(තරිඳු ජයවර්ධන)
පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස් පරීක්ෂක නිලය දක්වා පොලිස් නිලධාරීන් 25,397කට උසස්වීම් ලබා දීමට ඊයේ (18) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර එම තීරණය පොලිස්පතිවරයාට යොමු කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
කාලයක් තිස්සේ උසස්වීම් පමාවීම නිසා 2020 වසරේ සහ 2021 වසරේ සිට උසස්වීම් ලැබීමට යෝජිතව තිබූ මෙම නිලධාරීන්ට 2019 වසරට සහ 2020 ජනවාරි මාසයට පෙරදාතම කර කොටස් දෙකකට උසස්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබීම අනුව මෙම උසස්වීම් ලබා දෙන බව පොලිස් කොමිසම පවසයි.
ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන් 15525 දෙනකුටත්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 1630 දෙනකුටත්, පොලිස් සැරයන්වරුන් 4950 දෙනකුටත්, කාන්තා පොලිස් සැරයන්වරියන් 263 දෙනකුටත් උසස්වීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
උප පොලිස් පරීක්ෂකවරුන් 1490 දෙනකුට ද, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 117 දෙනකුට ද, පොලිස් පරීක්ෂකවරුන් 1321 දෙනකුට ද, කාන්තා පොලිස් පරීක්ෂකවරියන් 101 දෙනකුට ද උසස්වීම් ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම පිරිසෙන් කොටසකට 2019 ජූලි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදිත්, තවත් පිරිසකට 2020 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදිත් උසස්වීම් ලබා දීමට නිර්දේශ කර එය පොලිස්පතිවෙත යොමු කළ බවත්, පොලිස්පතිවරයා අද (19) හෝ හෙට (20) මෙම උසස්වීම් ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික පොලිස් කොමිසම පවසයි.
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොලිසියේ 25,397කට එකවර උසස්වීම්
සුරංග Tuesday, 18 February 2020 09:50 PM
ඡන්ද ගුණ්ඩු. ඔහොම කලාම අන්තිමට පොලිසියෙ ඔක්කොමලා නියෝජ්‍ය පොලිස්පතිලා වෙලා තමයි නවතින්නෙ.
අමිත Tuesday, 19 May 2020 12:42 PM
මේ 2020 පෙබරවාරි දුන්න උසස්වීම් සදහා කොමිසමෙන් අනුමැතිය ලැබීම මිස නැවත උසස්වීම් ලබා දීම නොවෙයි.
Waruna Friday, 22 May 2020 10:52 AM
උසස්වීම් දුන්නා... නමුත් ඒ අයගේ සේවාකාලය දුන්නේ නෑනේ.. වැඩක් නෑ දුන්නට...