IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොලීසිය කරන්නේ ඇඟ බේරාගැනීමයි

(*** මනෝප්‍රිය ගුණසේකර)

තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ලාගේ ඡායාරූප රාජ්‍ය බුද්ධි අංශයේ ඇති බවත් ඔවුන්ගේ ඡායාරූප ගැනීම රාජ්‍ය බුද්ධි අංශයේ වගකීමක්  බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පරිසර හා ප්‍රජා පොලිස් කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතා පැවැසීය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා (සභාපති), අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්‍ෂ සහ බන්දුල අතපත්තු යන මහත්වරුන් මෙන්ම  අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් මංගලිකා අධිකාරී මහත්මියද කටයුතු කරයි.

මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් බුවනෙක හේරත් මහතා කටයුතු කරන අතර කොමිසමේ භාෂා පරිවර්තකවරයා වශයෙන් විමල් ද සිල්වා මහතා කටයුතු කරයි.

කොමිසමේ සභාපතිවරයාගේ සහ එහි සාමාජිකයින්ගේ හා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් පරිසර හා ප්‍රජා පොලිස් කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතා මෙසේද පැවසීය.

උප පොලිස් පරීක්‍ෂවරයකු ලෙස සේවයට බැඳුණු මා වසර 38ක සේවයක් සපුරා ඇත. 2019 වසරේ මාර්තු මාසයේදී ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් පත්වී පැමිණියා. මා යටතේ සහකාර පොලිස් අධිකාරී කොට්ඨාස 04ක් යටතේ පොලිස්ථාන 10 ක් පාලනය වෙනවා. ලක්ෂ හතක පමණ ජනතාවක් ජීවත්වන මෙම ප්‍රදේශයේ ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශවල ක්‍රිස්තියානි හා කතෝලික පල්ලි  60 පමණ තියෙනවා. 35,000 ක් පමණ මුස්ලිම්වරුන් ජීවත්වන මෙම ප්‍රදේශ වල මුස්ලිම් පල්ලිද තියෙනවා.

2019 අප්‍රේල් 11 වැනිදා දහවල් 12.39ට බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඔහුගේ ලිපියක්ද සහිතව ලේඛන කිහිපයක් ෆැක්ස් පණිවිඩයක් එවා තිබුණා. කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කොට මොහොමඩ් සහරාන් ඇතුළු හය දෙනකු විසින් ප්‍රහාරයක් එල්ල කරන බවටද එහි සඳහන් වුණා.

එහි පිටු පහකින් යුත් ලේඛන කට්ටලයක් තිබූ අතර එහි ‘ටොප් සීක්‍රට්’ ලෙස සඳහන්ව තිබු ඉංග්‍රීසි භාෂාවෙන් එක් ලිපියක්ද සිංහල භාෂාවෙන් තවත් ලිපියක්ද එවා තිබුණා. ඉංග්‍රීසි භාෂාවෙන් තිබු ලිපියේ තව්හිද් ජමාද් සංවිධානයේ නායන මොහොමඩ් සහරාන් විසින් වැදගත් පල්ලි ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරන බවටත්, එම ප්‍රහාර සැලසුම් කොට ඇති බවටත්, ඒ සඳහා ඔත්තු බලා ඇති බවටත්, සඳහන්ව තිබුණා. මරාගෙන මැරෙන ප්‍රහාර, ට්‍රක්රථ ප්‍රහාර, පිහි ප්‍රහාර මඟින් මෙම ප්‍රහාර එල්ල කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කොට තිබුණා.

ඉංග්‍රීසි භාෂාවෙන් වු එම ලිපිය ඉන්දියාවෙන් එවන ලද එකක් බව මට හෙළි වුණා. මගේ පළපුරුද්ද හා අත්දැකීම් අනුව එම ලිපියේ ඇති තොරතුරු සත්‍ය බවට මට සීයට සියයක්ම නොවුණත් යම් විශ්වාසයක් ඇති වුණා. එම ලිපි සවස 4.00 වන විට මා යටතේ සිටින සහකාර පොලිස් අධිකාරීවරුන්ටත් පොලිස්ථාන වලටත් යැවීමට කටයුතු කළා. එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිසි පියවර හා ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒ පිළිබඳව මා වෙත වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නා.

