IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පැරෂුට්කාරයන් ගෙනාවොත් අරගල කරනවා

(ඩී.ජී.සුගතපාල ,ජි.ඩබ්ලිව්.ප්‍රේමතිලකද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම තම පක්ෂයේද අර්බුද තිබෙන නමුත් මෙවර මැතිවරණයේදීත් පැරෂුට්කාරයන් ගෙන ආවොත් ජනතාව සමග එක්ව අරගල කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම (එ.ජ.නි.ස) මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ වත්මන් දේශපාලන තත්වය හා ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ගාල්ලේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ අද (08) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදි මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියේ 2009 පළාත් සභා මැතිවරණයේදි අනර්කලි සහ සජින් වාස් ගුණවර්ධන වැනි පැරෂුට් කාරයින් ගාල්ලට ගෙනෙන ලද නමුත් තමන් ඔවුන් සමග සටන් කොට ජයගත් බවයි. අද ඔවුන් සිටින්නේ කොහේදවත් නොදන්නා බවත්, මෙවරද එසේ පැරෂුට්කාරයින් ගෙනාවොත් ජනතාව සමග අරගල කරන බවත් ඒ මහතා කීය.

ඒ නිසා ඉදිරි මැතිවරණයේදී මොන නළුවන්, නිළියන්, ක්‍රීඩකයින් ගෙනාවත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තමන් ජයගන්නා බවත් මේ වනවිට රටේ ප්‍රධාන පක්ෂය බවට පත්ව ඇත්තේ  එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව  පොදුජන පෙරමුණ බවත් පොහොට්ටුව දිනන ලකුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද රාජපක්ෂ මහතා යටතට යන බවත් මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියේය.



අදහස් (28)

පැරෂුට්කාරයන් ගෙනාවොත් අරගල කරනවා

රවින් Saturday, 08 February 2020 10:46 AM

ඇත්තද...? සිංහරාජෙට ගිහිල්ලද? එහෙ සත්තු නිදහසේ ඉඳීවි...

:       2       268

Hafeel Saturday, 08 February 2020 10:49 AM

ආයිත් මහින්දට කඩේ යනවා. 2015දී මහින්ද වෙනුවෙන් මෛත්‍රීගේ රැස්වීම් එකට ගිනි තියලා මෙයාට නඩුත් තියනවා. එම මැතිවරණයේදී මහින්ද පැරදුණු ගමන්, මෛත්‍රීට කඩේ යමින් මහින්දට ගැහුවා. දැන් ආයිත් මහින්දට කඩේ යනවා.

:       0       557

JayaSunday, 09 February 2020 03:44 AM

මේක මේ මිනිස්සු්ගේ ජීවිකාව.

:       0       19

sarath Saturday, 08 February 2020 10:52 AM

පැරෂුට් වලින් හෝ රටට වැඩක් කරන්න පුළුවන්.., බුද්ධිමත් දැක්මක් ඇති පිරිසක් මිස හාල්පාරුවන්ගෙන් ජනතාවට වැඩක් නැත. මෙවර ඡන්දයේදී ජනතාව නිසැකවම ඒ ගැන සිතා ඡන්දය දෙයි.

:       0       503

Wimalg Saturday, 08 February 2020 11:20 AM

නිශාන්ත මන්ත්‍රීතුමා වගේ උගත්, බුද්ධිමත්, පළපුරුදු නායකයෙක් ගාලු ජනතාව අනිවාර්යයෙන්ම දියවන්නාවට යවන බව අපිට ශුවර්...

:       540       79

damithSaturday, 08 February 2020 11:54 AM

ගාල්ලෙන් නම් ශුවර්....

:       727       562

Hafeel Saturday, 08 February 2020 10:15 PM

ඇයි ගීතා?

:       0       23

KumaraSunday, 09 February 2020 04:53 AM

ගාල්ලනේ .. මෙහෙ ඉන්න කට්ටිය මේවගේ අයට තමයි නායකයෝ කියලා කියන්නේ....

