IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘පාර්ලිමේන්තු මැතිවරණය ගැන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපගේ සුභ පැතුම් පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය මගින් සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන එක්සත් ජාතික පෙරමුණ  මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා , පක්ෂ නායකයින් සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තීරණය කිරීමට බලාපොරොත්තු වන බවත් සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (25)

‘‘පාර්ලිමේන්තු මැතිවරණය ගැන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරනවා‘‘

Sam Sunday, 17 November 2019 02:16 PM

අයියා යන්න අදහසක් නෑ වගේ...........

:       26       321

SankaMonday, 18 November 2019 05:39 AM

අගමැතිතුමා පරාජය බාරගෙන නම්බු ඇතුව දේශපාලනයෙන් සමුගන්න... සජිත්ට අපේක්සකත්වය ඕනෑකමින්ම පරක්කු කරලා දෙනකොට රේස් එක ගිහිල්ල ඉවරයි. එහෙම වෙලත් සජිත් ගත්ත ඡන්ද මුළු ගණන හොදටම ප්‍රමාණවත්. අනික ඡන්දෙට සතියක් තියෙද්දිත් අගමැතිතුමා දිනීම පාවාදෙන MCC ගිවිසුම අත්සන් කරන බව සහ අලුත් ආණ්ඩුවේත් අගමැති මමම තමයි කියලා ප්‍රකාශ කිරීමෙන් සජිත්ට ලබන්න තිබුණු ලක්ශ ගනම් පාවෙන ඡන්ද අනික් පැත්තට ගියා. දැන්වත් දේශපාලනයෙන් සමුගෙන සජිත්ට නායකත්වය දීලා ගෙදර යන්න.

:       227       325

BamunuarachchiTuesday, 19 November 2019 03:11 AM

එහෙම කියන්න එපා "ටයිටැනික්" බැලුවානේ නැව ගිලෙනකොට කැප්ටන් පැනලා යන්නේ නැහැ. හැබැයි මෙයා හිටියේ නැව ගිලුණත් බෑන් චූන් එකේ. ඒ මූවී එකේ තිබුනා නේද අනතුර එන විට මීයෝ පැනලා දුවන හැටි.

:       0       0

පිටිගල මිලානෝ Sunday, 17 November 2019 02:30 PM

ඇයි... මේපාරත් ඇවිල්ලා හොරු අල්ලන්නද?

:       13       328

Hafeel Sunday, 17 November 2019 04:27 PM

සුරතල් කල හොරු ටික පිටිපස්සෙන් පැනලා ගියා. මේ සූත්‍ර පුංචා හොරුන් ආරක්ෂා කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෛත්‍රී කල්ලිය සහ මහින්ද කල්ලිය කියමින් බේද ඇති කරලා, ඔහු මේ මැතිවරණයේදී පහසුවෙන් දිනන්න. අවසානයේ ඔවුන් එක්සත් වෙමින් යූ.එන්.පී. එකට දුන්නා. මේ සුත්‍ර පුංචාගේ සැලැස්ම සේරම අතේ පත්තු වුණා...

:       100       467

sirimal Sunday, 17 November 2019 02:30 PM

අපට ආරංචි වෙන්නේ නම් ඊට කලින් අද ඔබතුමා කතානායක කරු ජයසූරිය මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා කියලයි. එහිදී මතුව ඇති නව දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් කතා බස් කළා කියලයි කියන්නේ... ජනමතයට ගරු කරමින් ඉල්ලා අස්වීමට ඔබතුමා අදහස් කරගෙන සිටින බවත් කියනවා. ඔබතුමා කරු ජයසූරිය මහතාගෙන් තාවකාලිකව හෝ පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙසත් "අන්තර්වාර නායකයෙකු ලෙස කටයුතු කරමින් පක්ෂයේ අනාගත නායකත්වය ගොඩනගා ඔවුන් අතට පක්ෂය බාරදෙන ලෙස" ඉල්ලා සිටි බවයි කියන්නේ... "අපක්ෂපාතී, පරිණත නායකයෙකු වන කරු ජයසූරිය මහතාට වඩා සුදුසු පුද්ගලයෙකු එජාපය තුළ නොමැති බව "අද ඔබතුමා කීවාලු. මෙහෙම කියන්න තිබුනේ ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්න කලිනුයි මහත්තයෝ. එදා සුළු පිරිසක් එකතුව නැති ජනප්‍රියත්වයක් පෙන්වා බලහත්කාරකමෙන් ජනාධිපති අපේක්ෂකත්වය ඩැහැගත්තේ නැත්නම් කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර වෙනත් ප්‍රතිඵලයක් ලබා ගන්නට තිබුණා නේද? දැන් ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් පොහොට්ටුව 2/3 ක ජයක් ලබාගෙන නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගන්නා එක නවත්වන්න බැරිවෙයි.

:       105       788

ගල්කටස් Sunday, 17 November 2019 02:34 PM

ඔබ ඉල්ලුවා නම් මෙයිට වඩා ප්‍රතිශතයක් ගන්න තිබුණා. සජිත් වෙදිකාවේ කථා කරනකොටයි දැනුනේ එයා සිරිට හපන් කියලා. එ්කයි මිනිසුන් ඔහුව ප්‍රතික්ෂේප කළේ.. මමත්වය ගැන කථා කිරීමත් සියල්ල දත් ඔහුවීමත් වටේ හිටිය මඩ කරියන් නිසා ඔහු පැරදුණු බවත් දන්නේ ඔබම මිසක් වෙන කවුද?