පොලිසියේ දැන් තියෙන්නේ ‘ඇඟ බේරා ගැනීමේ’ ක්‍රමයට වැඩ කිරීමක්, කොළ කෑලී දානවා පමණයි. නමුත් ප්‍රතිඵල නැහැ. මා ගුරුහරුකම් ගත් පොලිස් නිලධාරීන්ගේ ක්‍රමය වුණේ පහළ නිලධාරීන්ගේ මනසට කාවැද්දීමයි. එසේ කටයුතු කළා නම් මෙවන් දෙයක් වන්නේ නැහැ. මෙම සිද්ධිය පමණක් නොවේ වෙනත් ඕනෑම සිද්ධියකදී පොලිසියේ ඉහළ නිලධාරීන් ‘ඇඟ බේරාගැනීමේ’ ක්‍රමයට වැඩ නොකොට මේ පිළිබඳව පහළ නිලධාරීන්ගේ මනසට කාවැද්දීමට කටයුතු කළා නම් හොඳ ප්‍රතිඵල ගැනීමට හැකියාව තියෙනවා. කෙසේ නමුත් මෙම ලිපිය ලැබුණු දින සවස සහකාර පොලිස් අධිකාරීවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලන අංශ ස්ථානාධිපතිවරුන්, බුද්ධි අංශ නිලධාරීන් කැඳවා පැවැත්වු මාගේ උපදෙස් පන්තියේදී මෙම ලිපිය පිළිබඳව නිලධාරීන් දැනුවත් කළා.

මෙම ලිපියේ සඳහන් කරුණු ඇතුළු තවත් කරුණු අරමුණු කරගෙන අප්‍රේල් 11 වැනිදා සිට මාගේ නියෝග මත මෙහෙයුම් 23ක් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සටහන් යොදා තිබුණා. කෙසේ වුවත් අප්‍රේල් 12 වැනිදා සිට දින 04ක් මා නිවාඩු ගියා. ඒත් මාගේ නියෝග මත ගුවන්විදුලි කාර් රථ විශේෂ මෙහෙයුම් රාජකාරී, ක්‍ෂණික පොලිස් මාර්ග බාධක රාජකාරී, ඇතුළු රාජකාරී දැම්මා.

ප්‍ර. මෙම ලිපියේ සඳහන් කරුණු පිළිබඳව ඔබ ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන වල පූජකවරුන්ට දැනුම් දුන්නාද?
පිළි. නැහැ. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිපියේ තියෙනවා. මේ තොරතුරු රහසිගතව තබාගන්නා ලෙස ඒ පිළිබඳව මා එකඟ නැතත් ලිපියේ එලෙස සඳහන්ව තිබු නිසා ඒ පිළිබඳව කාටවත් කීවේ නැහැ.

ප්‍ර. ඔබගේ උපදෙස් පන්තියේදී දුන් නියෝග පිළිබඳව ඉන් පසුව ඔබ සොයා බැලුවද?
පිළි. ඔව්. නිලධාරීන් මට හමුවූ විට මා වාචිකව ඔවුන්ගෙන් කරුණු විමසා සිටියා. එහිදී හෙළි වුණා. මේ පිළිබඳව මොරටුව පුදේශයේ පල්ලි වලට ප්‍රජා පොලිස් කමිටු විසින් දැනුම් දී ඇති බව.

ප්‍ර. පාස්කු ඉරිදා කතෝලික පල්ලි වලට ආරක්‍ෂාව දෙන ලෙස ඔබ නිලධාරින්ට උපදෙස් දුන්නාද?
පිළි. නැහැ. පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩ ලබාදී තිබුණා. මොරටුව කුරුස හන්දියේ ඇති ශාන්ත සෙබස්තියන් පල්ලියට හා ශාන්ත මේරී පල්ලිය ඇතුළු එම ප්‍රදේශයේ සියලුම පල්ලි වලට  ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් යෙදවුවා.

සහරාන් මෙරටදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවත් ඔවුන්ගේ ඡායාරූප ලබාගන්නා ලෙසත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ ලිපියක සඳහන් වී ඇති බවත් අවශ්‍ය නම් කතෝලික දේවස්ථාන වල ආරක්‍ෂාව වැඩි කිරීමට හා අවශ්‍ය නම් එස්.ටී.එෆ්. ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසත් සඳහන්ව තිබුණා. මා විසින් පහළ නිලධාරීන්ට නියෝග ලබා දෙමින් යැවූ ලිපියේ සහරාන්ගේ නම සෘජුව හෝ වක්‍රව සඳහන් කොට නැති බව මුදිත පුස්සැල්ල මහතා කොමිසම හමුවේ පිළිගත්තේය.

කෙසේ නමුත් මෙම පිපිරුමෙන් පසු දෙහිවල ප්‍රදේශයේ තවත් පිපිරුමක් විය හැකි බවට බුද්ධි නිලධාරීන් දුන් තොරතුරුක් පිළිබඳව ඉහළට දැනුම් දීම නිසා කැළඹීමක් වු බව සඳහන් කරමින් තමාට අවවාදාත්මක ලිපියක් ලැබුණු බවද පැවසීය.
සහරාන්ලාගේ, රිල්වාන්ලාගේ ඡායාරූප ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිපියේ සඳහන්ව තියෙනවා. ඒත් සහරාන්ලාගේ, රිල්වාන්ලාගේ ඡායාරූප රාජ්‍ය බුද්ධි අංශයේ තියෙනවා. එම ඡායාරූප ගැනීම ඔවුන්ගේ වගකීමක්. එසේ තිබියදී ඔවුන්ගේ ඡායාරූප ගැනීමට අපිට කියන්නේ ඇයි?

