(සිතුම් චතුරංග)
පාර්ලිමේන්තුව තුළ හා අගමැති පත්කිරීම ඇතුළු උද්ගතව පවතින ගැටළුව ව්‍යවස්ථාවට පටහැනි බවත් එය විසදාගත යුත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකට එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් බව උතුරු පාළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා අද(02) වවුනියාවේදී පැවසීය.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා එලෙස පැවසූයේ වවුනියාව සංස්කෘතික රංග ශාලාවේ පැවති ප්‍රාදේශිය කලාකරුවන් වෙත සම්මාන පිරිනැමීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා මෙසේ කීය,
පාර්ලිමේන්තුව තුළ හා ආණ්ඩුවේ උද්ගතව තිබෙන ප්රශ්නය කවුරුත් දන්නවා මේ ගැටළුව ව්‍යවස්ථානුකූල නොවන බව. දැන් ඒක නෙවෙයි තිබෙන ප්රශ්නය කොහොමහරි අප මේ ප්රශ්නය විසඳාගැනීම පිළිබඳවයි. ඒ නිසා මා ක්‍රියාමාර්ගයක් යෝජනා කර තිබෙනවා. මා කියන්නේ දකුණේ ජනාධිපතිතුමා , රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා තුන්දෙනාම එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ.
මොනවිදිහටද කරන්න ඕනෑ කියලා මම ඉදිරියේදී කියන්නම්. ඉතින් එහෙම කරන්න පුළුවන්නම් තවත් අවුරුද්දකට වැඩි කාලයක් අපේ ප්‍රශ්නවල් විසඳගන්න පුළුවන්. එසේ කළ පසු අපේ තරඟ අපිට තියාගන්න පුළුවන් දැනට රටට අත්වී තිබෙන තත්වයට අප එක්වී කුමණහෝ පිළියමක් නොකළහොත් ඉදිරියේදී මොනවා වෙයිද කියා කියන්න බැහැ. ඉක්මනින් මේ පිළියම යෙදිය යුතුයි.
පළාත් සභා මැතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට මට එහෙම අදහසක් නැහැ. එහෙත් අපේ ජනතාව කියනවා කොහොම හරි මා ඉදිරිපත් වෙන්න ඕනෑ කියා. ඒ නිසා මම සිතන්නේ පැවැත්වෙන කුමනහෝ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න තමයි බලාපොරොත්තුව. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියා තමයි මට උදව්කරන ජනතාව කියන්නේ බොහෝ ඉල්ලීම් තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියා. තාම එයට මම තීරණයක් ගත්තේ නැහැ. නමුත් එහෙම වෙන්න පු`ඵවන්.
ඉදිරි දේශපාලන කටයුතු මාගේ පක්ෂය උතුරු නැගෙනහිර කේන්ද්‍රකරගනිමින් පවත්වන්න තමයි මම අපේක්ෂා කරන්නේ. දෙමළ මිනිස්සු ඉන්න ප්‍රදේශවල ඔවුන්ගේ අයිතිය ලබාදෙන්න තමයි අප හුඟාක් අපේක්ෂා කරන්නේ එම නිසා අපි උතුරු නැගෙනහිර කේන්ද්‍රකරගනිමින් තරඟ
තරඟකරන්න අපේක්ෂා කරන්නේ.
අපි මේ ප්‍රකාශකරන දේවල් දකුණේ ඉන්න මිනිස්සු කවුරුන් හෝ දේශපාලන පක්ෂයක් හෝ පිළිගත්තෝතින් කොයි අවස්ථාවේදී හෝ මා ඇතුළු අප පක්ෂය එක්වී තරඟ කරන්න සූදානම්. තරුණ පුවත්පත් කලාවේදීන් පිරිසක් පැමිණියා මා හමුවන්න මා සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා මා කියූදෙවල් ඔවුන් හොදින් අහගෙන පසුව කිව්වා ඔබතුමා ඡන්දය ඉල්ලන්න අප ඇවිත් සහයෝගය දෙන්නම් කියා සම්මුඛ සාකච්ඡාව අවසානයේ. එම නිසා සිංහල ජනතාව සමඟ කතා කොට විසඳුමක් සඳහා එක්වීම කිසිම ගැටළුවක් නොමැති බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාර්ලිමේන්තුවේ ගැටළුව විසඳිය හැක්කේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන්
channa Monday, 03 December 2018 05:49 AM
ජාතික ආණ්ඩුව කෙසේවත් මේ කියපු කථාවට මෙයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගතයුතුයි..
BamunuarachchiMonday, 03 December 2018 01:28 PM
හලෝ සිංහල කියමනක් තියෙනවා කොහෙවත් ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා කියලා.
Bandula. Monday, 03 December 2018 09:45 AM
උපදෙස් වුවමනා නැහැ වගේම සහයෝගයත් ඕනෙම නැහැ. පාඩුවේ ගෙදර ගියා නම් වටිනවා. දැන් උතුරෙන් කැපිලා නේද? එල්ලෙන්න වැලක් හොයනවද දකුණෙන්?
Bamunuarachchi Monday, 03 December 2018 01:33 PM
පක්ෂ දෙකකට එකතුවී රට හදන්න බැරිවූ රටේ ජාතීන් ගණනාවක් එකතුවී මොන ආණ්ඩුද? දමිල මිනිසුන් ඉස්සෙල්ලාම කියාවි රට බෙදමු කියලා... රනිල් උඩින්ම කැමැති වේවි... මහින්ද කියාවි රටට අත තියන්න එපා කියලා. දමිළයෝ කියාවි ත්‍රස්තයින් නිදහස් කරන්න කියලා.. රනිල් උඩින්ම කැමැති වේවි... මහින්ද කියාවි එකෙක් නිදහස් කරන්නේ නැහැ කියලා... ජාතික ආණ්ඩු සංකල්පය එතැනින් ඉවරයි. තේරුණාද විග්නේෂ්වරන්...?