IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාස්කු කොමිෂන් වාර්තාවේ අඩුපාඩු රැසක් - රනිල්

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක අංශ සියල්ල මෙහෙයවා දෙවෙනි සහ ඉදිරි ප්‍රහාර වැලක්වීමට ගත් පියවර කිසිවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුලත් නොවීම විශාල අඩුවකැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කොල්ලූපිටිය පස් වන පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී අද (25) පෙරවරුවේ රැස් වූ එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමිනි.

එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම මගින් බුදුදහමට දී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරන්නේ දැයි ප්‍රශ්න කළ රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම නිර්දේශ කරන ආකාරයට ජාතීන් වශයෙන් ඉඩම් බෙදීමක් ප්‍රයෝගව කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

මෙයට අමතරව දහම් පාසල් පාලනය යෝජනා කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමට දැයි රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් මස 9 වන දින රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබුණු කිසිදු තොරතුරක් පිළිබඳව කතා කළේ නැහැ.

සියලුම හමුදා ප්‍රධානීන්, රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇතුළු රටේ ආරක්ෂාව සම්බන්ධ සියලු දෙනා රැස් වූ එම රැස්වීමේදී හෙළි නොකළ කරුණු ඊට පසුව සාකච්ඡා කරා දැයි සිතිය නොහැකියි.

ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවේ අලුතින් කිසිවක් සඳහන් කර නැහැ. එය නිකන්ම නිකන් එක රටක් එක නීතියක් ලෙස සඳහන් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ.

උඩරට නීතිය අහෝසි කරන ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා. ජාතීන් වශයෙන් සලකා ඉඩම් බෙදීම ප්‍රායෝගිකද? දහම් පාසල් පාලනයක් ගෙන එන්න හදන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමටයි.



අදහස් (11)

පාස්කු කොමිෂන් වාර්තාවේ අඩුපාඩු රැසක් - රනිල්

chandima Thursday, 25 February 2021 06:39 PM

ජ්‍යෙෂ්ඨයෝ කිව්වේ දැන් ඉතිරිවෙලා ඉන්න හතර පස් දෙනා වෙන්න අැති...

:       0       0

Bandara Friday, 26 February 2021 12:32 AM

ඔව්, ඒකෙ තියන අඩුපාඩු බාගෙකට වඩා ඔයාගේ..

:       0       0

සමන් Friday, 26 February 2021 01:10 AM

මෙය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමක්... දෙවැනි ප්‍රහාරයක් වැළකුණේ රියදුරා දුන් ප්‍රකාශය නිසා කියලයි සිතන්නට සිදුවන්නේ. ආරක්ෂක අංශ ඉතා ක්ෂණිකව මෙහෙයුම් ටික කළා. ඇතැම් විට ඒ ඔබතුමාගේ උපදෙස් අනුව... එය හොඳ දෙයක්...

:       0       0

SL Friday, 26 February 2021 01:19 AM

එක රටක්.. එක නීතියක්...!!! එකතුවෙලා රට කෑවා ඇති. ගෙවල්වලට වෙලා හිටපල්ලා..

:       0       0

anura Friday, 26 February 2021 01:29 AM

ඇත්ත. හරිහැටි මේ සියල්ලටම යටින් වගකිව යුතු එවක අගමැතිගේ නම සඳහන් නොවීම ප්‍රධාන අඩුපාඩුවයි.

:       0       0

මුණසිංහ Friday, 26 February 2021 02:17 AM

පාස්කු වාර්තාවේ අඩුපාඩු ඇති. නමුත් 2015-2019 කාලයේ අකර්මන්‍ය රාජ්‍යයක් තිබුණා කියන එක කොමිසමෙන් කියන්න ඕනත් නැහැ. රටේ ජනතාව දන්නවා. මුස්ලිම් අය ඒ කාලේ රට පාලනය කළා කිව්වත් නිවැරදියි. වාර්තාවේ තියෙනවා නැගෙනහිර පළාතේ අන්තවාදයක් හිස ඔසවන බවට එකල හමුදාපති කිව්වත් රනිල් ලා ඒක බැහැර කළ බව. ඒවා ගැන කතා නැහැ. නිකන් හිස් වචන කතා කරන්න එපා.

:       0       0

Bamunuarachchi Friday, 26 February 2021 03:09 AM

පොහොට්ටුවේ කව්රුත් නැතුව තමන්ගේම අය දාලා අඩුපාඩු නැතිව වැඩේකර ගන්නනේ බැලුවේ. ඒ වුණාට වැඩේ හබක්. රටේ ජනතාව සාක්ෂි ලැබුනේ කොහොමද කියලා දැක්කා. කොමිසමට කලින් ජනතාව තීන්දුව දීලා ඉවරයි. යාලුවා ඔලුවෙන් හිටගෙන කිව්වත් ආයිත් ගොඩඑන්න බැහැ.

:       1       0

Rata Perata Friday, 26 February 2021 07:39 AM

රනිල්ට තියෙන සුදුසුකම් මොනවාද? ඕවා විවේචනය කරන්න. අපේ සර් නන්දසේන ඔය වාර්තාව පරීක්ෂා කරන්න දාලා තියෙන්නේ. එයාට මාර සුදුසුකම් තියෙන්නේ..

:       0       1

Ruwan Friday, 26 February 2021 08:22 AM

හාමු මහත්තයා අඩුපාඩු නැතිව වැඩකළා නම් කොමිෂන් එකේ අඩුපාඩු හොයන්න වෙන්නේ නෑ...

:       0       0

Sajith Friday, 26 February 2021 11:18 AM

රනිල් කියන්නේ ඉස්සර තිබුණ හතරැස් සත පහේ කාසිය වගේ අවලංගු කාසියක් දැන්... කවුරුත් කියන දේවල් ගණන් ගන්නේ නැහැ. වෙලාවකට පව් කියලත් හිතෙනවා. හොඳ වෙලාවට ජනාධිපති වෙන්න බැරි වුනේ... එහෙනම් මෙලහකට ලංකාව කියලා රටක් නැහැ...

:       1       0

fairoos Tuesday, 02 March 2021 02:02 PM

ඔව්, අඩුපාඩු තියෙනවා. ඔහෙලා තාම නිදහසේනේ ඉන්නේ...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 3 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 62 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 818 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 212 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1811 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 804 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1654 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site