IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පලාලි ගුවන්තොටේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි

(රොමේෂ් මධුෂංඛ)

යාපනයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පසුගිය දා ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් විවෘත වූ යාපනය පලාලි ගුවන්තොටුපලේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පලාලි ගුවන්තොටුපළට ද බලපා ඇති අතර නැවත පිළිසකර කරන ලද ගොඩනැගිලි පිහිටි ස්ථාන කිහිපයක් හා මාර්ගයේ ස්ථාන කිහිපයක් යටවී ඇත.

කෙසේ වෙතත් වර්ෂාවෙන් හෝ වැසි ජලයෙන් යටවීම හේතුවෙන් ධාවන පථයට හෝ ගුවන්තොටුපලේ කිසිදු ස්ථානයකට හානියක් සිදු වී නොමැති බව ගුවන්තොටුපලේ බලධාරීහු පවසති.

පසුගිය 17දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර ගුවන් තොටුපළ විවෘත කිරීම සංකේතවත් කරමින් ඉන්දියන් එලායන්ස් ගුවන් සේවයට අයත් යානාවක්ද එදින පලාලි ගුවන්තොටුපල වෙත පැමිණියහ.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ඉන් රුපියල් මිලියන 1,950ක් ශ්‍රී ලංකා රජය අයෝජනයකර ඇති අතර ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ද ඒ සඳහා ආයෝජනය කර ඇත.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ.

 

 



අදහස් (12)

පලාලි ගුවන්තොටේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි

sirimal Tuesday, 22 October 2019 12:38 PM

අපරාදේ වී ටිකක්වත් ගබඩා කරලා තිබ්බනම් වපුරා ගන්න තිබුනා.

:       119       570

සමීර ගලප්පත්ති Tuesday, 22 October 2019 01:04 PM

මේක අදියර කිහිපයක් යටතේ සංවර්ධනය කරන්නේ. මුලිකම පියවර ලෙස කරේ ආසන 72 ට අඩු ගුවන් යානා ගොඩ බැස්සවීමට හැකියාව ලැබෙන පරිදි පහසුකම් ගොඩ නැගීම සහ එය විවෘත කිරීම. මේ දැක්වෙන්නේ අනික් පියවරවල් වල වැඩ කටයුතු. ඒවා තවම ඉවර නැහැ. කාණු පද්ධති සාදමින් පවතින්නේ. කඩවත- නුවර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු බලන්න ගියාමත් මෙහෙම වතුර ගලලා දිස්වෙන්නේ. කලින් දක්ෂිණ අධිවේගය හදද්දි කොපමණ ගෙවල් යට උනාද වර්ෂාව නිසා? වන්දි පවා ගෙව්වා වැසි හානි නිසා. ඒත් වැඩ ඉවර උනාම කාණු පද්ධතිය දැම්මම මේ ගැටළු මගහැරෙනවා.

:       718       1017

CiscoWednesday, 23 October 2019 11:18 AM

වැඩ ඉවර නැත්නම් මොකටද විවෘත කළේ? නම ගහ ගන්නද?

:       129       256

lanka Tuesday, 22 October 2019 05:13 PM

කිසිම හිරිකිතයක් , ලැජ්ජාවක් , බයක් නැතුව මුලික වැඩ ටිකවත් අවසන් කරන්නේ නැතුව තමන්ගේ නම් ගහගෙන මේ වගේ ව්‍යාපෘති ජනතාවගේ අයිතියට පත්කරන්න උත්සව තියන්නේ කොහොමද කියල මට නම් හිතාගන්නවත් බැහැ. මෙතන ගොඩනැගිලි කියල මොනවද තියෙන්නේ . ඔක්කොම කන්ටේනර් පෙට්ටි නේ . මීටර් 950 ක ගුවන් පථයත් ඉතාම බාල ප්‍රමිතියෙන් හදල තියෙන්නේ . ජාත්‍යන්තර ගුවන් තොටුපොල කියන වචනයටත් ඉතාම නින්දාවක් මේක . මේක පවතින්නේ ඇත්තටම ජනතා අයිතියට පත්කලයුතු මට්ටමක නෙමෙයි .

