(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බවට චෝදනා ලබා සිටි හිමිනම අද (25) උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාර වූ බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය.
මේ සම්බන්ධව අදාල ප්‍රකාශයන් සටහන් කර ගැනීමෙන් අනතුරුව හිමිනම අද (25) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් පරීක්ෂකවරවරයාට පහර දීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් සොයමින් සිටින බවද ස්ථානාධිපතිවරයා පැවසීය .
පසුගිය දින කීපය තුළ මෙම සිද්ධිය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් ඒ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි.
පසුගිය 19 වැනිදා නිතී විරෝධි මත්පැන් ජාවාරම්කරුවකු වැටලීමට ගිය අවස්ථාවේදී එම ක්‍රියාව නොකරන ලෙස දුරකතන ඔස්සේ මෙම හිමි නම සහ මත්පැන් ජාවාරම්කරුවන් පොලිස් පරීක්ෂකවරයාට තර්ජනය කර තිබිණි.
අනතුරුව පසුදින එනම් ඉකුත් 20 වැනිදා හිමි නම ඇතුළු මත්පැන් ජාවාරම්කරුවන් වාරියපොල පොලසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයාට බැන තර්ජනය කර පහර දී තිබිණි.
සිද්ධිය සම්බන්ධව දින කිහිපයකට පෙර පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. හිමි නම අතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා දින 6 ක් තිස්සේ පරීක්ෂණ පැවැත්විණි.
පොලිස් පරීක්ෂකවරයා අද (25) ප්‍රතිකාර ලබා නිකවැරටිය රෝහලෙන් පිටව ගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වාරියපොල පොලීසිය සඳහන් කළේය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිස් පරීක්ෂකට තර්ජනය කළ හිමි නම පොලීසියට බාර වෙයි
ravi Saturday, 25 April 2020 05:07 AM
අපිත් බෞද්ධයෝ වුණාට, බුදුන් අදහන්නේ ගෙදර... දානෙ දෙන්නේ යාචකයින්ට.... අපිට ඔය කහකඩයින්ගේ වැඩක් නැහැ.... !!!
sudaSaturday, 25 April 2020 07:28 AM
ඔව්... මේ කහකඩයව හැම ගහන්න ඕනා. අනිත් අයට පාඩමක් වෙන්න. ආණ්ඩුවට කඩේයන සෙට් එකට ළඟදීම ප්‍රහාරයක් එල්ල කිරීමට සියල්ල ලැහැස්තියි.
samareSunday, 26 April 2020 03:44 PM
වැඩක් නැහැ....සුනමියා ඇතුළු ඔක්කොම මැරෙන්නේ පනුවෝ ගහලා...
Kumar (Galf)Saturday, 25 April 2020 11:10 AM
බෞද්ධකම පේනව දාල තියෙන අදහසින්ම... මෙයා නම් බෞද්ධ කෙනෙක් නෙමෙයි. එක්කෝ සිරිකොතේ පිඟන් හෝදන එක්කෙනෙක්. නැත්තන් අලියගෙ නැට්ටෙ එල්ලිච්ච සීනු කාරයෙක්... නියම බෞද්ධයො නම් බුදු හාමුදුරුවන්ට බුදු පහන තියල ගෙදරදිම වන්දනා කරන ගමන් බුදු පියානන්ගෙ බුද්ධ චීවරය දරා ගත්තු සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලා මූලික කර ගත්ත පස්වග තවුසන්ගෙන් ආරම්බ වෙච්ච සංඝ පරපුරටම වන්දනා කරන සිතුවිල්ලෙන් තමයි ස්වාමීන් වහන්සේ නමකට වන්දනා කරන්නෙත්. ඒත් ඉතින් එහෙම දෙයක් සිරිකොතේ වහල්ලුන්ටයි, සීනු වහල්ලුන්ටයි, රැඩිකල් කියන ගොන් හැත්තටයි නම් තේරෙන්නෙ නැහැ තමයි.
marasingheSunday, 26 April 2020 03:42 PM
වහල්ලු...? ගෝත්‍රිකයෝ...ඉන්නේ මැද මුලන නොහොත් සුනාමි සහ මල්වානේ එක්කනේ.
karunarathnaSunday, 26 April 2020 03:48 PM
සිරිකොතේ පිගන් හෝදන එක ලොකු ගෞරවයක්...,
athuraya Saturday, 25 April 2020 05:17 AM
චන්දයට කලින් දවසේ අරක්කු පොවන්න කීව කෙනාද මෙ?
kamal Saturday, 25 April 2020 05:19 AM
හිමිනමක් මේවගේ දුෂණයකට සම්බන්ද නැහැයි කිව්ව නම් තමයි පුදුමේ.
kumarage Saturday, 25 April 2020 05:22 AM
දැන් ඉතින් පොලිසියේ ලොක්කත් මාර බයේ ඇති අනේ ඔය සක්කිලි සිව්රු කාරයා ඉක්මණින් පොලිසියෙන් එළියට අරන් යන්න. යන්න පොලිසියට ඇවිත් ඔය තරම් දගලන් නැනේ...
