IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තුව කල් තැබෙයි

 

කල් තැබීමේ විවාදයෙන් පසු පාර්ලිමේන්තුව දෙසැම්බර් 12 වැනි  බදාදා පස්වරු 01 තෙක් කල් තැබිණි.
 


ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කඩනවා නම් අයින් කළ යුත්තේ ජනාධිපතිවරයා බවත්, ජනාධිපතිට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කළ නොහැකි බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.

එම නිසා ව්‍යස්ථාව අනුව කටයුතු කළ නොහැකි නම් ඉල්ලා අස්වන්නැයි ජනපතිට දැනුම් දෙන බව ද මන්ත්‍රීරයා කීවේය.

 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිඩ්නි ජයරත්න මහතා සහ රුවනි විජේරත්න මහත්මිය ද අදහස් දැක්වූහ. 


පාර්ලිමේන්තුවේ කටයුතු විකාශය කිරීමට වෙනම ආයතනයක් පිහිටුවීමට මීළඟ අයවැයෙන් මුදල් වෙන් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා   පාර්ලිමේන්තුවට යෝජනා කළේය.


රවී කරුණානායක  මහතා- මේ වෙලාවේ අතුරු සම්මත ගිණුමක් සම්මත කිරීම අත්‍යවශ්‍යයි. මෙය බොහොම ගැඹුරුයි. ඒ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කරන්න. 


2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක් දියත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දීමක් සිදුවූ බව කියැවෙන මාධ්‍ය වාර්තා කිහිපයක් සහ හැන්සාඩ් වාර්තා කිහිපයක් මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.


ගාමිණී ජයවික්‍රම පෙරේරා 

හෙංචයියො එවලා විනිශ්චකාරවරුන් බය කරන් පුලුවන් කියලා හිතනවා ඇති. එහෙම යුගයක් තිබ්බා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එහෙම වුණා.  දිවිනැගුම කියලා පනත් ගෙනාවා. මේ පනත ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා අධිකරණය කිව්වා. ඉන් පස්සේ අගවිනිසුරු ඉවත් කරන්න බොරු චෝදනා දැම්මා. දමලා ඇය ඉවත් කළා. ඒවගේ වියරු වැටුණු යුගයක් තිබ්බා. අද අධිකරණය ස්වාධීන වුණේ ස්වාධීන කොමිෂන් දාලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තු නිසයි. අද ජනාධිපතිටත් පාර්ලිමේන්තුවට ඇඟිලිගහන්න බැරි විදියට අධිකරණය ස්වාධීන වෙලා තිබෙනවා. දැන් හෙංචයියො එවලා අධිකරණය වට කරලා බය කරන්න සූදානම් වෙනවා. මෙය වියරු වැටීමක්. 


වජිර අබේවර්ධන මහතා -

2018 දෙසැම්බර් 03 දෙන ලද අතුරු තහනම් නියෝගය මම සියලු දෙනාගේ දැන ගැනීමට කියවනවා.  (සිංහලෙන් කියවයි)

කතානායකවරයා කළ ක්‍රියාවට විවිධ මාධ්‍ය ආයතන පහර දුන් නිසයි මම මෙය කියෙව්වේ. පාර්ලිමේන්තුව කළ දේ හරියැයි අධිකරණයට හැඟී ගිය නිසා තමයි මේ අතුරුතහනම ලබා දී තිබෙන්නේ. 

 


චාර්ල්ස් නිර්මලනාදන් -

ජනාධිපතිතුමා ගන්නා තීන්දු තීරණ නිසයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. 26 වැනි දා තමයි මෙය ආරම්භ වුණේ. දැන් මාසයක් ගත වී හමාරයි.  මේකට ප්‍රතිවිරෝධය එල්ල කිරීමට අවශ්‍යයි කියන පදනම උඩ අපි එජාපයට සහයෝගය දෙන්න යෝජනාවක් සම්මත කළා.
 
මඩකලපුවේදි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස පොලිසියේ දෙදෙනා ඝාතනය වුණා. ඒ කුමන්ත්‍රණයේ සිටියේ කවුද කියලා දැන් හොයාගෙන ඇති. මේ සිද්ධිය වුණේ ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපයට සහාය දුන්නා කියපු දිනයේයි. රටේ යම් කිසි තත්ත්වයක් ඇති කරන්නයි මේකෙන් උත්සාහ කළේ. මෙය වැරදි. මහවිරු දිනය සැමරූ අවස්ථාවේ දෙමාපියන්ට සහාය දක්වපු දෙන්නකුයි අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. වවුනතිව් මිනීමැරීම කුමන්ත්‍රණයකින් රජයක් ඇති කරන්න උත්සාහ කළ අයගේ කුමන්ත්‍රණයේ ප්‍රථිපලයක්. මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයාටත් ලිපියක් යොමු කළා. 
 