:       0       130

පිටිගල මිලානෝ Saturday, 08 February 2020 11:30 AM

ගෝඨාභය මැතිඳුනි, වියත්මගේ උපදේශකවරුනි, ඡන්ද දායකයිනි... මොහුව ඔබලාට බාරයි..!

:       272       462

saaliSaturday, 08 February 2020 01:05 PM

වියත් මගේ අණ්ඩපාලයින්ට වඩා නම්, මෙයා හොඳ වෙන්නත් බැරි නැහැ...

:       285       270

පිටිගල මිලානෝ Saturday, 08 February 2020 04:06 PM

සාලි, ඇත්ත. වියත්මන්කාරයෝ ලොකු ලොකු තනතුරු පොරකාගෙන බෙදාගත්තා.

:       71       23

Chathuri Saturday, 08 February 2020 11:53 AM

අපේ දේශපාලුවන්ට. කඳ විතරයි තියෙන්නේ මොලේ පිහිටලා නැහැ. මේ සටන් පාඨද කියවන්නේ චන්ඩි කතා නේද? මෙදා සැරේ කට්ටිය ගේන්නේ හිරගෙදර කට්ටිය රටට සේවය කරන්න නෙමේ කල්පනාව තමන් දින්නානං ඇති මහින්ද නැති දවසට මහින්ද එක්ක යන්න ගොඩක් කට්ටිය ඉන්නවා.. තමන්ට මොලේ තියෙනවා නම් කාටවත් කඩේ යන්නේ ඇයි? දිරච්ච සහල් ආහාරයට ගන්න නොමිලේ දෙනවලු මේ නඩේට විතරක් කොරෝන හැදෙන්න ඕනෑ ජනතාව බේරලා. දෙවියන්ගේ අතේ වැඩේ තියෙන්නේ...

:       0       32

කපුරුහාමි Saturday, 08 February 2020 12:06 PM

තමුන් වගේ පැරෂුට් කාරයින් ඉන්න හින්දා තමයි රටට කෙළවෙලා තියෙන්නේ...

:       6       190

banda Saturday, 08 February 2020 12:50 PM

කවුරු මොන බයිලා ගැහුවත් ගාල්ලට වැඩක් කරන මිනිහෙකුට ඉන්නේ මුතු පමණයි. ගාල්ලේ අපි මුතු දිනවනවා.

:       1084       1133

damithSunday, 09 February 2020 02:05 AM

බණ්ඩාලා කොහෙද? මෙයා ගාල්ලේ. කොහොමහරි මේවගේ අය ඉන්නකන් මුතුහෙට්ටිලා, ගීතලා, පබාලා, ලංසලා වගේ අයට පාර්ලිමේන්තු යන එක අමාරුවක් නෙවේ.

:       0       50

අළුත්225ක් තෝරමු Saturday, 08 February 2020 01:01 PM

මැතිවරණයක් ළඟ ළඟ එනවනේ.. මෙයා කැපී පෙනෙන්න හදනවා. බොරු වීරයෙක් වෙලා..

:       255       400

aruna Saturday, 08 February 2020 02:04 PM

අනේ මෙහෙමත් දීන පුද්ගලයින්...

:       117       146

mahinda Saturday, 08 February 2020 02:40 PM

අපි ගාල්ලේ, ඔබට කියන්නේ ඔබ ගාල්ලෙන් කුජි්ත බවයි.

:       208       300

binkunndaa Saturday, 08 February 2020 09:01 PM

පට්ටම පට්ටම හොරා.

:       2       3

මෝ Saturday, 08 February 2020 10:47 PM

මේ පුද්ගලයා කිසි ලෙසකින් පාර්ලිමේන්තුවට යැවිය යුත්තෙක් නෙවෙයි. කරුණාකර මනාප ලිස්ට් එකේ පහළ ඉන්න දූෂණයෙන් තොර උගත්කමක් තියෙන කෙනෙක් යවන්න ගාල්ලේ ජනතාව වග බලා ගන්න. බත් පැකට් එකට අරක්කු බෝතලේට ලොල්වෙලා මොවුන් දිනවන්න එපා. ඔබත් රටත් විනාශ වෙනවාමයි.

