IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’පාසල් යළි පටන් ගත්තත් සම්පූර්ණයෙන් විවෘත කරන්න මාසයක් ගතවෙනවා’

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

සෞඛ්‍ය අංශ නිර්දේශ කරන දිනයක නැවත පාසල් ආරම්භ කලද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (11)මාතර දී පැවසීය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන පාලන රැස්වීමේ දී ඔහු ඒ බව කීය.

රට සාමාන්‍යකරණය කිරිමේ අවසන් පියවර ලෙස දරු දැරියන්ගේ ආරක්ෂාව වඩාත් සුරක්ෂිත වු දිනයේ දී පාසල් විවෘත කරන බවත් එම දිනය ලබන සතියේ දී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.

එම දිනය ප්‍රකාශ කල පසු දිවයිනේ සෑම පාසලක්ම විෂබීජහරණය කර නැවත දින හතරක් වසා තබන බව කී අලහප්පෙරුම මහතා පලමුව විදුහල්පති හා ගුරුවරු ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැදවන බවද සදහන් කලේය.

ඉන් අනතුරුව උසස් පෙල,සාමාන්‍ය පෙල හා ඉන් පහල ශ්‍රේණි වල දරුවන් ක්‍රමයෙන් පාසලට කැදවා ගන්නා බවද කීය.

දරුවන්ගේ දෑත් සෝදා ශරීරයේ උෂ්ණත්වය බැලීම සදහා අවශ්‍ය උපකරණ ද අධ්‍යාපන අමාත්‍යාංශය සෑම පාසලකටම ලබා දීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

මෙම රැස්වීම සදහා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක,මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න,මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත යන මහත්වරු ඇතුළු රජයේ නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 



අදහස් (7)

’පාසල් යළි පටන් ගත්තත් සම්පූර්ණයෙන් විවෘත කරන්න මාසයක් ගතවෙනවා’

රවින් Monday, 11 May 2020 08:18 AM

ළමා අධ්‍යාපනයේ බිඳ වැටීම සැහෙන දුරට සිතිය යුතු කරුණක් වුවත් ඊට වඩා ළමා සෞඛ්‍ය වැදගත්. අනාගත රෝගී පරපුරකින් පරපුරකින් ඇති ඵලය කීම? අනිකතමා වැඩිහිටියන්ගේ සෞඛ්‍ය පුරුදු.. ළමයින් සැහෙන දේවල් ඉගෙන ගන්නේ තම දෙමවුපියන්ගෙන් හා වැඩිහිටියන්ගෙන්. මේ ටික කලට ළමයින් වගේම දෙමවුපියොත් හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඇති. කොහොම උනත් හොඳම දේ තමා තව ටික කලක් ළමයින්ව දෙමවුපිය ඇසුරේම තියනෙක. ටියුෂන් ගුරාලනම් ටිකක් කෙඳිරි ගායි. ඒත් ළමා මනසට සැහෙන නිදහසක්. අනාගත මානසික රෝගීන් අඩුවේවි.

:       0       120

kamal Koyrala Monday, 11 May 2020 08:22 AM

ආණ්ඩුවේ නියාය පත්‍රය ක්‍රියාත්මක කරන්න... සෞඛ්‍ය අංශ ඇපයට තබා කරන ඩලස්ගේ ප්‍රකාශ හෙළ දකිමු... අධ්‍යාපන ඇමතිගේ අත්සනින් යුතු චක‍්‍රලේඛනයකින් තොරොව පාසල් විවෘත කිරීම මගින් අනාගත පරම්පරාවට වෙන හානිය අධ්‍යාපන බලදාරීන් බාරගන්නවද? ඇමතිය බාරගන්නවද?

:       33       322

Anura Monday, 11 May 2020 08:29 AM

ලංකාවෙ ප‍්‍රශ්න අපි විසද ගන්නම් ...

:       8       11

rana Monday, 11 May 2020 11:31 AM

දරුවන්ට පා ගමනින් යා හැකි ගමේ පාසැල වැඩි දියුණු කරන්න. කොවිඩ් අපට දුන් පණිවිඩය අපි තේරුම් ගනිමු.

:       19       17

නිපුන් කලුදේව - ගාල්ල Monday, 11 May 2020 11:57 AM

ගරු ඇමතිවරයාණෙනි. මේ වනවිට වසාදමා ඇති පාසල් වල සහ දහම් පාසල්වල ඉඩකඩ පාසල් දරුවන්ට පන්ති පවත්වන්න භාවිතයට ගන්න. ළමයි 45ක්50ක් ඉන්න පන්තිවල කොහොමද මීටරයක් තියන්නේ. පාසල් බස් වල හිටගෙන යන තරමට ලමයි පටවනවා. පන්තිවල ළමයි අඩු කරගෙන යන්න මේක හොඳ අවස්ථාවක්... ත්‍රී වීලර් වල ළමයි 12ක් පටවාගෙන යනවා මම දැකලා තියෙනවා. ඉක්මණින්ම ටියුෂන් සර්ලාට බනින්න එපා. පාසලෙන් පළමු ආදර්ශය දෙන්න. ටියුෂන් සර්ලත් හැදුවේ පාසලෙන් තමයි. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස යුධ හමුදාවේ මේජර් ජනරාල් කෙනෙක්ම පත් කරන්න කියලා අතිගරු ජනාධිපතිට කියන්න. පුලුවන් නම් පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ලෙස යුද හමුදාවේම නිලධාරීන් පත්කරන්න. එතකොට මන්ත්‍රීවරු එකඑක වැරදි වැඩවලට ලියුම් දෙන්න යන්නේ නැහැ. ඔබ හිතට අවංකව වැඩ කරන්න. ටීචින් - දොස්තරකම මෙන්ම අධ්‍යාපන ඇමතිකම කියන්නේ දිව්‍ය ලෝකේ වගේම මැරුණාට පස්සේ අපායටත් යන්න පහසු මාර්ගයක්... ඔබ ඇමති කමට හොඳයි. හැබැයි දේශපාලනයේ ජනප්‍රිය වෙන්න මෝඩ කතා කියන්න එපා. මහින්දානන්ද අලුත්ගම වගේ අය අධ්‍යාපන ඇමතිකමට කොහෙත්ම ගැලපෙන්නෑ. අධ්‍යාපන ඇමතිවරයෙක් දාර්ශනිකයන් වගේ කෙනෙක් විය යුතුයි...

:       0       0

pradeepa Monday, 11 May 2020 05:25 PM

චන්දෙ තියන්ඩ දවසක් දාගෙන තියනවා... නමුත් තාම පාසල් පටන්ගන්න දවසක් නැහැ... පුදුම හිතෙන රටක අපි ජීවත් වෙන්නේ

:       21       29

kelum srimal Monday, 11 May 2020 05:58 PM

මමත් ටියුෂන් ගුරුවරයෙක්... නමුත් පාසල් නැවත ආරම්භ කල යුත්තේ අවසන් කොරේානා රෝගියාද වාර්තා වී දින 45 වත් ගතවීමෙන් පසුයි.

:       70       235

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 4 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 0 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 544 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 185 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 253 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site