IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පලාලි ගුවන් තොටුපළට ඉන්දියාවෙන් පරීක්ෂණ චාරිකාවක්

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබානු ලබන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙසින් ඉන්දියාවේ එලායන්ස් එයාර් ගුවන් යානයක් ඔක්තෝබර් 17  පරීක්ෂණ චාරිකාවක යෙදෙන බව ‘ද හින්දු‘ පුවත් සේවය අනාවරණය කර සිටී.

එයාර් ඉන්දියා ගුවන් සේවයේ අනුබද්ධිත සමාගමක් වන එලායන්ස් එයාර්, චෙන්නායි සිට යාපනය දක්වා සතියකට ගුවන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ‘ද හින්දු‘ වැඩිදුරටත් සඳහන් කරයි. එසේම ඉදිරියේ දී යාපනය සිට නවදිල්ලිය, මුම්බායි හා කොචි දක්වා ද ගුවන් ගමන් ආරම්භ වීමට නියමිත බව එහි සඳහන් වේ.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ එළඹෙන ඔක්තෝබර් 17 වනදා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නියමිතය.

මේ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැරුණු විට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වන මෙරට තෙවැනි ගුවන්තොටුපළ බවට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්වනු ඇත.

(125)

(ඡයාරූප - රොමේෂ් මධුෂංක)

 



අදහස් (11)

පලාලි ගුවන් තොටුපළට ඉන්දියාවෙන් පරීක්ෂණ චාරිකාවක්

jagath Tuesday, 15 October 2019 08:20 AM

මේ යුඑන්පි නඩේ ඉනකන් රට කනවා, මෙචර පුංචි ලංකාවකට ජාත්‍යන්තර එයාර්පෝර්ට් 3ක්. අනිත් ඒකතමයි සුළු ඡන්ද බලාගෙන මුළු රටම විනාශයකට තල්ලු කරනවා.

:       1295       1515

Mahesh Tuesday, 15 October 2019 08:34 AM

දුපත් මානසිකත්වය.........

:       53       126

ගොන්ගාලේ ගොඩබණ්ඩාTuesday, 15 October 2019 09:50 AM

මහේෂ්.....? මොකද නමේ බාගයක් විතරක් ලියන්නේ. "දුපත් මානසිකත්වය......... මහේෂ්වරන් "කියල ලියුවම ඔබේ මානසිකත්වය දුපත්ද වෙනම රාජ්‍යක් වෙනුවෙන්ද කියල හෙළිවෙන නිසාද ?

:       0       1

Prabha Tuesday, 15 October 2019 09:17 AM

දැන් ඉතින් හොර රත්තරන් ජාවාරම ගමේ ඉඳන් කරන්න පුලුවන්.

:       34       94

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 15 October 2019 09:28 AM

ගුවන් තොටුපලවල් හදල රට සංවර්ධනය කරන ඒක හොදයි... ඒය උතුරෙද දකුෙණද නැගෙනහිරද කියන ඒකත් අපිට ගැටලුවක් නෑ.... හැබැයි ඒ් වගේම තමා ගුවනේ අාරක්ෂාව ගැනත් රජය මීට වඩා සිය දහස් ගුණයකින් සැලකිලිමත් වෙන්න ඕන... ගුවනේ ආරක්ෂාව උදෙසා හොද ගුවන් ආරක්ෂක පද්ධති.... නවීන ප්‍රහාරක යානා වලින් අපේ ගුවන් හමුදාව සන්නද්ධ කරන්න ඕන...

