IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්වාධීන කොමිසමක් පත් කරනවා‘‘

(නාලක සංජීව දහනායක)

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කඩිනමින් ස්වාධීන කොමිසමක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (21) පැවැසීය.

එමෙන්ම නැවත එවැනි ක්‍රියා සිදුනොවීමට බිඳවැටී ඇති බුද්ධි අංශ නඟා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග තමා මේ වනවිටත් ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දී තිබෙන බවද ඔහු කීය.

ඒ අනුව ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී බුද්ධි අංශ ශක්තිමත් කරමින් තමන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නැවැත ආරම්භ කරන බවද ඔහු සඳහන් කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (21) පස්වරුවේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදුටු අවස්ථාවේදී මේ බව කීය.

බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ අතර පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අගරදගුරු හිමියො ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය  හා ආබාධිත තත්ත්වයට පත්වූ ජනතාවට මේ වනතෙක් සාධාරණයක් ඉටු නොවූ බව කී කාදිනල් හිමියෝ එම ප්‍රහාරයට සම්බන්ධයැයි පැවසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නිසිපරිදි විමර්ෂන සිදු නොවන බවද සඳහන් කළහ.

ආගම, ජාතිය, කුමක් වුවත් කිසිවෙකුට මිනිස් ජීවිතවලට හානි කිරීමට ඉඩ දිය නොහැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් මේ වනතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කාදිනල් හිමියෝ අගය කළහ.

 



අදහස් (17)

‘‘පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්වාධීන කොමිසමක් පත් කරනවා‘‘

wije Thursday, 21 November 2019 04:26 PM

ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ මේ රටට ආදරය කරන ගොඩක්ම හොද නායකයෙක්. එතුමා මේ දවස් දෙකට රටට යහපත් හොද තීරණ කීපයක්ම ගත්තා. අපරාදේ මෙතුමාට නොදෙවෙනි හැකියාවක් දක්ෂකමක් මෙන්ම අත්දැකීම් තියන ෆොන්සේකා මහත්තයා උගුලේ පැටලුනා. ෆොන්සේකා මහත්තයෝ ඔයත් අපිට ජාතික වීරයෙක් තවමත් පරක්කු නැහැ අලුත් ජනධිපතිතුමා එක්ක එකතුවෙලා මේ රටේ යහපතට වැඩ කරන්න රට ජාතිය ගැන හිතන්න. අවුරුදු 30ක් තිබුණු යුද්දය ඉවරකලේ ඔබතුමාලා සියලුම දෙනා එකතුවෙලා වැඩ කරපු නිසා. මේ රටේ අනාගත පරපුර ගැන හිතලා මේ රටට ආදරය කරන පුරවැසියෙක් විදියට ගෝඨාභයට එකතුවෙන්න. ඔබතුමාට ආරක්ෂක උපදේශකවරයෙක් විදියට වුනත් වැඩ කරන්න පුළුවන් හැකියාවක් දක්ෂකමක් අත්දැකීමක් තියනවා නේද. දැන්වත් හොදට ඇස් ඇරලා බලන්න පරණ වාදබේද අමතක කරන්න රටේ යහපතට වැඩ කරන්න ඔබතුමාත් ගෝඨාභය මහත්තයාත් එකට එකතුවුනා නම් අපිට ආයෙත් පුරන්අප්පුයි කැප්පිටිපොලයි බිහිවුනා වගේ තමයි.

:       1637       1541

thusharaThursday, 21 November 2019 05:32 PM

ළඟටවත් ගන්න එපා. ඉස්සර හිටපු ෆොන්සේකා නෙවෙයි දැන් ඉන්නෙ.

:       97       104

athuraFriday, 22 November 2019 08:36 AM

ෆොන්සේකා මහත්මයා කොහොමත් එන්නේ නැහැ. අනිත් අය වගේ නෙමෙයි නියම මනුස්සයෙක්.

:       35       2

tharidu Thursday, 21 November 2019 04:49 PM

දැන් ඉතින් කවුරු කවුරුත් ආවඩයි

:       4       298

Dinesh Wellawa Thursday, 21 November 2019 06:26 PM

අනේ හපොයි ! තවත් කොමිසමක්. මන් හිතුවේ ගෝඨාභය මහතා කෙලින්ම ඕකට හවුල් අය අල්ලයි කියලා. එකම දේ නැවත නැවතත් වෙනවා! මහා යුද්දයක් ඉවර කරපු රටකට මේ එක සිද්ධියක් විසදගන්න මෙච්චර කල් යවන්නේ ඇයි? සැක සහිතයි අපේ ලංකාවට දෙවි පිහිටයි! තෙරුවන් සරණයි

:       108       129

dhammika perera Thursday, 21 November 2019 06:51 PM

පරීක්ෂණ පවත්වන්න කාගෙන්ද සාක්කි ගන්න පටන්ගන්නේ?

