IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන්න’යි වෙල්ගම - පාඨලී අධිකරණයෙන් ඉල්ලති

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇත තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූහ.
 
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර ඇත.
 
 විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් සඳහන්  කර ඇත්තේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි.
 
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත්  මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වේ.
 
එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවූ බැවින් එය ලබන  ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය  කර ඇතැයිද පෙත්සම්කරුවන් කියා සිටිති.

මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද එම පෙත්සමේ සදහන් වේ.
 
එමෙන්ම කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබූවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවත් ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යනු ඇතැයි ද පෙත්සම්කරුවන් කියා සිටිති.
 
කොරෝනා වසංගතය අවසන් වීමට පෙර  මැතිවරණයක් පැවැත්වීම තුළින් තමා ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ,ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු
ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටිති.
 
මීට පෙර  සමගි ජන බගවේගයේ මහලේකම් , හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත් 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේය.
 
               

 



අදහස් (26)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන්න’යි වෙල්ගම - පාඨලී අධිකරණයෙන් ඉල්ලති

Raveendra Saturday, 09 May 2020 10:57 AM

අපට අපේ පාඩුවේ මහජන මුදලින් තවත් චිරාත් කාලයක් පිනට තුන් වෙලා සහිතව සියලු සැපසම්පත් ලබාදෙන මෙන් ගරු අධිකරණයෙන් යටහත් පහත්ව ඉල්ලා සිටින්නෙමු. මිට යටහත් පහත් දියවන්නාව පට්ටියේ 225.

:       4967       3410

NishanSunday, 10 May 2020 12:26 AM

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය එපා කියලා ඒකාධිපතිවාදයට එකග වන්නේ සත්තු.

:       352       3544

RaveendraSunday, 10 May 2020 06:18 AM

"කිසිඳු තැනක පාර්ලිමේන්තුව එපා යයි සඳහන් නොකරපු " දෙයක් මවාගෙන පිළිතුරු සපයන්නේ තිරිසන් සතුන්ද, නැතහොත් මොලය අබමල් රේණුවක් හෝ තිබෙන මිනිසුන්ද යන්න ඔබම තීරණ කිරීම වඩාත් යෝග්‍ය නොවේද? වෙනත් කෙනෙකු ඔබට සතෙකු හෝ තිරිසනෙකු යයි කියනවාට වඩා ඔබම අපගේ අදහස් නැවත නැවතත් කියවා බලා ඔබ තිරිසනෙක්ද, මිනිසෙක්ද යන්න තීරණ කරන්නේ නම් අප සැමටම යහපත් වෙනු ඇත. කෙසේවෙතත් මෙයද සඳහන් කිරීමට කැමැත්තෙමු. දියවන්නා පට්ටියේ 225ට කිනම් අයුරකින් හෝ හොඳයි කියන්නේ නම් ඒ අයට නෑකම් කියන සතුන් පමණක් බව නම් සත්‍යයකි. ඔබ වන්දනාමාන කරන කිනම් හෝ පක්ෂයක් තිබේ නම් එයට අප සුබ පතන්නෙමු. අපට නම් කිසිඳු පක්ෂයක් නොමැත. අපට තිබෙන එකම පක්ෂය අපගේ මාතෘභූමිය සෑම අතින්ම ආරක්ෂා කරන පක්ෂයක් අප රටේ බිහිවේ නම් අන්න ඒ පක්ෂය පමණි.

:       0       0

senaSunday, 10 May 2020 05:28 AM

රවීන්ද්‍ර මහත්තයාගේ කතාවේ යම් ඇත්තක් තියෙනවා... නමුත් ඔය කියන හරක් 225 තෝරාගත්තේ අපි නේද?

:       0       0

ගිහාන් Saturday, 09 May 2020 11:34 AM

කොරෝනා වසංගතය පාලනයට නතු වී ඇති බව නම් පෙනේ. මැතිවරණ පැවත්වීම බලරහිත කරන්නැයි ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදී ද නොවේ. නියම පාලන යාන්ත්‍රණයක් අවශ්‍ය කාලයකි මේ. පාර්ලිමේන්තුවෙන් කාලීන ජනමතය පිලිබිඹු විය යුතුමය. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් අනුව මහා මැතිවරණය පැවත්වීම යහපත් දෙයකි.