Mr don Saturday, 25 April 2020 05:38 AM
හොර ගණයාට අවුරුදු 10ක සිරදඩුවම් දෙන්න ඔනේ...
HunuwarthurabibileDhammachetti Saturday, 25 April 2020 05:47 AM
ඔය පූස්දන්ඩට නමක් නැද්ද ?...
SUDATH SILVA Saturday, 25 April 2020 06:24 AM
හිමිනම ඇත්තටම වැරදි නම් දඩුවම් කළයුතුයි. එතකොට අනිත් අයත් හැදේවි. මේ හිමිනම කියනවා මෙතන පගාව සම්බන්ධ සිද්ධියකුත් ඇති බව. වින්දිතයෙක් ටිකක් ශබ්දව කතා කළත් පොලිස් රාජකාරියට බාධා කළා කියලා නඩු දමන බව සමහර තැන්වලදී පෙනෙනවා. ඒ නිසා පොලිස් නිලදාරීන් වැරදි කළොත් එයාලටත් ක්ෂණික දඩුවම් ක්‍රමයක් සකස් කළ යුතුයි. පොලිසියයි, ජනතාවයි දෙගොල්ලොම නිතිය එක ලෙස පිළිපැදිය යුතුයි.
PrabhaSaturday, 25 April 2020 09:02 AM
සල්ලි ඉල්ලුවා නම් අල්ලස් නිලධාරීන්ට කියන්න ඔනේ රාලහාමිට ගහන්නේ නැතිව...
හරේන්Saturday, 25 April 2020 04:05 PM
ඔව්.... ආරංචි විදියට පගාව දීල නැති හින්ද තමයි කසිප්පු තිප්පල අල්ලල තියෙන්නෙ.
සුදර්ශන Sunday, 26 April 2020 08:38 AM
ඔය කතාව මන්ත්‍රී හදලා දීපු එකක්.
Raveendra Saturday, 25 April 2020 06:33 AM
සියලුම නිකායන්වල නායක ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි.අප බෞද්ධයෝ වන්නෙමු. චිවරය කෙරෙහි අප හදතුල ඇත්තේ ඉමහත්වූ භක්තියකි. ගෞරවයකි. අප අන්‍ය ආගම්වලට කිසිවිට පරිබව නොකරන්නෝය. එලෙසම අපගේ ආගමටද කිසිවෙකු පරිබව කරනවාටද කිසිදු කැමැත්තක් නොමැත.මෙහි සදහා කරුණු කාරනා එලෙසින් සත්‍යම නම් අපට මෙම ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති වන්නේ ඉතාමත්ම පිළිකුලකී.. බුද්ධ පුත්‍රයෙක් මෙසේ හැසිරෙන්නේ නම් එය නිවැරදිද , වැරදිද සොයා බලනවට වඩා එමගින් බෞද්ධ සමාජයට ඇතිවෙන හානිය සුළුපටු නොවන බව නොරහසකි.මෙම චීවරදාරියා කර ඇත්තේ මහත්වූ පාපයකි.අප කිසිවෙකුට 100% නිවැරදිව සිටිය නොහැකි බව ස්ථිර වුවත් පුජ්‍ය පක්ෂයකින් මෙවන් සිදුවීම් කිසිවිට සිදුවිය නොහැකි බව අප තරයේ විස්වාස කරන්නෙමු. එබැවින් ඔබවහන්සේලාගේ කාරුණික අවධානය අපගේ මෙන අදහස් දෙස යොමුවී විනය කටයුතු පිළිබදව ඔබවහන්සේලා දැඩි තීරණ ගනු ඇතැයි ගිහියන් වන අප තරයේ විස්වාස කරන්නෙමු. පුජ්‍ය පක්ෂයකින් අප වඩාත් බලාපොරොත්තු වන්නේ ගිහි සමාජයේ යහපත මිස අන් කිසිවක් නොවන බවත් සදහන් කිරීමට කැමැත්තෙමු.
