් ඡන්ද ඕන නෑ. ඡන්දවලට මේ හැමෝම බයයි. මේක දේශපාලන අර්බුදයක්. මේවා කොමිෂන්වලින් බේරන්න බෑ. 
 



අදහස් (7)

පළාත් සභා පමාවට හේතුව පාර්ලිමේන්තු උගුලක්

Amila Tuesday, 09 April 2019 02:13 PM

ඡන්ද 25000ක් වත් ගන්න බෑ. රටෙන්ම අඩුම ගානේ ප්‍රාදේශීය සභාමන්ත්‍රී කෙනෙක්වත් නැද්ද කොහෙද? හැබයි කිසිම වැඩකට නැති පළාත් සභාවක් ඉල්ලනවා. ඉල්ලන්න ඕනෑ ඕක අහෝසි කරලා දැනට තියෙන බලතල මධ්‍යම රජයට සහ ප්‍රාදේශිය සභාවලට දෙන්න කියලා...

:       31       45

රනිල් Tuesday, 09 April 2019 03:20 PM

පලාත් තියා ප්‍රාදේශීය සභාවක් වත් දිනා ගන්න බැරි මේ අය මොකට තප්පුලනවද?

:       2       28

Sriyal Tuesday, 09 April 2019 05:31 PM

මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ කරන්න. මොන දේ තිබ්බත් කරන්න පුළුවන් විදිහට මැතිවරණය පැවැත්වීම කොමිසමේ රාජකාරිය. ඒකට හේතු අවශ්‍ය නැත. කොමිසම මැතිවරණ නොපැවැත්වීම ජනතා පරමාධිපත්‍යය නොසලකා හැරීමක්. මෙය නීති විරෝධී ක්‍රියාවක්. අවශ්‍ය නීති පාර්ලිමේන්තුවෙන් සම්මත නොවේ නම්, තිබෙන ආකාරයට කටයුතු කළ යුතුය.

:       43       57

Chameera Wednesday, 10 April 2019 01:31 AM

සහතික ඇත්ත

:       7       39

Sapumal. Wednesday, 10 April 2019 01:31 AM

පළාත් සභා ඉක්මන් කරන්න කියන්නේ නැතිව පළාත් සභා අහෝසිකොට ඒ වෙනුවෙන් විනාශ වෙන මහා ධනස්කන්ධය රටේ ප්‍රයෝජනවත් දේකට යෙදවීමට මේ අය අරගල නොකරන්නේ ඇයි ? එහෙම කලොත් තම පටු අරමුණු ඉටුකරගන්න විදිහක් නැහැ.මේ අය පෙර සිටි පක්ෂයෙන් පළාත් සභා ගේනවාට නොයෙක් අරගල කරා.එදා හොද නැති දේ දැන් හොඳ වෙන්නේ තමන්ගේ වාසියට මිසක් වෙන දේකට නොවේ. මේ පුංචි රටට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් සිටියාම හොදටම ඇති.

:       1       53

Jaya Wednesday, 10 April 2019 02:39 AM

මේක තමා පළාත් සභා ඡන්දයේ නියම යථාර්තය.

:       0       46

Sanath Kandy Wednesday, 10 April 2019 03:50 AM

ඡන්දෙ තිබ්බොත් ඔයාලා තරග කරනවද? පළාත් දෙක තුනකටවත් ඉල්ලන්න අපේක්ෂකයෝ හොයාගන්න පුළුවන්ද?

:       60       53

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 615 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 115 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 844 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 867 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1241 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1128 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site