:       3453       4467

Samitha Senaka Aluthgamage. Saturday, 09 May 2020 11:43 AM

රටේ වසංගත තත්වයක් පැතිරෙන බැවින් සැවොම සමගියෙන් කටයුතු කිරීම වැදගත්. දේශපාලනයට, චන්දයට වඩා මේ වෙලාවේ ඉතා වැදගත් වනුයේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමයි. සියලුම පක්ෂ හා දේශපාලකයන් මෙය සිහිතබා ගතයුතු කාරණයක්.

:       7       551

RaveendraSaturday, 09 May 2020 05:27 PM

ඔබගේ වටිනා අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු. අවාසනාවකට සුදු රෙදි ඇගේ ඔතාගත්ත , කලිසන් කෝට් කෑලි ඇගේ " ඔතාගත්ත" දියවන්න පට්ටියේ මිහරකුන් 225 ටම මෙය නොතේරීම පුදුමයකි. හොදින් විපරම් කල බැලුවොත් ආචාර්ය, මහාචාර්ය, මෙන්ම ගම් කබරයන්ද එම පටිටියට අයත්වුවත් " වුන්ටවත් " මෙය නොතේරීම පුදුමයකි. එමගින් ගම්‍ය වන්නේ කුමක්ද? සැමදාම තුන් වෙලා සහිතව සියලු සැපසම්පත් මහජන මුදලින් ම පිනටම ලබාගැනුම නොවේද මෙම සියලු කරුණු කාරනා හොදින් විමසීමේදී මේ ඉන්නේ " කාලකන්නි තිරිසනුන් 225 "නොවේද ? අවංකව සිතන්න....

:       498       311

NishanSunday, 10 May 2020 12:37 AM

එහෙමයි කියලා ආණ්ඩුව කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට ඉඩ දිය යුතු නෑ. ආණ්ඩුව වසංගත තත්වයෙන් අනිසි ප්‍රයෝජන අරන් ක්‍රමයෙන් ඒකාධිපති තත්වයකට පාලනය අරගෙන යනවා. පාර්ලිමේන්තුව අනවශ්‍ය ලෙස විසුරුවලා පාර්ලිමේන්තුවක් නැතුව මුදල් තමුන්ට ඕන විදියට හසුරුවනවා කිසිදු වගකීමකින් තොරව. මේ මුදල් ජනතාවගේ මුදල් හෝ ජනතාව විසින් නැවත ගෙවිය යුතු ණය.

:       0       764

මුණසිංහSunday, 10 May 2020 01:40 AM

ඇත්ත. නමුත් තවත් තියෙනවා. එකක් තමා මේ අය මේ වැඩ කරන්නේ කොරෝනා නිසා නෙමෙයි. තම බල අරගලය නිසා. අනෙක කොරෝනාව තව මාසයකින් කුමන තත්ත්වයට ඒ දැයි දැන් කියන්න බැහැ. ඒ නිසා සෞඛ්‍ය අංශ වලට ඒ රාජකාරිය භාර දෙමු. එදා තත්තවය මත මේක තවත් කල් දානවද නැත්ද කියල ඒ අය බලයි. මේගොල්ල මේ කරන්නෙ ගම බවල තව දුරටත් රැක ගැනීමේ අදහසින්. ඒන පරාජය කළ යුතුයි.

:       473       247

samanalee Saturday, 09 May 2020 12:23 PM

අනේ අපේ රටට ආදරේ තවත් නායක දෙපලක්...

:       175       475

සේන Saturday, 09 May 2020 12:31 PM

බලන්න රටට සේවය කරන්න තියෙන කැමැත්ත. කොයිතරම් හොඳ මිනිසුන්ද? මේච්චර හොඳ මිනිසුන් වෙලත් ඡන්දයක් තිබ්බොත් කූණු කූඩෙට විසිවෙන බව දැනගෙන නෙ මේ වෙට්ටුවක් දාලා නැවත පාර්ලිමේන්තු යන්න හදන්නෙ. දුකේ බෑ අප්පා...!

:       1710       1112

Sujeewa Saturday, 09 May 2020 12:35 PM

මෙ රට කරන්න දෙන්නැද්ද?

