IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොහොට්ටුවෙන් වුණත් ඡන්දෙට එන්න ශ්‍රීලනිපය සූදානම්

ඩයනා උදයංගනී 
 
ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘  ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයෙහි පක්ෂ නායකයින් හා බහුතර සාමාජිකයින් ගන්නා තීරණය අනුව එම ලකුණ තීරණය වනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය ඇතුළු සියලූ මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ එම පොදු ලකුණ යටතේ බව ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
 
වැදගත් වන්නේ ලකුණ, පුද්ගලයා නොව වැඩපිළිවෙල බැවින් පුද්ගලයකු වටා නොව යම් කිසි වැඩපිළිවෙලක් වටා ඉදිරි පුළුල් සන්ධානය ගොඩ නගන බව කී මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ඕනෑම මැතිවරණයකදී ජයගන්නා බව ද කීවේය. 
 
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (18)

පොහොට්ටුවෙන් වුණත් ඡන්දෙට එන්න ශ්‍රීලනිපය සූදානම්

රවින් Thursday, 21 February 2019 12:40 PM

නැතුව නැතුව පහුගිය ටිකේ ට්‍රිප් ගියේ ඕක වෙන්න ඇති. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලු නේද?

:       1       231

sandy123 Thursday, 21 February 2019 12:41 PM

කිසිම පක්ෂයක් මට වැදගත් නැති නමුත් අතට ගිය කලක්. ජනාධිපතිවරයා පක්ෂය භාරගත්දා සිට ක්‍රමක් ක්‍රමයෙන් අත ටු වීල් පක්ෂයක් වෙලා. අහෝ ඛේදයකි...

:       1       46

sirimal Thursday, 21 February 2019 12:56 PM

මේ මහත්තය කියන දේවල් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැති තැනට පත්වෙලා. එක කාලෙක මහපාරේ පෙළපාලි යනවා ජාති භේදයට විරුද්ධව ජාතීන් අතරේ සමඟිය ගොඩ නඟන්න කියලා. දැන් ජාතිවාදය අවුස්සනවා කියල චෝදනා නැගෙන කට්ටිය එක්ක බලයට එන්න දඟලනවා.

:       0       203

sandy123Thursday, 21 February 2019 02:18 PM

කාරුණික ඉල්ලීමයි. මේ අම්බාරුවන්ට වැදගත් වචන භාවිතයෙන් වලකින්න. මොවුගේ ලැජ්ජාව වස කුප්පියට යට වෙලා යන වගත් මතක් කර දීමට කැමතියි.

:       0       150

sirimalThursday, 21 February 2019 09:28 PM

සහතික ඇත්ත. එසැන පුවත් කියවන සියලුම දෙනා මට සමාවෙන්න සිදුවූන අත් වැරදීමට.

:       0       7

sandy123Friday, 22 February 2019 06:59 AM

සිරිමල් - වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්. ඒ වැරැද්ද පිළිගැනීම දේව ගතියක්.... කාටද වැරදෙන්නේ නැත්තේ? එය පිළිගන්න එක ඉතා උතුම් ගුණාංගයක්.

:       0       5

smn Thursday, 21 February 2019 02:07 PM

කවුරු මොන වේශයකින් ආවත් තීරණය අපේ අතේ.

:       0       45

Don Thursday, 21 February 2019 02:56 PM

දැන් අතට බුලත්කොලෙත් නෑ. අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.

:       0       49

sandy123 Thursday, 21 February 2019 04:01 PM

සමන්, සහතික ඇත්ත. තීරණය අප සතුයි.

:       0       24

parakkrama Thursday, 21 February 2019 06:46 PM

මේ ඔබතුමාත් අර පත් කල මන්ත්‍රී කෙනෙක් නේ ද? ඔබතුමා අතට ද? පුටුවට ද? බුලත් කොලේට ද ? පොහොට්ටුවට ද?

:       0       15

s.c.perera Thursday, 21 February 2019 10:48 PM

අපි මේ එල්ලෙන්න වැලක් නැතිව ඉන්නේ .

:       0       3

තර්ස්තයා Friday, 22 February 2019 01:16 AM

මොකෙන් ආවත් රටට ආදරය ඇති සමාජයට වැඩක් වෙන අවංක මනුස්සයන් පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන යුගයක් මේක . අවුරුදු 35 ක් 40 ක් ඉදලත් රටට සේවයක් නොකරපු ඇත්තන් ( දුෂණයට බීෂණයට කඩේ ගිය උදවිය ) තවමත් කල්පනා කරන්නේ වාසියි කියල හිතන පැත්තට පැනල ඇමති කමක් අරගෙන සැප ගන්න . ඕනෙම දෙයකට අත උස්සන්න විතරයිනේ තියෙන්නේ. මෙහෙමත් රටක්. කෑවා මදිද ? වෙන කන්න, ඉතුරු කරපු දෙයකුත් නැහැ බලද්දී .

:       0       413

චන්ද කොමසාරිස් Friday, 22 February 2019 03:18 AM

කොහොම හරි බලයට එන්න සූදානම්. ඒකනේ නොකියා කියන්නෙ.

:       0       5

dhamneth Friday, 22 February 2019 05:33 AM

පොහොට්ටුවට අලුතෙන් එකතුවන කිසිවෙකුටත් ජනාධිපති අගමැති අපේක්ෂත්වය නොදිය යුතුයි මම හිතනවා

:       0       1

කල්පනා Friday, 22 February 2019 06:18 AM

ගඟට වැටුණු මිනිහා ගොඩ එන්න තණකොළ ගහෙත් එල්ලෙනවා කියනවානේ. මොහුගේ කථාවෙන්ම තේරෙනවා ඔවුන්ට වෙලා තියෙනදේ.

:       0       5

Sumith Friday, 22 February 2019 06:39 AM

ජනතාවට දැන් මැතිවරණ මන්ත්‍රීවරු කරවල වාගේ....

:       0       0

mahinda Friday, 22 February 2019 06:49 AM

අනාතයන්ට මොනවා ගෙනත් දුන්නත් භාරගනියි නැතිව ගෙදර ඉන්ට සිද්ධ උනොත් කොයින්ද අද විදින සැප සම්පත්. 2004 දී ඌව ජනතාව පලවා හැරි අයෙක් ජාතිකලැයිතුවට පිංසිදු වන්ට අද මහා ප්‍රකාශකයෙක් වෙලා.

:       0       4

shan saudi Friday, 22 February 2019 11:31 AM

ඔව් ඉතින් කන්න නැති වුණාම කුණු බක්කියෙන් වුණත් කන්න ලෑස්ති නොවී වෙන මොනවා කරන්නද? ජීවත් වෙන්න මගකුත් එපැයි...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 282 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 991 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2422 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1646 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 961 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2231 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site