:       0       164

ranilTuesday, 15 October 2019 09:56 AM

තියෙන ණය ටික ගෙවලා ඉවර වෙනකම් ඉන්න හොදේ. රට සංවර්දනය කරන්න ඕනේ නම් වර්ජන නවතන්න

:       1       0

lanka Tuesday, 15 October 2019 09:53 AM

කරන්න තියෙන්නේ තැන තැන ගුවන් තොටුපොළවල් හදන එක නෙමෙයි. ලංකාවේ සල්ලි ගෙවලා ප්‍රාදේශියව ගුවනෙන් යන්න මිනිස්සු නැහැ. උතුර නැගෙනහිර සනසන්න මේවා කරලා වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ නිකන් බොරුවට රටේ සල්ලි ටික වියදම් වෙන එකයි. ලංකාවටම එක ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හොඳටම ප්‍රමාණවත්. කටුනායක ඉඳලා යාපනේටම දුර කිලෝ මීටර් 400 ක් විතර තියෙන්නේ. කරන්න තියෙන්නේ ඒ පැත්තට සහ මුළු රටේම අධිවේගී මාර්ග හදන එකයි. එහෙම උනොත් පැය 5 කින් විතර යාපනේ කෙනෙක්ටත් කටුනායකට එන්න පුළුවන්. රට යන්න විතරක් නෙමෙයි කොළඹ වැඩක් කරගන්න එන මනුස්සයටත් ඒක වටිනවා. දැන් බලන්න මත්තල ගුවන් තොටුපොල අපරාදේ සල්ලියක් නේද.. මත්තලට අධිවේගී එක හදපු හින්ද එහෙ කෙනෙක්ට මොන තරම් කෙටි වෙලාවකින් දැන් කටුනායකට එන්න පුලුවන්ද.. මොකද මත්තල හෝ පලාලි වලින් ලෝකේ ඕන රටකට යන්න පුලුවන්ද. බැහැ. පලාලි හදපු එකෙන් වාසිය ලංකාවට නෙමෙයි ඉන්දියාවට. බලන්නකෝ හෙට අනිද්දා වෙද්දී ලංකාවේ කට්ටිය ඔක්කොම ශ්‍රී ලන්කන් එකට බයි බායි කියල පලාලි වලින් ඉන්දියාවට ගිහින් ඉන්දියන් එයාර් එකේ නැගල වෙන රටවල් වලට යද්දී .

:       0       1

nethu Tuesday, 15 October 2019 11:35 AM

පලාලි කඳවුර ඉවත් කිරීමේ පළමු සාර්ථක පියවර.

:       9       9

banda Tuesday, 15 October 2019 02:28 PM

මේක ඉතාමත් හොද දෙයක් අනිවාර්යයෙන් යාපනය සහ ඉන්දියාව අතර හොද ගුවන් සේවාවක් පවත්වාගෙන යන්න පුළුවන් .

:       4       0

SUJEEWA SILVA Tuesday, 15 October 2019 02:58 PM

නියම වැඩේ. අච්චර ලස්සනට, විශාල ජනතා මුදලින් ණයක් ලෙස ලබාගෙන ගොඩ නගපු මත්තල ගුවන් තොටුපොල වී ගබඩාවක් කරලා, යාපනේ වැසියන්ට තමිල්නාඩු යන්න පහසු කරන්න ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් යාපනේ පටන් ගත්තා. කොහොමද ටිකිරි මොලේ? මට තිබෙන ප්‍රශ්නයනම්, මේ වගේ තීරණ ගන්නා අපේ අර්ජුන ඇමතිතුමා, කොහොමද 1996 දී ලෝක ක්‍රිකට් තරගාවලියට නායකත්වය දුන්නේ කියාලා.

:       0       0

kap Wednesday, 16 October 2019 05:07 AM

මෝඩ මිනිස්සු. 1960 / 70 දශකයේත් යාපනය / චෙන්නායි අතර ගුවන් ගමන් තිබ්බ. එක නැවැත්තුවේ යුද්දේ නිසා . හැම දේම ජාති වාදෙන් බලන අයට මේවා අරහන්. උතුරේ ඉන්නෙත් ලංකාවේ මිනිස්සු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1174 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1117 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 633 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1649 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 84 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 20 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site