ප්‍ර. පොලිසියේ වෙනත් නිලධාරීන් ඇඟ බේරා ගැනීමේ ක්‍රමයකට කටයුතු කරන බව ඔබ කීවත් ඔබ විසින් යැවු ලිපි වල සුදුසු / අවශ්‍ය කටයුතු කරන ලෙස සඳහන් කිරීම තුළින් ඔබත් ඇඟබේරා ගැනීමේ පිළිවෙළකට ක්‍රියා කොට ඇති බවට යෝජනා කරනවා.
පිළි. මා පිළිගන්නේ නැහැ. මා යටතේ තිබූ කතෝලික පල්ලි 60 ම කිසිදු සිදුවීමක් වුණේ නැහැ.

දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම් හලේ බෝම්බ පුපුරුවාගත් පුද්ගලයා උදේ 9.45 පමණ ගාලු පාරට ඇවිත් විනාඩි පහක පමණ කාලයක් ශාන්ත සෙබස්තියන් පල්ලිය ඉදිරිපිටින් ඇවිද යන බවට සී.සී.ටී.වී. කැමරා දර්ශන වල සඳහන්ව තියෙනවා. ඒ වන විට මෙම පල්ලියට විශේෂ ආරක්‍ෂාවක් දමා තිබුණා. පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට මොහු පැමිණි බවට සැකයක් ඇති අතර පල්ලියට විශේෂ ආරක්‍ෂාවක් දමා තිබීම නිසා ඔහු එයට නොපැමිණි බවට විශ්වාස කරනවා.
ටාජ් ප්‍රහාරය වැරදුණු බෝම්බකරු පොලිස් වසම් හතරක් පසුකර කිලෝමීටර් හයක් දුරින් පිහිටි දෙහිවලට පැමිණ තියෙනවා. ඔහු කොළඹින් ත්‍රීරෝද රථයකට නැඟ වැල්ලවත්තට පැමිණ තියෙනවා. එතැනින් තවත් ත්‍රීරෝද රථයකට නැඟ ශාන්ත මේරී පල්ලිය පිටුපසින් ඇති පාරෙන් දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම් හලට පැමිණ තියෙනවා. උදෑසන 10.00 ටත් පල්ලියේ යාච්ඥාවක් තිබුණා.

ප්‍ර. බෝම්බ කිහිපයක් පිපිරී තිබියදීත් යාච්ඥාව නතර කිරීමට ඔබට බැරි වුණාද?
පිළි. පුජකතුමාට කීවත් එතුමා යාච්ඥාව නතර කළේ නැහැ. නමුත් එම යාච්ඥාව විනාඩි 15 කින් අවසන් කළා.

ප්‍ර. එතකොට බෝම්බකරු පල්ලිය ළඟින් ගොස් තිබුණේ කීයටද?
පිළි, උදෑසන 9.50ට.

රජයේ නීතීඥ දිලන්ත එස්. කලුදුරුවගේ මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම් හලේ සේවකයකු වන රෝෂාන් ඉන්දික මහතා මෙසේද පැවසීය.
2019 අප්‍රේල් 21 වැනිදා උදේ 9.00 ත් 10.00 ත් අතර කරේ එල්ලාගත් බෑග් එකක් හා ඇදගෙන යන රෝද සහිත විශාල බෑග් දෙකක් රැගෙන හෝටලයට පැමිණි ජමීල් නමැත්තා රාත්‍රියටත් සිටින බව පවසා රුපියල් 2500 කට කාමරයක් කුලියට ගත්තා. මා ඔහුගේ ජාතික හැඳුනුම්පත ලබාගෙන එහි ඇති තොරතුරු පොතේ සටහන් කළා. ටික වේලාවකින් කාමරයෙන් පිටවී ගිය ඔහු දහවල් 1.00ට 1.30ට පමණ  යළි හෝටලයට පැමිණියා. ඒ වන විට යාබද කාමරයේ තවත් යුවළක් හිටියා. ඔහු කාමරයට පැමිණ ටික වේලාවකින් විශාල පිපුරුම් ශබ්දයක් ආවා. ඒ පිපුරුමෙන් යාබද කාමරයේ සිටි යුවළ මියගොස් සිටියා.+

ප්‍ර. විශාල බෑග් දෙකක් රැගෙන හෝටලයට පැමිණි පුද්ගලයා පිළිබඳව ඔබට සැකයක් ඇති වුණේ නැද්ද?
පිළි. නැහැ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් පෞද්ගලික ආරක්‍ෂක සේවයක කළමණාකාරවරයකු මෙන්ම හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන හජ්ජි මරික්කාර් මොහොමඩ් අමීන් මහතා මෙසේද පැවසීය.