මේ කරුණ ගැන අපි පොලිස්පතිට දන්වන්න ඕනා. නියම වැරදිකරුවන්ව හොයාගෙන රටේ ජනතාවට ඒ අය කවුද කියලා පෙන්වන්න ඕනා. මේ පිටුපස ඉන්න කුමන්ත්‍රණකාරයන් කවුද කියලා හෙළි කළ යුතුයි. දැන් ආණ්ඩුවක් නෑ. හිටපු එල්ටීටීඊ සාමාජිකයන් බිය ගැන්වීම පිළිගන්න බෑ. ඒවගේ තත්ත්වයක් ඇති කරන්නේ නැතුව නියම වැරදිකරුවන් හොයා ගන්න ඕනෑ.


ජෝන් අමරතුංග  මහතා -

ව්‍යවස්ථාව අනුව අගමැතිවරයෙක් නැති වුණාම ඊළඟ බලධාරියා තමයි කතානායකවරයා. එතුමාට තමයි බලතල තිබෙන්නේ. මගේ ඉල්ලීම අද සවස 5ට ප්‍රථම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් මේ සභාවට ගෙන්වන්න කියලයි. 

හත් වෙනිදාට සුප්‍රිම් උසාවිය වටලන බවට කතාවක් යනවා. කතානායකට එන්න නොදී ජරමර කළා නම් ඕක කරන එක මහලොකු දෙයක් නෙමෙයි. අපි ඉල්ලීමක් කරනවා ත්‍රිවිධ හමුදාවෙන් හා පොලිසියෙන් මේවා වෙන්න දෙන්න එපා කියලා. අපි අධිකරණය ආරක්ෂා කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන අධිකරණය ලෝක ප්‍රසාදයට පත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි ජුන්ටාවේ අය ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කරන්න හදනවා. 
 
මගේ ඉල්ලීම විනිශ්චයකාරවරුන් ආරක්ෂා කරන්න සෑම ආරක්ෂාව ලබා දෙන්න.


නියෝජ්‍ය කාරක සභාපතිවරයා මූලාසනයට පැමිණෙයි.


විජිත හේරත් මහතා -

නලින්ද හේරත් මහතාගේ යෝජනාව ස්ථිර කරනවා.

එදා සම්මත වුණු විශ්වාස භංගය ගැන වැරදි ප්‍රචාර යැව්වත් එම විශ්වාස භංගය සම්මත වූ බව අධිකරණය පිලිඅරගෙන තිබෙනවා. එදා ජනාධිපතිවරයා කිව්වේ මේ තීරණය ගත්තේ දූෂණයට වංචාවට එරෙහිව කියලා. එහෙම තීන්දු තීරණ ගන්නවා නම් එදා 2015 මාර්තු කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට අදාලව කොමිසම පත් කළ යුතුව තිබුණා. කොමිසම පත් කළෙත් 2016 පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවෙන් පසුවයි. ජනාධිපතිට අවංක උවමනාවක් තිබුණේ නෑ ඒ සඳහා.
 
මහින්ද රාජපක්ෂ, රෝහිත බෝගොල්ලාගම, විමල් වීරවංශ, පියසිරි විජේනායක ඇතුළු පිරිසකට එරෙහිවත් ජනාධිපති කොමිසමකින් වැරදිකරුවන් බවට පත් කරමින් නිර්දේශ දීලා තිබෙනවා. නමුත් ඔවුන්ට දඬුවම් දුන්නේ නෑ. දූෂිතයන්ට දුන්නේ ඇමැතිකම්. උසාවියෙන් ඇප පිට සිටින බහුතරයක් ඇමැතිකම්වල සහ සභාපතිකම්වල. වැලිකඩ ඉන්න ඕන අය තමයි කතානායක පුටුව වටා ඉඳලා මිරිස්කුඩු ප්‍රහාර ක්‍රියාත්මක කලේ. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ තීරණය ක්‍රියාත්මක කළේ නෑ.
 
ගැසට් නිවේදන පහක් ගැහුවා කියලා ජනාධිපති කිව්වා. ඒ ගැසට් නිවේදන පහෙන් 4ක් නීති විරෝධී. 

