(රංජන් කස්තුරි)
සුනඛ ජලභීතිකා රෝග මර්දන වැඩසටහන නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ තීරණයට විරෝධය දක්වමින් රටපුරා පශූ වෛද්‍ය නිලධාරීහු මේ මස 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සුදානම් වෙති.
මෙතෙක් කලක් සුනඛ ජලභීතිකා රෝග මර්දන වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පශූ වෛද්‍ය නිලධාරීන් සිදුකළ අතර ඔවුන්ගෙන් එම කටයුත්ත ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවද රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුවන් වික්‍රමආරච්චි මහතා පැවැසීය.
ඉකුත් 2018 වසරේ සිට සුනඛ එන්නත් කටයුතු පශූ වෛද්‍යවරුන් මගින් සිදුකරන අතර එය ඉතා සාර්ථකව දිවයින පුරා සිදු කෙරෙන හෙයින් මෙවැනි තීන්දුවක් ගැනීම පදනම් විරහිත බවද ඔහු කීය.
සෞඛ්‍ය ඇමැතිවරයාගේ එම තීන්දුවට විරෝධය දැක්වීම සඳහා මේ මස 26 වැනිදින රටපුරා පශූ වෛද්‍යවරු එම වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බවද වෛද්‍ය වික්‍රමආරච්චි මහතා පැවැසීය.
පශූ වෛද්‍යවරුන්ගේ ලෙඩ නිවාඩු ව්‍යාපාරය නිසා රටපුරා සතුන්ගේ එන්නත් කටයුතු සිදු කිරීම නතර වන අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි සත්ව නිරෝධන කටයුතු නතර වන බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව නගරවල මස්කඩ පරීක්ෂාව සත්ව උද්‍යාන රාජකාරී සහ වන ජීවී කටයුතු නතර වන බවද සභාපතිවරයා පැවැසීය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පශූ වෛද්‍ය නිලධාරීහු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙති
dias Wednesday, 20 February 2019 02:42 PM
බලාගෙන ගියාම මේ කට්ටිය රෝහල්වල වැඩ කරන නඩේට දෙවෙනි නැහැනේ...
විජිත් Wednesday, 20 February 2019 03:44 PM
සුනඛයින්ගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කිරීමට පශුවෛද්‍යවරු නිසි පියවර නොගැනීම නිසා, තමන්ගේ ඥාති වර්ගයාගේ යහපත වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිතුමා පියවර ගැනීම වැරදිද...?
sudhari meegahawela - kandy Thursday, 21 February 2019 12:57 AM
නියමයි, විජිත්ගේ සතියේ කියමන.
BamunuarachchiThursday, 21 February 2019 01:45 AM
නැහැ විජිත රෝගය වැළඳුන වෙලාවේ හරියට බෙහෙත් නොකරපු නිසා වෙන්නැති මේ වෘතීය සමීති ක්රීයා මාර්ගය.
gamaya Thursday, 21 February 2019 03:15 AM
සුනකයන්ට, ජලභීතිකා ප්‍රතිකාර කිරීමට පෙර පශූ වෛද්‍යවරුන්ට ජලභීතිකා ප්‍රතිකාර කරනු !, අපිනම්ම් මෙවැනි දේ කරනවානම්, ඉහලින්ම අගයකරමි මොකද අපට ඇති වගකීම තවත් අඩුවන නිසා.