IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පස් කඳු කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

(ප්‍රසාද් රුක්මාල්, සමන් පාලිත නානායක්කාර, නිශාන්ත කුමාර සහ ඩී.කේ. රත්න)
 
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර ඕබඩඇල්ල ප්‍රදේශයේදී අද (20)අලුයම දුම්රිය මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ දුම්රිය මාර්ගයට පස්කන්ද කඩා වැටී තිබෙන බවත්, මෑතකදී මෙම ස්ථානයේම විශාල පස්කන්දක් කඩා වැටී දින කීපයක් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණ.
 
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය දැනට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය දියතලාව දුම්රිය ස්ථානයෙ නවතා තබා ඇතැයි දුම්රිය බලධාරීහු කීහ.
 
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිට දියතලාව දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මගීන් බස්රථවලින් ප්‍රවාහනය කර දියතලාව දුම්රිය ස්ථානයේ තිබෙන රාත්‍රි තැපැල් දුම්රිය යලි හරවා උඩරට මැණිකේ දුම්රිය ලෙස කොළඹ බලාත් , බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා තිබෙන උඩරට මැණිකේ දුම්රිය යලි හරවා රාත්‍රි තැපැල් දුම්රිය ලෙස බදුල්ල බලා ධාවනය කරවීමට කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 
දැනට පවතින අධික වර්ෂාවත් සමඟ දුම්රිය මාර්ගයට කඩා වැටී තිබෙන පස්කදු ඉවත් කිරීම අපහසු යැයි දුම්රිය බලධාරීහු කීහ.

(ඡායාරූප - සමන් පාලිත නානායක්කාර)



අදහස් (0)

පස් කඳු කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 319 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 904 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2335 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2605 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 762 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site