ආයතනයේ ප්‍රධානියාගෙන් ලද උපදෙස් අනුව දෙහිවල රෙවලයසිර් පාරේ ජුම්මා මුස්ලිම් දේවස්ථානයට ආරක්‍ෂාව ලබාදීම සඳහා නිලධාරීයකු යෙදවීම සඳහා එම දේවස්ථානය පරීක්‍ෂා කර බලා යළි පිටතට පැමිණියා. ඒ වේලාවේදී පුද්ගලයකු වටකරගෙන තවත් පිරිසක් බහින්බස් වීමක් වන අයුරු මා දැක්කා. එතැනට ගිහිං බලද්දී එක් පුද්ගලයකු නුවර පදිංචි යැයි කීවා. ඔහුගේ රියදුරු බලපත්‍රය ඉල්ලාගත් මා එහි ඇති තොරතුරු මාගේ පෙතේ සටහන් කරගත්තා. ඔහුගේ නම අබ්දුල් ලතීප් මොහොමඩ් ජමීල්. ඔහුගෙන් ප්‍රශ්න කරද්දි ඔහුගේ තොරතුරු දැනගන්නා ලෙස පවසමින් ඔහුගේ බිරිඳ බව පවසන ෂිෆානා වුමර් නමැත්තියක් කතා කළා. මා ඇගේ තොරතුරුද සටහන් කර ගත්තා.

පසුව මොහොමඩ් ජමීල් නමැත්තා එතැනින් ඉවත්ව ගියා. ටික වේලාවකට පසු ෂිෆානා වුමර් නමැත්තියගේ දුරකතන අංකයෙන් යම් අයෙක් දෙවරක්ම මට කතා කළා. පසුව සවස 5.00ට පමණ ෂිෆානා වුමර් නමැත්තියගේ දුරකතන අංකයෙන් කතා කළ පුද්ගලයාගේ හඬින්ම කතා කළ පුද්ගලයකු තමන් යුද හමුදා බුද්ධි අංශයෙන් බව කීවා. ඔහුගේ දැනුම්දීම අනුව මා වැල්ලවත්ත පොලිසියට ගිය අතර පසුව ඔවුන්ගේ දැනුම්දීම අනුව ඔවුන් සමඟ මොහොමඩ් ජමීල් නමැත්තා මට හමුවු දෙහිවල රෙවලයසිර් පාරේ ජුම්මා මුස්ලිම් දේවස්ථානයට ගියා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් දෙහිවල රෙවලයසිර් පාරේ ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මව්ලවිවරයා වන මන්සර් මොහොමඩ් රෆ්ලාන් මෙසේද පැවසීය.

2019 අප්‍රේල් 21 වැනිදා දහවල් යාච්ඥාව අවසන් වු පසු දිග රැවුලක් වවාගත් අයෙකු පල්ලියේ මුල්ලකට වී සිටියා. මා ඔහුට කතා කොට පල්ලිය වහන්න යන නිසා පිටව යන්නැයි කීවා. ඔහු පල්ලියෙන් පිටවී ගොස් පල්ලියේ පඩිපෙළේ වාඩි වී නිකටට අත තබාගෙන කල්පනා කරමින් සිටියා. මාත් පඩිපෙළේ වාඩි වී මාගේ ජංගම දුරකතනයෙන් කොළඹ පිපුරුමට අදාළ වීඩීයෝ බලද්දි ඔහුත් ඒවා බැලුවා. ඔහු කීවා මිතුරෙකු පැමිණෙන තුරු සිටිනවා කියා.

පල්ලියේ ඇති සී.සී.ටී.වී. දර්ශන වල අදාළ පුද්ගලයා සමඟ සිටින දර්ශන සාක්කිකරුට පෙන්වන ලදුව ඔහු විසින් ඒවා හඳුනාගන්නා ලදී. ඔහුගේ වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය සහ රජයේ නීතීඥ දිලන්ත එස්. කලුදුරුවගේ මහතා සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතා පෙනී සිටියේය.

වැඩිදුර සාක්කි විමසීම හෙට දක්වා කල් තබන ලදී.

 



අදහස් (1)

පොලීසිය කරන්නේ ඇඟ බේරාගැනීමයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 09:19 AM

"පොලීසිය කරන්නේ ඇඟ බේරාගැනීමයි" අප නොවේ කියන්නේ ... නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

:       0       34

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4766 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4737 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8219 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3016 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 739 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12422 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site