(රංජිත් රාජපක්ෂ)
ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය.
රටේ මහ මාර්ග තදබදය අවම කිරීමට , දුම්රිය ප්‍රවාහනය දියුණු කිරීමට ජනතාවගේ දායකත්වයද ලබා ගන්නා බව සී.බී.රත්නායක රාජ්‍ය අමාත්‍යයවරයා පැවසීය.
කෙටි කාලීන , මාධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් යටතේ ප්‍රවාහන සේවය දියුණු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
කෙටි කාලීන ගැටළුව වශයෙන් දුම්රිය ප්‍රමාදයට විසඳුම් ලබා ගන්නා බවත් සෑම සතියකම අගහරුවාද දින සියළුම දුම්රිය බලධරීන් කැඳවා දුම්රිය ප්‍රමාදයට කරුණු සොයා බලන බවත් අමාත්‍යයවරයා කීය.
තවද දුම්රිය තුළ තිබෙන අපිරිසිදුතාවය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බවත් දැනට පවතින දුම්රිය මාර්ග දෙක වෙනුවට දුම්රිය මාර්ග හතරක් ඉදිකර දුම්රිය සේවය ගුණාත්මක ජනතා සේවයක් බවට පත් කිරීම සඳහා නව දුම්රිය සේවකයින් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.
නව රජයක් පත්වීමේදී එම රජයේ අමාත්‍යවරයාට අවශ්‍යය පරිදි මගි ප්‍රවාහන සේවය වෙනස් කිරීමට නොහැකි ආකාරයට ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා‘‘
ධම්ම Tuesday, 11 February 2020 02:03 PM
ආපු ගමන් කවුරුකවුරුත් ජාතික ප්‍රතිපත්ති, ප්රඥප්ති ගැන කතා කරනවා අප ඕනෑතරම් අහලා තියෙනවා. හැබැයි දැකලා නැහැ.
Wicky Wednesday, 12 February 2020 02:27 AM
දුම්රිය ප්‍රමාදය හැමදාම වෙනවනේ. අහන්නේ මොනවද? මෙයාලට කාර්යක්ෂමව වැඩ කරන්න කියන්න.
kamalWednesday, 12 February 2020 09:25 AM
දුම්රිය ප්‍රමාදය ගැන කරුණු දක්වන්න එන්නේ දුම්රියෙන්ද...?
Ajith Wednesday, 12 February 2020 04:18 AM
නව රජය පත්වී මාස 03ක පමණ කාලයක් ගතවී ඇති නමුත් නියමිත වේලාවට දුම්රියක් ධාවනය කරවගන්න බැරිව ඉන්න ඔබතුමා ජාතික ප්‍රතිපත්තියක් ගැන කතාකිරීම හාස්‍යයට කරුණක්. සියල්ලට පෙර දුම්රිය හැකිනම් නියමිත වේලාවට ධාවනය කර පෙන්වන්න.
de Friday, 14 February 2020 04:04 PM
මෙයා මේ පාර ගෙදර යන කෙනෙක්. ඔය අන්තිම කතා අහන්නේ.