IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබෙයි

 

 

(ඩයනා උදයංගනී)

 

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද  පැවැත්වෙමින් තිබූ අතර එහි විවාදය අවසන් වීමෙන් පසු පනතට අදාළ ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩු  පක්ෂය උත්සාහ කිරීම නිසා පාර්ලිමේන්තුවේ කලබලකාරී තත්වයක් ඇති විය.

කථිකයන් නොමැතිව විවාදය කලින් අවසන් වූ අතර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ඡන්දය හෙට  පැවැත්වෙන බවයි.

එයට විරෝධය පෑ විපක්ෂ මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව අදම ඡන්දය  පැවැත්වීම හෝ පනත ඉල්ලා අස්කර ගැනීම කළ යුතු බව පැවසූහ.

මුලසුනේ සිටි ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය ඡන්දය විමසීමට තීරණය කළ ද කතානායකවරයා මුලසුනට පැමිණ තාවකාලිකව සභාව කල්තැබීය.

පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ඇති  බවත් ඉන්පසු සභාව යළි රැස්වන බවත් කතානායකවරයා කීවේය.



අදහස් (2)

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබෙයි

Raveendra Thursday, 05 September 2019 10:53 AM

කරුණාකර අපගේ අදහස් ද්වෙෂලෙස ප්‍රකාශ කරනවා නොසිතන්න. දැන් මේ 225 ට " අද වියදම් කලේ මුන්ගේ ඒ අහිංසක දෙමාපියන් ගේ පුද්ගලික මුදල්ද නැත්නම් අහිංසක පුරවැසියන්ගෙන් එකතුකරන බදු මුදල්ද ?? මෙහෙමත් පාලන අධිකාරියක්..පාසලක වුනත් දරුවෙකු පාසලට නොපැමිණියේ නම් ඒ දරුවා නොපැමිණි හේතුව පිලිබදව ගුරුතුමා හෝ ගුරුතුමිය විමසනවා නේද ? එවැනි ක්‍රමයක් නැද්ද අඩුතරමින් වාචිකව අසිමටවත් මේ අයගෙන්?

:       0       0

sirimal Thursday, 05 September 2019 11:22 AM

පාර්ලිමේන්තුව පමණක් නොවේ.. ජනාධිපතිවරණයත් කල් යන බවයි කියන්නේ. ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය අවසන් වන දිනය කවදාද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තියෙනවාලු.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන ධුර කාලය වසර 5ක් බව මීට කලින් ප්‍රකාශ කර තිබුණි. නමුත් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ඉදිරිපත් කරන තර්කය වෙන්නේ එම කාල වකවානුව ආරම්භ කෙරෙන්නේ 19 වන සංශෝධනය සඳහා කතානායකවරයා අත්සන් තැබූ 2015 මයි 15 වෙනි දිනයේ පටන් බවයි. මෙම තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළහොත් මැතිවරණය පැවැත්විය යුතු වෙන්නේ 2020 අප්‍රේල් 15 වෙනිදාට පෙරය. එහෙම වුනොත් බැඳුම්කර නඩු, අධිවේග නඩු ආදිය නිසිපරිදි පසිඳා අවශ්‍ය ඇත්තන්ට දඬුවම් දීමට ඕනෑතරම් කල් ලැබෙනු ඇත. අර සම්මේලනයේදී "අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු ලොකු පුද්ගලයින්ද අධිකරණය හමුවට පැමිණවීමට අවශ්‍ය ලිපි ලේඛන දැනටමත් සකස් කර අවසන්" කියලා දකුණු හස්තය මොලවාලමින් ගාම්භීර හඬකින් ප්‍රකාශ කලේ මේ නිසාද කියා දන්නේ දෙයියෝ සහ එතුමා පමණකි. ඒ වුණාට ඉතින් " කුඩුකාරයෝ එල්ලනවා" කියල කීවෙත් ඔය කටින්මනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 13 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 465 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 288 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 169 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 626 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 604 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site