(නිමල කොඩිතුවක්කු)
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා හිටි හැටියේ අතුරුදන්ව ඇති බවත් සතියක් තිස්සේ ඔහු පිළිබඳ කිසිදු හා හූවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
මූද හත් ගොව්ක් තියගෙන අමුඩ ගහගෙන සිටින ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු කරගන්න දෙයක් නැතිව ලත වෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීය.
‘‘තවම ජනාධිපතිවරණයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ නැතත් සමහරක් පක්ෂ සහ සන්ධාන ජනාධිපති අපේක්ෂකයන් තෝරාගෙන තියෙනවා. දැන් අපේ අපේක්ෂකයා මේ රටම ඉල්ලන ජයග්‍රහණය කරන්න පුළුවන් අපේ අපේක්ෂකයා සුදුසු වෙලාවට අපි ඉදිරිපත් කරනවා.
පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා දැන් කොහෙද ඉන්නවද කියලා දන්නෙත් නැහැ. පහුගිය සතියෙම කිසිම හා හූවක් නැහැ. මූද හත් ගොව්ක් තියගෙන අමුඩ ගහගෙන දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට කරගන්න දෙයක් නැතිව ඉන්නවා.
දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික මධ්‍යස්ථාන හොයනවලූ යන්න. රැස්වීම් හොයනවලූ යන්න. දැනටම ඔහුගේ ජනාධිපතිවරණ කැම්පේන් එක පහළටම වැටිලා තියෙනවා.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන කතා බහ තවම අවසන් වෙලා නැහැ. ඒ පිළිබඳ සැකය තවමත් තියෙනවා. ඊටත් වඩා ඇමරිකාවට තවම අයිතියක් තියෙනවා. ඒ පුද්ගලයාව අවශ්‍ය අවස්ථාවකදී කැඳවන්න. මේක භයානක තත්වයක්.
දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමා රටේ ජනාධිපති අපේක්ෂකයා නෙමෙයි. ඔහු රාජපක්ෂ පවුලේ අපේක්ෂකයායි. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අපේක්ෂකත්වය ගැනීමට ද්විත්ව පුරවැසිභාවය අයින් කරගත්තලූ.
දැන් මෙතන තියෙන ගැටලූව තමයි කවුද මේ ඇමරිකන් පුරවැසිභාවය දුන්නේ කියන එක. ඇමරිකාව බලෙන් දුන්නද, අනේ එන්න මේ පුරවැසිභාවය ගන්න කියලා දුන්නද, මේ ඇමරිකන් පුරවැසිභාවය ගිහින් ඉල්ලූම් කරලා, සමුමුඛ සාකච්ඡා වලට ගිහින් බොහෝ දුක් විඳලා තමයි මේ ඇමෙරිකානු පුරවැසිභාවය අරගත්තේ. එහෙම ගත්ත අය දැන් ජාති ආළය ගැන කථා කරනවා. මේවා මොන විහිලූද.
නැවතත් ගෝත්‍රික යුගයට, පවුල් පාලනයට, මාධ්‍යවේදීන් ඝාතනය කරන, මාධ්‍ය ආයෙතන වලට බෝම්බ ගහන, සුදු වෑන් සංස්කෘතියක් ගෙන එන ඒ අදුරු යුගයට යන්න මේ රටේ ජනතාවගේ කැමැත්තක් නැහැ. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන මේ රටේ බහුතරයක් පිළිගන්න පුද්ගළයාව අපි අනිවාර්යෙන්ම රටේ ජනාධිපති බවට පත් කරනවා’’ යැයිද මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන සතියක් කිසිදු හා හූවක් නෑ’