:       17       111

Chathuri Thursday, 21 November 2019 10:24 PM

ආගම ජාතිය කුමක් වුවත් මිනිස් ජීවිත වලට හානි කිරිම කිසිවකුට අයිති නැත. ඒ දේම නේද වෙන්නෙත්. කවදාකවත් වචනයෙන් ක්‍රියාවෙන් හෝ නතර කල නොහැකි දෙයක්. රජකම ලැබුනත් වැඩක් නැහැ, මිනිසාට, සතා සිව්පාවට ආදරය කරුණාව දක්වන්නේ නැතිනම්

:       0       102

Raveendra Thursday, 21 November 2019 10:38 PM

අති පූජ්‍ය කාදිනල් හිමිපාණන්ගේ නියෝජිතයෙක් ඇතුලත් කිරීම හොද තීරණයක්, ඒවගේම අනිකුත් සාමාජිකයන් විය යුත්තේ නීති ගරුක නිලදාරීන් බවටද සදහන් කිරීමට කැමැත්තෙමු.

:       17       244

පිටිගල මිලානෝ Thursday, 21 November 2019 11:01 PM

මැතිඳුනි, රාජ්‍ය සහ සංස්ථා වෘත්තීන් වලට විශ්‍රාමික හමුදා නිලධාරින් යොදවා සම්ප්‍රදායික ‘ඉබි ගමනක යන’ ක්‍රමය වෙනස් කරන්න.

:       39       84

RaveendraFriday, 22 November 2019 03:48 AM

බොහොම වැදගත් අදහසක් ....ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් අහිංසක මහජනතාවට වෙන හිරිහැර ගොඩක් දුරට අඩුකර ගැනීමට එමගින් හැකිවනු ඇත.

:       1       0

Nishan Thursday, 21 November 2019 11:07 PM

ඒක සිද්ධ වුන මොහොතේ ජනාධිපති කොමිසමක් පත් නොකරපු අයටත් වගකියන්න වෙනවා.

:       5       107

සඳුන් Friday, 22 November 2019 12:52 AM

කාව රවට්ටන්නද මේ හදන්නෙ.

:       90       157

sas Friday, 22 November 2019 03:18 AM

මෙම කොමිසම මුලින්ම කල යුතු දෙයක් වන්නේ සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු කාරක සභාව වෙනුවෙන් සකස් කල වාර්තාව කියවා එහි නිර්දේශ ගැන සැලකිලිමත් වීමයි. සරත් ෆොන්සේකා මහතා සකස් කල වාර්තාව, එම තේරීම් කාරක සභාවේ අන් සාමාජිකයන් ගේ වාර්තාවට වඩා වෙනස්. එසේම එම තේරීම් කාරක සභාවේ සිටි අදාල කරුණ ගැන විශේෂ දැනුමක් තිබුන එකම සාමාජිකයා ද ඔහු පමණි.

:       3       172

Deepal Nirosh Friday, 22 November 2019 03:45 AM

අනේ මැතිඳුනි, දැන් මේකට කොමිෂන් සභා කීයක් පත් කළාද? තවත් මේ කල් මරණ නාස්තිකාර කොමිෂන් මොකටද? ඔහොම ගියොත් ඔබතුමාත් පරණ පාරටම වැටයෙි. කොමිෂන් නවත්තලා විධිමත් පරීක්ෂණයකට අපරාධ අංශවලටම බාර කරමු.

:       0       1

dharme Friday, 22 November 2019 04:09 AM

හොයාගෙන යනකොට කෙළවරේ ඉඳි ඉන්දියාවේ අය....

:       0       57

Rata Perata Friday, 22 November 2019 07:24 AM

පරණ තැටිම වාදනය වෙන්න ගන්නවා වගේ. හැමදාම රැවටෙන්නේ අපි විතරයි.

:       0       104

කමල් Friday, 22 November 2019 07:59 AM

අනේ ඔය කොමිසන් පිස්සුව නතර වෙන්නේ කවද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 98 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1404 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1213 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 703 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1766 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 88 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site