යාපාSaturday, 25 April 2020 08:10 AM
ඉතා වටිනා අදහස් පලකිරීමක්. බොහොම ස්තුතියි ඔබට.
lanka Saturday, 25 April 2020 06:47 AM
අපේ රට පාලනය කරන උදවිය .. මේ චීවරදාරීන්ව කරේතියාගෙන, ඉස්සරහින් තියාගෙන , අපේහාමුදුරුවනේ .. අපේහාමුදුරුවනේ .. කියමින් ජනතාවට පච කෙලිනකොට මේ වගේ දේවල් සිද්ධ වෙනවා.
sanjeevaSaturday, 25 April 2020 03:15 PM
ලංකා - පේනවනේ ඔයාගේ කොමෙන්ට් එකට අකැමති කීදෙනෙක් ඉන්නවද කියලා. එකෙන් මොකද්ද අපිට පිළිබිඹු වෙන්නේ ? අන්ධ භක්තියෙන් බුද්ධාගම පිටිපස්සේ යන කට්ටියනේ. මේ අය නිර්මල බුදු දහම / බුද්ධ දර්ශනය දන්නේ නැහැ. බුද්ධාගම කියන දේ පන්සලෙන් පන්සලට, එක මහණ කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස් වෙනවා. මේගොල්ලෝ තමයි බුද්ධශාසනය කියලා මවාගෙන බුදු දහම කන්නේ. බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද ? සබ්බ පාපස්ස අකරනං (සියලු පාපකර්මවලින් ඇත්වෙන්න), කුසලස්ස උපසම්පදා (කුසල් රැස්කර ගන්න ) , සචිත්ත පරියෝදපණං (සිත පිරිසිදුව සිටින්න), එතං බුද්ධානුසාසනං (බුදුන් අනුශාසනය කෙරුවේ එයයි )...
sanjeeva Saturday, 25 April 2020 06:55 AM
බුද්ධ පුත්‍රයන්ට අත නොතබනු!! මේ අපේ දේශයයි .. මේ අපේ ජාතියයි (ඇත්තටම)!! මේ අපේ ආගමයි .!! මේ අපේ සිංහල අපගේ රටයි !! මෙවැනි පින්වත්, ගුණවත්, සැදැහැවත්, නැණවත්, මහා කරුනාසම්පන්න අය දැන් ඇතිනේ...
රවින් Saturday, 25 April 2020 06:56 AM
පහුගිය දවස්වල තවත් ස්වාමින්වහන්සේනමක් කියලා තිබුනා නේද "මහා නායක හිමිවරුන්ට දොස්?" මෙවැනි චීවරධාරියෝ සිටින්නේ කොයි තැනද? ලංකාව පුරා විසිරි සිටින මෙවන්නන්ගේ ක්‍රියා කලාපයන් ගැන රාජ්‍ය නිලධාරින්ට හෝ පෘතග්ජනයා හට මහානායක හිමිවරුන්ට හෝ භික්ෂු විනය කඩ කිරීම් ගැන පැමිණිලි කල හැකි ක්‍රමවේදයක් ඇතිද? එසේ නොමැතිනම් එවන් ක්‍රමවේදයක් සැකසීම කාලය ඇවිදින් නොවේද?
lalithm Saturday, 25 April 2020 06:57 AM
බුදු දහම ජීවනෝපාය කරගත් හොර චීවරධරින්ගෙන් පන්සල් බොහොමයක් පිරිලා තියෙන්නේ. අර පන්සලට වඩා අපේ එක ලොකු වෙන්න ඕනේ කියන ආත්මාර්ථකාමී හැගීමෙන්. වැලේ වැල් නැතිව ඉඳල පන්සලකට ආපුවහම හත් මුතු පරම්පරාවම පන්සලෙන් ගොඩ දමා ගන්න හදන චීවරධාරීන් හින්ද නියම ගරු කටයුතු ස්වාමින්වහන්සේලට තිබෙන ගරුසරුවත් නැතිවෙලා. ගම වල බොහෝ දෙනෙක් පන්සල් වැලි ඉවත් වෙලා. එකම පිළියම මේ වගේ දුර්ජනයින් අහු වුන වහාම සිවුරු ගලවා පන්නල දමන එක. ගිහියන් විදියට දඬුවම් දීම...
rathnayakaSunday, 26 April 2020 08:46 AM
ඒක තමයි දැන් අපි කරන්න හදන්නේ.
beau Saturday, 25 April 2020 08:05 AM
කසිප්පු බොන කෙනෙක්ද දන්නෙත්නැහැ...
විපරමා Saturday, 25 April 2020 09:07 AM
සිව්රක් දාගත්තට කිසිම සිල්වත්කමක් නැති දූෂිත දේසපාලුවන්ට කඩේ යන චීවරදාරියෝ අපේ රටේ ඉන්නෙ... තවත් කවර කතාද?
AASIRI Saturday, 25 April 2020 09:17 AM
ගරු අධිකරණයේ තීන්දුව ලැබුණාට පසුව අදහස් පළකිරීම වඩා බුද්ධි ගෝචර වනු ඇත.
වාරියපොළ තරුණ කැල Saturday, 25 April 2020 01:00 PM
ඒවා වැඩක් නැහැ... ආපහු පන්සලට ආවොත්... සිවුර ගලවලා... ගමෙන් පන්නනවා.. පොහොට්ටුවෝ එක්කම ඉන්නවෙයි.