(ආරියරත්න රණබාහු)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ යටතේ ඒ මහතා ඇමති කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස තනතුරු රැසක් දරා තිබේ.
ඒ අනුව ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බෝග ඇමැති (2000 -2001) රජරට සහ ගංගානිම්න සංවර්ධන නියෝජ්‍ය ඇමැති (2004-2007) පොල් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය (2007-2010) වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය(2010-2015)
වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ ඒ මහතා කුරුණෑගල මලියදේව සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙහි ආදී ශිෂ්‍යයකු වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි
Amara Monday, 05 August 2019 02:02 PM
සංවේගයෙන් දැනුම් දීමයි... ඊළඟට පාර්ලිමේන්තුවට එන්නේ කුරුණෑගල ප්‍රසිද්ධ වෛද්‍ය චරිතයක් නේද?
kamalTuesday, 06 August 2019 04:07 AM
නැහැ ඒවගේ අය ඉන්නේ ආණ්ඩුව පැත්තෙනේ
JanapriyaTuesday, 06 August 2019 08:37 AM
ඔව් දැන් පක්ෂේ විපක්ෂේ මොකද්ද හොයාගන්ඩ බැහැ.
sandy123 Monday, 05 August 2019 02:33 PM
සත්‍ය මෙයයි. මෙයට සැවොම මුහුණ දෙන්න වෙනවා. ඉපදෙන සියලුම සත්වයන් මිය යනවා. මේ කෙටි කලට ධනයට බලයට ගිජු වී වල්මත් වෙන්නේ කිමද?
ධම්ම Monday, 05 August 2019 04:32 PM
එතුමාට නිවන් සැප ලැබේවා! එතුමා මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරියෙකි.
HemanthaTuesday, 06 August 2019 08:43 AM
ධම්ම, අපි එතුමාගේ අධ්‍යාපන සුදුසුකම් හොදින් දන්නවා, කුඩා කල සිටන් ලගින් සිටි ඥාතීන් නිසා. මැරුන කෙනෙකුට බොරුවට ගරහන්න එපා.
abaran Monday, 05 August 2019 09:32 PM
පළමුව සංවේගය පලකරමි.. එමෙන්ම ඔය ටික හැමෝටම වෙන බව දැනගෙන රටට ජනතාවට සේවයක් කරන්න. සදාකල් ඔබගේ නාමය ජනතා සිත් සතන් තුල රැඳේවී...
විමලධම්ම හිමි Monday, 05 August 2019 10:49 PM
බලය ලබා කෙටි කලකින් මහජන මුදල් ගසා කා මාළිගා හදන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉන්නා ලංකාවේ සාලින්ද මහත්මා මිය යන තුරුම වාසය කළේ ඉතා පැරණි තම මහගෙදර ය. ඇතුගල මුදුනේ බුද්ධ ප්‍රතිමාව ගොඩ නැගීමට අවසර ගැනීමට ඒ මහතා කළ අරගලය කුරුණෑගල අපි දනිමු. ජනතාව නොකඩවා එතුමන් පාර්ලිමේන්තුවට යැව්වේ එතුමාගේ හදවත හොඳින් දන්නා නිසාය. එතුමාට නිවන්සුව පතමි.
AmaraThursday, 08 August 2019 03:00 PM
මහා ගෙදර කොහෙද අපේ හාමුදුරුවනේ?
රවිඳු Wednesday, 07 August 2019 09:58 AM
ජීවත් වෙලා ඉද්දී මොන වැඩේ කළත් මැරුණම ගුණ කථන වයන එක අපේ රටේ මෝඩයනගේ පුරුද්දක්නේ. හරි හෝ වැරදි වේවා, අපිට නම් ඔය කෝකත් එකයි.