පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික නිදහස් තැපැල් පහසුකම් දීමනාව වැඩි කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවති වාර්ෂික නිදහස් තැපැල් දීමනාව රුපියල් 175,000 සිට රුපියල් 350,000 දක්වාත් පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් දීමනාව රුපියල් 24,000 සිට රුපියල් 48,000 ක දක්වා වැඩි කර ඇත.
ඩේලිමීරර් ඇසුරෙනි
(28535)
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාර්ලිමේන්තු - පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව ඉහළට
Raveendra Sunday, 17 February 2019 06:20 AM
අපරාදේ ඇයි තැපැල් දිමනාව විතරක් වැඩි කරේ අනිත් සියලුම දීමනා වැඩි කරන්න කියලා අපි නම් යෝජනා කරන්නේ.
මංජුල බිරැට් Sunday, 17 February 2019 06:21 AM
ඡන්දෙත් ළඟයිනේ මෙයාලගේ ලස්සන මුණ දාපු ලියුම් එයි ලගදිම
sena Sunday, 17 February 2019 06:29 AM
මේ වැඩිකරන පහසුකම් වලින් මෙයාලා මොකක්ද කරන වැඩේ
රුවන් Sunday, 17 February 2019 06:33 AM
ඡන්දයක් ළග එන නිසා ලියුම් දාන්න ඡන්ද දායකයන්ට, අපේ සල්ලි වලින් ලියුම් දාන්න ... මෙහෙමත් රටක්
Hafeel Sunday, 17 February 2019 07:43 AM
ඇයි රට හා ජනතාව වෙනුවෙන්ද මේ තැපැල් දීමනාව වැඩි කරන්න. තම තමන්ගේ පක්ෂ දේශපාලන වැඩවලට තමයි මේ දීමනාව භාවිතා කරන්නේ.
Bandara Sunday, 17 February 2019 07:45 AM
මේක මදි තව ගොඩක් වැඩි කරන්න. වැඩි කරලා දුප්පත් මිනිස්සුන්ගේ ජිවන බර වැඩි කරන්න.
nihal c k Sunday, 17 February 2019 08:26 AM
මහජනතාවත් රජයේ අමාත්‍යාංශ සහ ආයතන සමග පරිහරණය කරන තැපැල් සදහාත් ගාස්තුවක් අය නොකර නොමිලේ කරදීමට ක්‍රමවේදයක් සලසන්න
Rata Perata Sunday, 17 February 2019 08:48 AM
මේ වසරේ රාජ්‍ය ණය ට්‍රිලියන 2.7 ක් කියලා තිබුනා. ඒත් මෙන්න කරන වැඩ. මොනවටද දීමනා? දෙන්න ඕන සීමාවක්. දැන් ඉතින් ඔය සල්ලිත් යටි මඩි ගහගනියි.
ranjith Sunday, 17 February 2019 11:05 PM
දෙගොල්ලොම මේකට විරුද්දනේ රටේ ජනතාවගේ මුදල් හොරාකනවා මදිවට් තව මුදල් වැඩි කරගන්නවා
Bamunuarachchi Monday, 18 February 2019 12:59 AM
රා.සේ. පි. කියා දේශපාලකයන්ට පමණක් වත් ලිපි යැවීමට අවසර දුන්නොත් විශාල මුදලක් රජයට ඉතිරිවෙනවා නේද? මේ කරන්නේ ජනතාවගේ ඇස් වසා දේශපාලකයන්ගේ දීමනා වැඩිකිරීමක් නේද? මෙම වැඩි කිරීම නැවත තැපැල් දෙපාර්තමේන්තුවට එන මුදලක් නොවෙයි. මේ කාලකන්නින් ගෙදර වියදම් වලට එකතුවෙනවා මිස මේවාට ෙජප්පෝ වත් විරුද්ධ වෙන්නේ නැත.
rocky Monday, 18 February 2019 01:49 AM
තැපැල් මගින් යවන දේවල් වී.පී.පී. ක්‍රමයට ඡන්ද දායකයන් වෙත යවනවා නම් ඉවරයි නේ!
pubudu Monday, 18 February 2019 02:33 AM
ජයවේවා !!! තව දීමනා වැඩි කරන්න. අපි බදු ගෙවන්නම් ..
Ananda Monday, 18 February 2019 03:46 AM
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල...
Bamunuarachchi Monday, 18 February 2019 05:50 AM
VPP තැපැල් ක්‍රමය ගැන දනගෙනද rocky ඔය ලීවේ. VPP කියන්නේ තැපෑලෙන් එන ලිපිය හෝ භාණ්ඩය ලබන්නා විසින් මුදල් ගෙවා බාර ගැනීමයි. අපි මොකටද දේශපාලුවෝ එවන ලිපි සල්ලි දීලා ගන්නේ. දේශපාලුවෝ සල්ලිත් සමග ලිපි එව්වොත් භාර ගැනීම ගැන සලකා බලන්නම්.