(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ 139 දෙනකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර ඔවුන්අතුරින් දීර්ඝ කාලීනව විශේෂ ප්‍රතිකාර ලැබිය යුතු 39 දෙනකුට ප්‍රතිකාර සඳහා අවශ්‍ය වියදම් සෞඛ්‍යඅමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් ලබාදීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ.
මෙම රෝගීන් 39 දෙනාටඅවශ්‍ය විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමෝ කළ යෝජනාවක් අනුව අමාත්‍යවරිය මෙම තීරණය ගෙන ඇත.
'එම රෝගීන්ට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බව ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් අගරදගුරුතුමන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව අගරදගුරුතුමෝ ඇමතිවරියගෙන් මෙම ඉල්ලීම කර තිබේ.
එම රෝගීන්ට ශ්‍රීජයවර්ධනපුර රෝහල හරහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව ද ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය ඇතිව එම රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යටතේ එම රෝගීන්ටඅවශ්‍ය විශේෂ ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරිය කීවාය.
එවැනි ප්‍රතිකාර අවශ්‍ය තවත් අය වෙතොත් ඔවුන් සඳහා ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව කී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ සඳහා අවශ්‍ය සියළු වියදම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් වැය කරන බව ද සඳහන් කළාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ 39 කට සෞඛ්‍ය අරමුදලේ වියදමින් ප්‍රතිකාර