:       653       819

කසුන්Wednesday, 23 October 2019 04:01 AM

මෙතන කාගෙවත් පුද්ගලික නම් ගහගෙන නැහැ ඉස්සරවගේ. නියම තත්වයනම් ගුවන් ගමන් සිදුකිරීමට ඇති මුලික අවශ්‍යතා සපුරාගෙන පමණක් විවෘත කිරීම් කරලා ඇත්තේ. අනෙකුත් ඉදිකිරීම් යන අතරතුර මෙය සිදුවී ඇත. ධනාත්මක සිතුවිලි වලින් ධනවත් වෙන්නේ කවදාද?

:       516       437

lankaWednesday, 23 October 2019 06:01 AM

ඔයා මොනවද මේ කියන්නේ ? මහ දෙන්නා ගිහින් මොකක්ද ඇරපු රෙද්ද ? එකේ තමයි නම්ටික තියෙන්නේ .. එකේ තියෙන්නේ මේ අය විසින් හදා ජනතා අයිතියට පත් කළා කියල . 25% ක් හදල එහෙම කරන්න පුළුවන් ඔයා වගේ කට්ටිය ඉන්න රටක තමයි . ඔයත් සහයෝගය දෙන්නේ නියම ධනාත්මක සිතුවුලි තියෙන කට්ටියකට බව පේනවා . එකනේ අවුරුදු 10 ක් තිස්සේ එක බෝම්බයක් පිපිරුනේ නැති රටේ අන්තිමේට මහා පරිමාන බෝම්බ වැලක් පිපුරුනේ ..

:       345       458

Bandara Wednesday, 23 October 2019 04:11 AM

කෝ මේ අවුරුද්දෙන් කරා කියලා කෑ ගහපු සූත්තර පුංචා!

:       9       162

nethu Wednesday, 23 October 2019 04:11 AM

කෝටි ගානක් වෙන්කරලා ලක්ෂ ගණනකින් වැඩ ඉවර කරපු ව්‍යාපෘතියක්

:       89       126

kolam boss Wednesday, 23 October 2019 06:07 AM

කැලේ කපලා, සුද්ද කරලා, පාරක් හදලා, කන්ටේනර් පෙට්ටි ටිකක් තියලා නම් ටික ගහගෙන ලොකුවට සමරු ඵලකයක් ඇරපු ගුවන් තොටුපොල. නියමයි. ඉන්දියාවේ උවමනාවට ඡන්දෙන් ඉස්සෙල්ලා කරලා දීපු වැඩක් .

:       123       236

Sunil Wednesday, 23 October 2019 11:01 AM

මේ රජයේ හැම වැඩක්ම ප්‍රෝඩාවක්.

:       11       109

නම නැත Wednesday, 23 October 2019 03:18 PM

මේවට අදහස් දාන ගොඩාක් දෙනකු ඇත්ත නොදැන අදහස් බලල අදහස් දානව. ලංකාවට වෙලා තියෙන්නෙ මේ පාට කන්නඩි දාගෙන ප්‍රතිචාර දාන මෝඩ අයගේ ප්‍රතිචාරවලට සහය දම දමා ඉන්න එක විතරයි. මම දන්න තරමට සමීර ගලප්පත්ති මහත්තය විතරයි හරි දේ කියල තියෙන්නෙ . මත්තල තරම් මේකට වියදම් ගිහින් නෑ. මත්තල ඇ ඩො මිලියන 240ක් වියදම වුණා නමුත් පලාලි මේක හදන්න ඇ ඩො මිලියන 6 ක සමාන වෙන රුපියල් ප්‍රමායක් වත් වැයවී නෑ. මම දන්නව නොවැම්බර් පලවෙනිදා සිට හැම දිනකම ගුවන් යානයක් පැමිනීමට දැනටමත් ගුවන් කාලසටහන් හදල තියෙන්නෙ

:       111       30

ලුම්බිණි Thursday, 24 October 2019 05:11 AM

මේක හම්බන්තොටට වඩා ලස්සනට වැඩි වියදමකින් හැදුවා නම් බොහෝ දෙනෙක් කියන්නේ දකුණට නැති සැලකිලි උතුරට කියලා. ඒ අපේ හැටි...

:       107       19

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1524 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site