:       3       3

denesh Sunday, 09 February 2020 02:47 AM

අතිගරු ජනාධිපතිතුමනි, අපිට ඔබ වැනි අවංකව සේවය කරන පිරිසක් ඕනේ. මේ පරණ හෙන්චයියෝ නැතිව අලුත් වැඩ කරන පිරිසක් ගන්න. අපි ලෑස්ති ඡන්දය දෙන්න. මේ මුළු පාර්ලිමෙන්තුවම අලුත් වෙන්න ඕනේ. හොඳ බුද්ධිමත් උගත් අවංක පිරිසකගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න.

:       3       10

ranaSunday, 09 February 2020 03:58 AM

ඔබේ අදහසට මල් මිටක්. මහජනතාව නේ ? ඔය ටික අවුරුදු 72 කට පසුවවත් ජනතාවට වැටහේවි පතමි.

:       0       6

NuwanSunday, 09 February 2020 05:41 AM

හොඳ බුද්ධිමත්, උගත්, අවංක පිරිසක මේ කියන ජාතියේ මිනිස්සු ලංකාවෙන් නම් වෙන්න බැහැ. කරුණාකරලා 3 දෙනෙක් නම් කරන්න මේ ලක්ෂණ තියන........

:       0       1

nihal Sunday, 09 February 2020 03:25 AM

චන්ඩි කතා, මෝඩ කතා කියන අය මෙදා පාර කම්මුතු වෙනවා.

:       3       1

Diyasena Medawachchiya Sunday, 09 February 2020 07:32 AM

මුතු අමුතු වෙලාද? අපිත් ගාල්ලේ තමයි.........

:       1       0

Pohottu kukka Sunday, 09 February 2020 09:23 AM

අලුතින් ඇවිත් ඉන්න අය බලන්නේ ලැබුණු අවස්ථාවේ උපරිමයෙන් කන තරමක් කන්න. උන්ගේ පවුල් පිටින් ගොඩ දමන්න. එතකොට දැන් ඉන්න අයට වඩා අන්ත වෙනවා. අනෙකා උගත් කියන්නේ හොරකම් නොකරනවා කියන්නේ දෙන්න පුළුවන් සහතිකයක්ද? දැන් ඕකේ ඉන්න උගතුන්ගෙන් අවංක වැඩක් කරන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයා වැනි අතළොස්සක් පමණයි.

:       0       0

රොෂාන් Sunday, 09 February 2020 10:58 AM

මෙයා දිනනවා කියන්නේ මේකට ඡන්දෙ දෙන මෝඩ හරක් ගාල්ලේ ඉන්නවා කියන කියන එකයි.

:       0       1

de silva Tuesday, 11 February 2020 08:08 PM

කිසිම උගත්කමක් , ප්‍රතිපත්තියක් වැදගත්කමක් නොමැති ඔබලා වැනි පුද්ගලයන් පාර්ලිමේන්තු ගියේ පක්ෂෙට කතිරේ ගහල ඊට පස්සේ ලිස්ට් එක බලන විට ලිස්ට් එකේ සියලුදෙනාම එක වල්ලේ පොල් වැනි නිසා මනාපේ ගහන්න කෙනෙකු නැතුව මිනිස්සු මනාපේ ගහපු නිසා , වියත් මගෙන් හරි , කවුරු හරි උගත් වැදගත් , රටට වැඩක් කල හැකි කෙනෙකු පැරෂුට් එකෙන් බැස්සුවොත් මිනිස්සු අනිවාර්යයෙන්ම ඔහුට මනාපේ ගහනවා, දිනනවා කියලා හොඳටම ෂුවර් නම් මොකටද පැරෂුට් කාරයන්ට බය වෙලා අරගල කරන්න සැරසෙන්නේ ? බොරු කලබල නැතිව දිනලා පෙන්වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 139 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 290 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 370 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 437 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 144 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1642 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site