ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ, අදහස් පළ කිරීමේ සහ ප්රකාශනයේ නිදහස යටතේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා දී ඇති පොරොන්දුව අගය කරන අතරම නිදහස් ලෝකයේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ස්වයං නියාමන මූලධර්මය යටතේ කටයුතු කිරීමට පුවත්පත්වලට අවසර දී ඇති බව පෙන්වාදීමට කැමැත්තෙමු යැයි පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය (WAN – IFRA) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.
පුවත්පත් ප්‍රකාශකයන් සහ කර්තෘවරුන් සිරගත කළ හැකි විධිවිධාන ඇතුළත් පුවත්පත් මණ්ඩල පනත වැනි නීති වෙනුවට පුවත්පත්වලට ස්වයං නියාමන මූලධර්මය යටතේ කටයුතු කිරීමට ඉඩදීම යෝග්‍යයැයි කියන එම සංවිධානය ශ්‍රී ලංකාවේද එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ප්‍රකාශ කරයි.
පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය ජනාධිපතිවරයාට එවා ඇති මෙම ලිපිය ආරම්භ කරන්නේ අතිබහුතර ජනවරමකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට තේරීපත්වීම නිමිත්තෙන් එතුමන්ට ශුභාශිංසන පිරිනැමීමෙනි.
මාධ්‍යයට කිසිදු තර්ජනයක් එල්ල නොවන බවටත් සත්‍ය කරුණු මත පදනම් වී ලිවීමට මාධ්‍යවේදීන්ට නිදහස තිබෙන බවටත් ජනාධිපතිවරයා පුවත්පත් සහ අනිකුත් මාධ්‍යවල ප්‍රධානීන් සමග පැවැත් වූ සාකච්ඡාවලදී දුන් සහතිකය මහත් ඕනෑකමින් සැලකිල්ලට ගන්නා බවද සඳහන් කරන එම සංවිධානය සිය ලිපිය අවසන් කරමින් ජනාධිපතිතුමන්ගේ ධුරකාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමිනි.
පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය (WAN – IFRA) මාධ්‍ය ආයතන 3,000කට වැඩි සංඛ්‍යාවක ජාත්‍යන්තර සාමාජිකත්වය සහිත ලොව විශාලතම ප්රවෘත්ති පත්‍ර සංවිධානයයි. ලොව පුරා මාධ්‍යවේදීන්ගේ සහ ප්‍රකාශකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවූ මෙම සංවිධානය ප්‍රංශයේ පැරිස් අගනුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.
ඊට අමතරව මෙම සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනෙස්කෝව සහ යුරෝපා කවුන්සිලය යනාදියේ නිල නියෝජිත තත්ත්වය ද හිමිය.
055
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුවත්පත් ස්වයං නියාමනයට සහාය දෙන්න
Nishan Friday, 14 February 2020 05:02 AM
සහාය ඉල්ලලා වැඩක් නැහැ මොකද ඒක ලැබෙන්නේ නැහැ.
gayan Friday, 14 February 2020 05:13 AM
ස්වයං නියාමන කතා ලංකාවට හරියන්නේ නෑ. ඔය කිව්වට අයගේ රටවලත් ස්වයං නියාමන නෑ.
කමල් Friday, 14 February 2020 08:54 AM
"මාධ්‍යයට කිසිඳු තර්ජනයක් එල්ල නොවන බවටත් සත්‍ය කරුණු මත පදනම් වී ලිවීමට මාධ්‍යවේදීන්ට නිදහස තිබෙන බවටත් ජනාධිපතිවරයා පුවත්පත් සහ අනිකුත් මාධ්‍යවල ප්‍රධානීන් සමග පැවැත් වූ සාකච්ඡාවලදී දුන් සහතිකය..." ඕක "සත්‍ය කරුණු මත, සත්‍ය වචනයෙන් සුදුසු කාලේදී ලිවීම" කියලයි කියන්න තිබ්බේ... එතකොටයි ඒ නිදහසින් මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන්නේ. අනික මොකක්ද ඔය "ස්වයං නියාමනය" කියලා කියන්නේ? පච ගහන අය දිගටම පච ගහනවා, අනිත් අය ඒවා පච කියකියා ඉන්නවා කියන එකටද? ඒක නං "ස්වයං නියාමනය" කියලා කියන්නේ ඒ "ස්වයං නියාමනය" නැති තරමට හොඳයි. මේ ලෝකේ සමහර අපතයන් ඉන්නවා. වැරැද්ද කිව්වට වැරැද්ද කිරීම නවත්වන්නේ නැති.... අන්න ඒ පිරිස අරභයා "ස්වයං නියාමන" කථා විහිළුවක් වෙනවා...