(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් තරග කරන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අද (18) පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැති සාකච්ඡාවට අතුරලියේ රතන හිමි , බැසිල් රාජපක්ෂ , මහාචාර්ය ජී.එල් පීරිස් , දිනේෂ් ගුණවර්ධන , නිමල් සිරිපාල ද සිල්වා , ඩලස් අලහප්පෙරුම , දයාසිරි ජයසේකර , මහින්ද අමරවීර , ආරුමුගම් තොන්ඩමන් , වාසුදේව නානායක්කාර , ඩග්ලස් දේවානන්ද , මහාචාර්ය තිස්ස විතාරණ , මහින්ද යාපා අබේවර්ධන , එස් එම් චන්ද්‍රසේන , රාජා කොල්ලුරේ , ගාමිණි ලොකුගේ යන මහත්වරු ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සහභාගි වී ඇත.
ඉදිරි මහ මැතිවරණයට සියලු පක්ෂ එක්ව පොහොට්ටුව ලකුණින් තරග කිරීමට ද එහිදී තීරණය කර ඇත.
උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන පක්ෂ වලට වෙනම තරග කිරීමට අවස්ථාව ලබාදීමටද එහිදී තීරණය වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නාම යෝජනා මණ්ඩලයක් පත්කර එම කටයුතු කඩිනමින් නිම කිරීමටද තීරණය කර ඇත.
එම සාකච්ඡාව පැය එක හමාරක පමණ කාලයක් පැවැති බවද වාර්තාවේ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොහොට්ටුව ලකුණින් තරග කරන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක්
Pradeep Wednesday, 19 February 2020 02:58 AM
කුමන අකාරයේ අවබෝධතා ගිවිසුම් ගහගෙන කවුරු ආවත්, ජනතාවනි ඔබට බාරයි තීන්දුව. මේ පාරවත් රටට හිතැති උගතුන් තෝරාපත්කර ගන්නා ලෙස ඔබලාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි.
saradiyel Wednesday, 19 February 2020 06:25 AM
බන්දුල ගුණවර්ධන මහතා වැනි කිහිප දෙනෙක් ඇරෙන්න ගෝඨාභය මහතාගේ නම විකුණා බලයට එන්න බලන් අනික් අය කොහොමත් මේ පාර ගෙදර යනවා. අලුතෙන් එන අයවත් හරියට කළොත් හරි.
අලුත්225ක් තෝරමු Wednesday, 19 February 2020 06:41 AM
අවබෝධතා ගිවිසුම් ඇතිකරගත යුත්තේ ඡන්දදායකයන් වන අප සමගයි. මොකද මෙදා අපතයන් ගොඩාක් දෙනෙකු ගෙදර යවන්න බලාගෙන ඉන්නේ ඡන්දදායකයන් වන අපිය.