:       1643       1115

menna Saturday, 09 May 2020 12:59 PM

මැතිවරණ කොමිසමට.. ජනාධිපතිතුමා මුලින් ප්‍රකාශ කරපු දිනයට පසු දිනයක මැතිවරණය තියන්න බැහැ කියල හිතෙනවා. මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ දිනයත්, අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්වීමත් ප්‍රකාශ කරන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි කියල හිතෙනවා. 70 (5) (ඇ) කියන විදියට පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා කරන ලද දිනය ඉන් පසුව කරන ප්‍රකාශනයක් මගින් වෙනස් කල හැක්කේ ජනාධිපතිට විතරයි කියල හිතෙනවා. එහෙත් පසුව කරන ප්‍රකාශනයේ දිනය මුල් ප්‍රකාශනයේ දින සිට මස තුනකට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේය...කියල කියන බැවින් සහ ව්‍යවස්ථාවේ 70 (5) (ඇ) අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම කල් දැමීම ගැන විස්තර කරන බැවින් ජනාධිපතිතුමා විසින් අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 13 වත් රැස්වෙන්න කියලා ප්‍රකාශක් කරන්න ඕනේ කියල හිතෙනවා. මාර්තු 2වෙනිද පාර්ලිමේන්තුව විසිරවපු ගැසට් නිවේදනය අත්හිටවන්න බැරිවෙයි කියල හිතනවා.

:       137       133

Cisco Saturday, 09 May 2020 01:29 PM

ජනපතිවරණයට දින නියම කලේ මැතිවරන කොමිසම. ඒක එ ගොල්ලන්ට තියෙන බලතල අනුව. එහෙම නම් ඒ ගොල්ලෝ උසාවි යන්නෙ? මේක තනිකරම ගේමක්. සෝම හිමිගෙ පිහිටෙන් ගොඩ ගිය අතුලන්තය හිස්කරගත් ඉන්ජිනෙරුවෙක් තමයි මේ.

:       1175       1091

surath Saturday, 09 May 2020 01:52 PM

බොරදියේ මාලු බෑම හෙවත් කොරෝනාවේ පිහිටෙන් එගොඩ යාම

:       561       462

PrasadSunday, 10 May 2020 03:54 AM

ඕක හොදටම ගැළපෙනවා රාජපක්ෂ පවුලට. අයියා සුනාමි සල්ලි ටික යටි මඩි ගැහුවා. දැන් මල්ලි කොරෝනා සල්ලි ටික යටි මඩි ගහනවා.

:       147       240

lalithm Saturday, 09 May 2020 04:04 PM

හැමෝම බලයට ආසයි. ඒත් හැමෝටම බලය ගන්න බැහැනේ. සත්‍යට ඉඩ දීල රටේ මිනිස්සුන්ට ඒ අයට කැමති කෙනෙක් තෝරා ඉඩදී බලන්න. කොච්චර නැටුවත් මිනිස්සු කැමති කාටද? එයා තමා රටේ නායකයා විය යුත්තේ.

:       521       814

RaveendraSaturday, 09 May 2020 05:55 PM

සහතික ඇත්ත එත් මේ ගොන්නු 225 නොතේරීම අරුමයකි. පිනට කාල පුරුදු වුනාම වැසිකිලි යන්න ඔනවුනාම ඒ යන්නෙත් පොදු වැසිකිලියට කියනවනේ. නමුත් මෙම තිරිසනුන්ට මේ සියල්ල මතක්වෙන්නේ වැලිගම යන්න බැරියෝ කියමින් කෑමොර දෙනකොට .එවිට "ඔක්කොම ප්‍රමාද වැඩියි.

:       56       139

Thilina Saturday, 09 May 2020 05:05 PM

රටේ පවතින අවදානම් තත්ත්වය අඩු වුනාම මැතිවරණ කොමිසම ජන්දය තියයි. එතකම් කලබල නොවී ඉන්න. ජන්දය තිබ්බේ නැහැ කියලා අර පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම අවශ්‍යතාවක් නැහැ . කරුණාකරලා ජනාධිපතිතුමාට මේ රට ගෙනියන්න ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්න. ඔයාල කරන කාලේ කිසිම දෙයක් කොරගන්ඩ බැරුව හිටපු හැටි මේ රටේ මිනිස්සුන්ට මතකයි...

:       907       1175

NishanSunday, 10 May 2020 12:39 AM

අලුතෙන් පත් වෙන පාර්ලිමේන්තුවටත් ඔහොම කියන්න සිද්ධ වෙනවා. මොකද මිරිස් කුඩු ගහපු අයට, පුටු, පොත් වීසි කරපු අයට කප්පම්කාරයන්ට නාමයෝජනා දීලා තියෙනවා. එහෙම කරලා ජනතාවට ඔබ හිතන විදියට ඒත්තු ගන්වනවා. එතකොට ආණ්ඩු කරන අයට ලේසියි ඒකාධිපතිත්වයක් කරා රට අරගෙන යන්න.

