IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පොල්-අල-ලොකු ලූනු මිල නඟී

(*** නාලක සංජීව දහනායක)

වෙළෙඳපොළේ පොල්ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර ගණනකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

තරමක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 50ත් 80ත් අතර මිල ගණන්වලට බව ඔවුහු පෙන්වා දෙති. පසුගිය දිනවල රුපියල් 90ත් 100 අතර මිලකට අලෙවි වූ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ සඳහන් කරති. අර්තාපල් කිලෝවක මිලද රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇත. ආනයනික බදු ඉහළ දැමීම සහ පසුගිය කාලයේ බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මෙන්ම ලොකු ලූනු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යෑම හේතුවෙන් වගාවන් විනාශවීයාම නිසා ලොකු ලූනු මිල ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ.

කහ ග්‍රෑම් 100ක් රුපියල් 400ත් 500ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ පෙන්වා දෙති. පුවක් ගෙඩියක් රුපියල් 16ත් - 20ත් අතර මිලකට අලෙවි වන අතර බුලත් කොළයක මිල රුපියල් 3ක් දක්වා වැඩිවී ඇත. මේ හේතුවෙන් පසුගිය කාලයේදී රුපියල් 30 අලෙවි වූ බුලත් විටක මිල රුපියල් 50 දක්වා වැඩිවී තිබේ.

 



අදහස් (10)

පොල්-අල-ලොකු ලූනු මිල නඟී

kumara Wednesday, 09 September 2020 07:03 AM

දැන් සැපද?

:       10       107

pawulkaarayaWednesday, 09 September 2020 08:56 AM

එහෙමයි අපේ හාමුදුරුවනේ...

:       0       25

siri Wednesday, 09 September 2020 08:38 AM

ළඟදී අල එහෙම කෑවද? දැන් ලූනු කීයද? දැන් සැපද?

:       2       66

dayasWednesday, 09 September 2020 09:55 AM

අපේ රටේ ඔය කියපු දේවල් තියෙන්නේ ඡන්ද කාලයට විතරයි කියලාවත් දන්නේ නැද්ද? පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙන්න. ඊළඟ මැතිවරණයට මාසයකට ඉස්සෙල්ලා ඔය ඔක්කොම ආපහු දකින්න ලැබේවි...

:       0       5

සිදත් Wednesday, 09 September 2020 09:14 AM

ලෝකෙ වැඩියෙන්ම වසවිස ගහන්නෙ අලවලට. ලූණු පොළොවේ තියෙන ආසනික්, ඊයම්, කැඩ්මියම් උරාගෙන ඇතුළෙ තැන්පත් කරගන්නවා. ලෙඩ එන්නෙ තැපෑලෙන්. මං හිතන්නේ ලෝකෙ අපි වගේ පොල් කන රටක් තව නැතුව ඇති. පොල් නැතුව කන්න ක්‍රම ඕනතරම් තියෙනවා. බලන්න කැඳ ටිකක් රසට හදාගත්තම ඒක කොච්චර ගුණද කියලා. එළවලු මස් මාලුම කන්න ඕනෑ කියලා කොහේවත් කියලා නෑ. බඩු මිල වැඩිකිරීම ආණ්ඩු පෙරලන්න කරන මාෆියා කල්ලිවල වැඩ කියලා හැමෝම මතක තියාගෙන සිහියෙන් වැඩ කරන්න...

:       184       16

Nimal Wednesday, 09 September 2020 09:47 AM

කොහොමටත් අල, ලූණු, ඔක්සිජන් ඇඟට අහිතකරයි. ඒ නිසා මිල වැඩිකළ යුතුයි.

:       8       33

බද්රානි Wednesday, 09 September 2020 09:52 AM

පුන්නක්කුත් ඇතුළුව, බඩු මිල තව වැඩි කරන්න. බඩු වල මිල ඕනෑවට වඩා අඩු වුණාම වැඩිපුර කාලා තෙල දාලා දඟලනවා.

:       1       119

jagathWednesday, 09 September 2020 10:25 AM

ඔයාගේ අදහස්වලින්ම අපිට පේනවා... ඔයා පුන්නක්කු භෝජනය කරන කෙනෙක් කියලා. අවශ්‍ය වුණොත් කිරිටිකක් එහෙම දොවාගන්න පුළුවන්ද?

:       0       3

Kuma Wednesday, 09 September 2020 11:45 AM

සියලු දේ මිල ඉහළ දමා පුන්නක්කු පමණක් මිල අඩු කරන්න.

:       1       153

Nandalal DE SILVA - France Wednesday, 09 September 2020 10:09 PM

රජය, ඡන්දෙ පහුවෙනකම් අත්‍යාවශ්‍ය බඩුමිල කොහොම හරි පාලනය කරගෙන හිටියා. තව වසර 5ක් යනකම් බඩුමිල ඉහළ ගියාට රජයට තිබෙන රුදාව මොකක්ද? තොල වෙළෙන්දන්ගේ මඩිය තරකරගන්නත්, බදු මගින් භාණ්ඩාගාරය තරහ කරගෙන, මැති ඇමැතිවරුන්ගේ සුඛ විහරණය ඉහළ නංවා ගැනීමටත් මේ වසර කිහිපය හොඳටම ප්‍රමාණවත් වේවි. දැක්කද වැඩ? දැන් ඔහෙලට සතුටුද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 204 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 183 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 366 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 245 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 202 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 490 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site