තරිඳු ජයවර්ධන
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් 53 දෙනකුට හදිසියේම ලබා දුන් ස්ථාන මරු නියෝග වහාම අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (31) දැනුම් දුන් බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම ස්ථාන මාරු නියෝග නිකුත් කරනු ලැබ ඇත්තේ හෙට (01) සිට මාසයක කාලයක් සඳහා තාවකාලිකව ක්‍රියාත්මක වීමේ පදනම මතය.
සහකාර පොලිස් අධිකාරීවරුන් 27 දෙනකුට 2018 ඔක්තෝබර් 30 වැනි දා තමින් ද, තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් 19 දෙනකුට සහ පොලිස් අධිකාරීවරුන් 07 දෙනකුට 2018 ඔක්තෝබර් 29 වැනි දා තමින්ද මෙම ස්ථාන මාරු නියෝග නිකුත් කර තිබේ.
එම ස්ථාන මාරු නියෝග වල සඳහන් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව 2018 නොවැම්බර් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සේවයේ අවශ්‍යතා මත මාසයක කාලයක් සඳහා ඔවුන් තාවකාලික පදනම මත අනියුක්ත කරන බවයි.
එම මාරුවීම් වලට අදාල නියෝගය නිකුත් කළ පසු පොලිස්පතිවරයා ඊට අනුමැතිය ගැනීම පිනිස ජාතික පොලිස් කොමිෂන් සභාවට යැවූ බව පොලිස් ආරංචි කියයි.
ඒ අනුව අද (31) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් නැතිව සිදු කරනු ලැබ තිබූ එම ස්ථාන මාරුවීම් 53 වහාම අත්හිටුවන ලෙස නියෝග කර ඇතැයි කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සහකාර පොලිස් අධිකාරී ධුරයෙන් ඉහළ නිලධාරීන් ස්ථාන මාරු කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයක් සකස් කර තිබිය දී හදිසියේ මෙම ස්ථාන මාරු කිරීම් කර ඇතැයි පෙලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මීට පෙර ද මෙලෙසම පොලිස් කොමිසමේ අනුමැතියක් නැතිව සිදු කළ ස්ථාන මාරු සහ වැඩතහනම් කිරීම් කිහිපයක් නතර කරන ලෙස පොලිස් කොමිසම නියෝග කර තිබිණි. කල්මුණේ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ වැඩ තහනම් කළ අවස්ථාවේ දී පොලිස් කොමිසමේ අනුමැතියක් නැතිව සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ නිලධාරීන් වැඩ තහනම් කිරීමට හා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයාට බලයක් නැති බව පෙන්වා ඇතැයි ද, කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි (දැන් නියෝජ්‍ය පොලිස්පති) පාලිත සිරිවර්ධන මහතාට ස්ථාන මාරුවක් දීමට යන බව කියමින් නඩු පැවරූ අවස්ථාවේ නීතිපතිවරයා ද එය තහවුරු කර ඇතැයි ද පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිස් ලොක්කන් 53කට දුන් වැරදි ස්ථාන මාරු කොමිසමෙන් නවත්වයි
dunuwila Wednesday, 31 October 2018 06:49 PM
අන්තර් ජාලයේ විවිධ වෙබ් අඩවි වල පලවී ඇති වාර්තා වල "පොලිස්පති පූජිත ජයසුන්දර විසින් සකස් කළ පොලිස් සේවයේ ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස පොලිස් කොමිසමට අණ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බව " සඳහන් කර ඇති අතර " ආණ්ඩුවක කිසිඳු නිලයක් නොදරන ඇමරිකානු පුරවැසියෙකු රටේ පොලිස්පතිවරයාගේ නියෝග මේ අයුරින් වෙනස් කිරීමට සමත්ව ඇත්තේ කෙසේද?" කියාත් ප්‍රශ්න කර ඇත.
Nandalal DE SILVA - France Wednesday, 31 October 2018 07:39 PM
ඒ නිසා වෙන්න ඇති, පොලිස්පතිවරයා, කතානායකවරයා සහ මහින්ද වගේ අය හමුවෙලා, වැඳ වැටී සමාව ගන්න ගියේ?
ටි ඉන්දික Wednesday, 31 October 2018 08:44 PM
පොලිසියේ අයටත් තේරෙන්නේ නෑ පොලිස් කොමිසම දාපු එකේ වටිනාකම, පේනවා නේද ? හිතු මතේ කිසිම දෙයක් කරන්න බෑ..අසාධාරණ ලෙස..අනික් ඒවත් විනාශ කරාවිද ?
mohan Thursday, 01 November 2018 04:35 AM
පුජිත මහත්තයට අමතක උනාද මහින්ද මහත්තය අගමැති උනාට රනිල් ගෙනාපු පොලිස් කොමිසම තාම තියෙන බව. ඉස්සර සෙල්ලම් කරන්න අමාරු වෙයි .
KANDEPOLA Thursday, 01 November 2018 07:42 AM
රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය. පොලිසියේ ලොක්කටම බැරි නම් නීත්‍යානුකූලව වැඩ කරන්න රටේ අනෙක් අංශ ගැන කවර කතාද? පොලිස්පතිවරයා යකා නටනකොට පහළ නිලධාරීන්ගෙන් ජනතාවට සාධාරණයක් වෙයිද?