:       310       638

RaveendraSunday, 17 November 2019 10:39 PM

ගල්කටස් මයා වෙත, ඔබගේ අදහස් අප අගයන්නෙමු. ඇත්තෙන්ම අප සිතනවා නම් අපි තමයි සියල්ල දත්, අපේ අය අති පිරිසිදුයි කියා එය අප අපටම කරගන්න මෝඩකමකි. අපට අවශ්‍ය වන්නේ ඔය කව්රු ආවත් රටේ ආරක්ෂාව,සෑම පුරවැසියකුගේම ආරක්ෂාව, පුරවැසියන්ගේ දියුණුව, නීතිගරුක සමාජයක් මෙන්ම දියවන්නා ඔයේ ඉන්න අයගේ නාස්තිය දූෂණය නවතා දැමීමය..

:       1       27

Nuwan Sunday, 17 November 2019 02:38 PM

පින් සිද්ධ වෙයි... යන්න ඉක්මණට..

:       208       250

රජින්ද Sunday, 17 November 2019 03:13 PM

"ප්‍රජාතන්ත්‍රවාදය අගයන එක්සත් ජාතික පෙරමුණ.." මෙන්න මේ වචන ටික දකිනකොට හිනා ගියේ මට විතරද?

:       122       434

Bandara Sunday, 17 November 2019 05:04 PM

යන්න ගෙදර... දැන් ඇති..

:       7       112

Bandara Sunday, 17 November 2019 05:09 PM

30 වතාවක්ද? 31 වතාවක්ද පැරදුණේ?

:       15       89

Rabba Sunday, 17 November 2019 05:11 PM

මහජාතියට එක නීතියකුයි, සුළු ජාතියකට තව නීතියකුයි තියාගෙන විනාශකළ කාලය නිමාවිය.

:       67       658

senaMonday, 18 November 2019 04:38 AM

ඔය මොකුත් වෙන්නේ නැහැ ඊලග කැබිනෙට් එකේ සංයුතිය බලන්න.

:       46       0

Nishan Monday, 18 November 2019 12:31 AM

ඔබ ගත් වැරදි තීරණය මේ ප්‍රතිපලයට බලපෑවා.

:       0       154

maaraya Monday, 18 November 2019 12:32 AM

2015 දී මහින්ද පැරදිලා ඔක්කොම එක්ක ගෙදර ගියා. තමන්ට අගමැතිකම දීලා. බලන් ගියාම මෙයා තවම එල්ලිලා ඉන්නවානේ.

:       4       235

Gayani Monday, 18 November 2019 12:34 AM

මොකක් හරි කරලා තව ටිකක් ඉන්න බලන්නේ. ඊළඟ පාර ආයෙත් මෙයාම ඉල්ලයි.

:       1       182

දෙනෙත් Monday, 18 November 2019 01:42 AM

මෙවර ජනාධිපතිවරණයට පසුව තමා 19වන සංශෝධනය මගින් ජනාධිපති බලතල අඩු කිරීමත්, අගමැති තනතුරේ බලතලත වැඩි කිරීමත් ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ. ඒකයි ඉල්ලා අස් නොවී ඉන්න හදන්නේ

:       10       25

Asgard Monday, 18 November 2019 01:50 AM

රනිල් ඔයාට කාලය හරි දැන් ගෙදර යන්න

:       21       313

de silva Monday, 18 November 2019 01:53 AM

විශ්‍රාම යන්න අදහසක් නැද්ද ?

:       0       147

jim kuru Monday, 18 November 2019 02:05 AM

තවත් පක්ෂයයි රටයි කන්නේ නැතුව ගෙදර යන්න

:       0       159

Kumar Monday, 18 November 2019 02:53 AM

බහුතරයක් නැතිනම් ගෙදර යන්න, එසේ නැතිනම් ඡන්දයකින් පරාද වුන දිනයට ගෙදර යන්න ජනපතිවරණය කියන්නෙ පාර්ලිමේන්තු වරණය නොවේ. තව වසර කීපයකින් ලංකාවේ ආර්ථිකය ගැන කතා කරමු.

:       59       2

lalithm Monday, 18 November 2019 02:57 AM

බුදු බනෙත් තියෙනවා කාලීනව ධර්මය ශ්‍රවනය සහ පිළිපැදීම ගැන. ඔය නායකතුමා මියයන තෙක් පක්ෂය කන්නේ නැතිව තරුණ නායකයෙකුට දීලා දැන්වත් අයින් වෙන්න. එතකොට තව අවුරුදු 05 කින් ඉදිරිය බලන්න පුළුවන්. 25 අවුරුද්දක් පක්ෂය ආපස්සට ගියා මදිද?

:       0       128

sudelmi Monday, 18 November 2019 05:56 AM

බලමු බැංකු හොර හිරේට යාවිද කියලා ?

:       0       0

Bamunuarachchi Monday, 18 November 2019 07:00 AM

අර මන්ත්‍රීවරුන්ට පැන්ෂන් දෙන්න අවුරුදු 5 ම ඉවර වෙකන් ඉපාර්ලිමේන්තුව තියන්න කියයි. අද හෙටම ආණ්ඩුව විසුරුවන්න

:       5       20

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1777 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 900 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 720 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 348 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 610 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 554 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site