(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පූගොඩ පොලිස් වසමේ වෙළෙඳසලක් කොල්ල කා පලා යමින් සිටි කොල්ල කල්ලිය ගමන් ගත් වෑන් රියකට මීරිගම පොලිස් නිලධාරීන් අද(13) පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදුණු වෑන් රිය නොනවත්වා ම පලා ගොස් ඇති අතර එම රිය අතුරු මාර්ගයක සඟවා ඇතැයි සැක කර හෙයින් පොලිස් කණ්ඩායම් සෝදිසි මෙහෙයුම ද ආරම්භ කර ඇත.
පූගොඩ නගරයේ වෙළඳසැලක් කොල්ල කන බවට ලැබුණු තොරතුරක් මත එම පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ කොල්ල කල්ලිය වෑන් රියෙන් පලා ගොස් ඇත. පොලිස් නිලධාරින් පලා යන වෑන් රිය සොයමින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ සියලූ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කිරීමට ද පියවර ගෙන තිබේ. ඒ අනුව පොලිස් පිරිස් විමසිල්ලෙන් සිටිය දී ගිරිඋල්ල දෙසට ගමන් ගත් වෑන් රථය නතර කරන ලෙසට මීරිගම ඩී එස් හන්දිය අසල දී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් නියෝග කර ඇත.
පොලිස් අණ නොතකා පලායාමට තැත් කළ වෑන් රියට පොලීසිය මෙහිදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතත් ඔවුන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම වෑන් රථය ගිරිවුල්ල දෙසට ගමන් කර නැති බවට පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත. එම හේතුව නිසා මෙම රිය ප්‍රදේශයේ කිසියම් අතුරු මාර්ගයක ගමන් කර සඟවා තබා ඇත් දැයි සැක කරන බවද පොලිසිය පවසයි
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිසියේ වෙඩි ප්‍රහාර මැද කොල්ල කල්ලිය පලා යයි
horu Thursday, 13 August 2020 03:21 AM
පොලිසිය වෙඩි තැබුවේ අපිට නොවේ... අහසට සහ අවට පොල්ගස්වලට...
අතුල Thursday, 13 August 2020 11:18 AM
පොලිසිය පවු.