:       2       3

Wije Sunday, 10 May 2020 02:06 AM

අනේ නිකන් පව් නොදී ඉන්න. පින් බත් කන අය...

:       105       108

හේරත් Sunday, 10 May 2020 02:56 AM

මට තියෙන ප්‍රශ්නය මේ වෙද්දි පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාල සීමාව අවසන් වී තිබුනේනම්.... මේ අය මේ වගේ තත්වයකදී ජන්ද කල් දාන්න කියයිද කියලා.

:       53       42

මංජුලා Sunday, 10 May 2020 03:35 AM

මේ දෙන්නට පිස්සු.

:       38       47

chandana Sunday, 10 May 2020 07:04 AM

තියෙන්න ඕන හැම පහසුකමක්ම තිබිලත් කලින් අනතුරු හැගවීම් කරලා තිබිලත් සහරාන්ලා පල්ලිවල බෝම්බ පුපුරවපු කාලයට වඩා පළාත් සභා නැතුව, පාර්ලිමේන්තු නැතිව කෝවිඩ් මර්ධනය කරන ආකාරය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඒ වෙනුවෙන් දේශපාලනය පසෙකලා ජනාධිපතිතුමාටත්, අමාත්‍ය මණ්ඩලයටත්, රාජ්‍ය යාන්ත්‍රණයටත් ස්තුතිවන්ත විය යුතුයි. සහරාන්ගේ බෝම්බ සමයේ පීඩාවට පත්වූ කතෝලික ජනතාවට සහ කතෝලික පල්ලිවලට සහන සලසනවාට වඩා තමතමන්ගේ පල්ලි අලුත්වැඩියාවට ආධාර දීමට ඇතැම් නායකයින් කඩිනමින් කටයුතු කළ බවද මා අසා ඇත. එහෙත් මෙවර සැමට සමානව කඩිනමින් සහන සහ ආධාර ලබාදීමද අගය කළ යුතුයි. ඉක්මණින් අමතක වන අයට නැවත මතක් කර ගැනීම සඳහා සටහන් තබන්නෙමි....

:       0       0

Rata Perata Sunday, 10 May 2020 07:24 AM

බයියෝ දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරනවා. මිනිස්සුන්ගේ මරණ උඩින් හරි ඡන්දෙ තියාගන්න තමයි සැලසුම... නැත්නම් දැන් ඉන්න නායකයා ඇතුළු කෙනෙක්. මෛත්‍රීපාල මහින්ද පත් කරන්න හදනකොට විරුද්ධ වුණාද? මහින්දත් ඇවිල්ලා පත්වීම ගත්තා, දැන් කයිය ගහන අයත් අත්පුඩි ගහගහ බලාගෙන හිටියා. අනිත් එක දැන් 5000බෙදන එක බලන්න. එ්කත් ඡන්ද වැඩක් විතරයි. හරක් පට්ටියකට තණකොළ දානවා වගේ, 5000 දෙනවා තමන්ට ඕන අයට... ජනතා අභිමානය බල්ලට ගිහින්... එ්ක කරන්නේ කවුද? බයියෝ, මේ වෙලාවේවත් ඇහැ ඇරුනේ නැත්නම්, රට ගැන බලාපොරොත්තු තියාගන්න එපා.

:       0       0

Wimal siriwardena Monday, 11 May 2020 05:30 AM

පාර්ලිමේන්තුව විසිිරෙව්වේ වෛරසය ගැන තොරතුරැ ලැබෙමින් තිබුනු වෙලාවකදියි. කළයුතුව තිබුනේ තව සති කිහිපයක් ඉවසා සිටි්මයි. මේ අර්බුදයට මුල පිරුවේ බල ලෝභයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 52 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 77 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3123 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1515 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
2024 අප්‍රේල් මස 15 2906 0

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


ව්‍යාපාරික යුවළක් පැවිදි වෙන්න කෝටි 700ක් දන් දෙයි
2024 අප්‍රේල් මස 15 7324 0

ඉන්දියාවේ ගුජරාත්‍ ප්‍රාන්තයේ ව්‍යාපාරික යුවළක් වන භාවේෂ් භාණ්ඩාරි සහ ඔහුගේ බිරිඳ පැවිදි දිවියට එළඹීම සඳහා ඉන්දීය රුපියල් කෝටි දෙසීයක (ශ්‍රී ලංකා රු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 133 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1402 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site