එදා කිව්වා කොටි නැගිටිනවා කියලා. මහවිරු සමරු තියනවා කිව්වා. නමුත් ඔවුන් බලයේ ඉන්දි අද මහවිරු සමරු රැසක් තිබ්බා.  පොලිසියේ දෙදෙනක් ඝාතනය වුණා. පොලිසියේ දෙන්නා ඝාතනය වීම ගැන කිව්වේ හමුදා කඳවුරු අයින් කළ නිසා මෙහෙම වුණා කියලා. නමුත් මේ සිද්ධිය වුණු තැනට මීටර 200ක් ළඟ ගුවන් හමුදා කඳවුරක් තිබෙනවා. පොලිසිය තිබෙනවා. 


නලින්ද ජයතිස්ස මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරයි.
 
නලින්ද ජයතිස්ස මහතා -

ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු කළා නම් මේ අර්බුදය විසඳා ගත හැකිව තිබුණා. ව්‍යවස්ථාව පැත්තකට දාලා කටයුතු කරන ජනාධිපතිවරයෙක් නිසා ලෝකය ඉස්සරහා රටට තිබෙන පිළිගැනීම නැති වෙලා තිබෙනවා. 
 
ශ්‍රීලංකන් එයාලයින් එකේ ආදායම් සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා. මේ රටේ ආර්ථිකයට හා රාජ්‍ය තාන්ත්‍රික භාවයට හානි වෙන විදියට කටයුතු කරන්න ජනාධිපතිට බෑ. මෙය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්. ඉතිහාසයේ කියවනකොට අපි කල්පනා කළා අශ්ව වෙළෙන්දෝ දෙන්නෙකුට (සේන සහ ගුත්තික) රාජ්‍ය බලය පැහැර ගන්න පුලුවන්ද කියලා.

හැබැයි අද අප පේනවා එදා සේන සහ ගුත්තික දෙන්නා කරපු අද සිරිසේන සහ මහින්ද කරලා තිබෙනවා. එදා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය වගේම අදත් කුමන්ත්‍රණයක් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කළ යුතුයි. සරත් ෆොන්සේකා අද කළ ප්‍රකාශය වගේම එක්සත් ජාතික පක්ෂ නායකයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ඡන්දය දීපු නොමෙයි ඡන්දය නොදීපු අයටත් ලැජ්ජා හිතෙන තත්ත්වයක්.
 
පංච තන්ත්‍රයේ කතාවක් තිබෙනවා නිල් සායාම් බාල්දියට වැටිච්ච නරියෙක් ගැන. (එම කතාව කියයි.) එදා විශ්වශර්මන් ලිව්වෙ නිල්පාට සායම් බාල්දියට වැටුණු නරියෙක් ගැන. අදත් ඒවගේ තමයි. එදා මනඃකල්පිත කතාවක් අද අවුරුදු ගණනකට පස්සේ ඇත්ත කතාවක් බවට පත් වෙලා තිබෙනවා.
 
මේ කුමන්ත්‍රණය තීරණාත්මකව පරාජය කළ යුතුයි. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයක් කටයුතු කළේ ඒ සඳහායි. එය පාර්ලිමේන්තුවෙදි, ශ්‍රේස්ඨාධිකරණයෙදි, අභියාචනාධිකරණයෙදි පරාදලා තිබෙනවා. 
 
සමහර පුවත්පත්වලට මහින්ද රාජපක්ෂ තවමත් අගමැති. කුමන්ත්‍රණයේ පැත්ත ගන්න කාටවත් අයිතියක් නෑ. 


දිවා විවේකය නොමැතිව පස්වරු 5.30 වනතුරු පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබේ.


අනුර කුමාර දිසානායක මහතා රීති ප්‍රශ්නයක් මතු කරයි.
 
අද දිනට නියමිත විවාදයක් තිබුණා. එය ඉල්ලා අස්කර ගත්තා. ඊළඟට තිබෙන්නේ පාර්ලිමේන්තුව කල් තැබීම. දැන් පාර්ලිමේන්තුව කල් තියන්න දෙන්නෙත් නැතිව එක එක්කෙනා නැගිටලා විවිධ දේවල් කියනවා. ඒකට ඉඩ දෙන්න එපා. 
 
කතානායක - එහෙනම් අපි කල් තැබීමේ විවාදයට යමු


අජිත් මාන්නප්පෙරුම  මහතා -

අපි හැම ගමකටම ලක්ෂ 2000 ගානේ ලබා දුන්නා. අපිට මොන කෙනහිලිකම් කළත් මුදල් ගමට යන්න අවස්ථාව දුන්නා. අද වන විට ඇතැම් පළාත් පාලන ආයතන මේ මුදල් අවභාවිත කරනවා. මහින්ද රාජපක්ෂගේ කාලේ වුණා වගේ සල්ලි යටිමඩි ගැසීම ආයෙත් පටං අරගෙන. අද වෙන විට එදා තත්ත්වයටම පත් වෙලා. 


ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතා-

මම හැත්තෑ ගණන්වල ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියා. ඒ කාලේ හිටපු මුදල් ඇමැතිට දෝෂාරෝපණයක් කළැයි කියලා මහාචාර්යවරයකුට මේ පාර්ලිමේන්තුවෙන් දඩ ගැහුවා. මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරකම පෙන්විය යුතුයි. මටත් මිරිස්කුඩු ගැහුවා. සභාවට ඇවිත් වාඩිවෙන්න ආත්මයක් නෑ. 

 


අජිත් පී පෙරේරා  මහතා -

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සභාපතිගේ ක්‍රියාකාරීත්නය ගැන මම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා. මීට පෙර මේ සභාව ඉදිරියට කැඳවා දඬුවම් කරලා තිබෙනවා. දඩුවම් කිරීම දැන් නැති වුණත් සභාවට කැඳවලා ප්‍රශ්න කළ හැකියි. සභාවේ තීරණ පිළිගන්නේ නැති නිසා ඔවුන් කැඳවන්න.
 
කතානායක - දැනටමත් කැඳවන්න ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.
 
පාලිත රංගේ බණ්ඩාර මහතා -

මෙය සාපාරාධී විශ්වාසය කඩ කිරීමක් වෙනවා. ගුවන්විදුලියේ සභාපතිවරයාට එරෙහිව කටයුතු කිරීමට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිට යොමු කිරීම අත්‍යවශ්‍යයි.  


තුෂාර ඉඳුනිල්  මහතා -

මේ වන විට අපේ මන්ත්‍රී ප්‍රතිපාදන ගැන සමහර සංශෝධන අනුමත වෙලා ඇවිත් නෑ. සමහර දේවල් වේගයෙන් උනන්දුවෙන් සිද්ධ වෙද්දි මන්ත්‍රීවරුන්ට ලැබෙන ප්‍රතිපාදන ගැන වගකියන්න කෙනෙක් නැත්නම් අපිට විශාල අසාධාරණයක්. අවුරුද්ද අවසාන මාසය. නත්තල් මාසය. අපිට ලබා දීලා තිබෙන මුද්දර භාවිත කිරීමත් තහනම් කරලා. නව අවුරුද්දෙ අපේ ජනතාවට පනිවිඩ යවන්න තිබෙනවා. මන්ත්‍රීවරුන්ට දුන්න මුද්දර ටිකත් අත්හිටුවලා තිබෙන අවස්ථාවක්. රටක් ගිනි තියලා ඉවරයි. පොලිස් භටයින් මැරෙනවා. සංචාරක කර්මාන්තය බිඳ වැටෙනවා. මෙහෙම තියෙද්දි ජනාධිපතිවරයා රටට විහිළු සපයනවා. 
 
කතානායක - මුද්දර සම්බන්ධයෙන් මම මහලේකම්ට උපදෙස් දෙනවා.


සුජීව සේනසිංහ මහතා 

දැන් තිබෙන උසාවි නියෝග අනුව රටේ බලවත්ම දෙවැනි පුද්ගලයා ඔබතුමා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නීතිමය ඉවත් කරලා නෑ. එහෙම අයින් කරන්න බෑ.  අගමැති ධුරයෙන් මහින්ද ඉවත් කළාට රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරලා නෑ. අගමැතිවරයාට ඒ අසුන ලබා දීමට ඇති නොහැකියාව කුමක්ද කියා මම ප්‍රශ්න කරන්න කැමතියි. 
 
මහින්ද රාජපක්ෂ මහතා නීති විරෝධීව පත් කළ සභාපතිවරුන් සහ නිලධාරීන්ට නිලවලින් තාවකාලිකව ඉවත් වන ලෙස නියෝගයක් දෙන්න.
 
කතානායක - මම ඒ කරුණුවල නීතිමය පැත්ත ගැන සොයා බලන්නම්.

 


නලීන් බණ්ඩාර  මහතා

පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් පිළිබඳ වගකීම තිබෙන්නේ. පාර්ලිමේන්තුවෙන් සහ අධිකරණයෙන් ප්‍රතික්ෂේප වූ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මුදල් භාවිතා කරන බවට අපිට සැකයක් තිබෙනවා.
 
26 ඊනියා අගමැති පත් වුණු ගමන් පොලිස්පති ගිහින් සැලියුට් ගහලා ඔහුට ආරක්ෂාව සැපයුවා. අපේ ආරක්ෂාව අඩු කළා. ඒ වගේ කඩිනම් පියවරක් දැන් අනුගමනය කරන බවක් පේන්නේ නෑ. අගමැතිවරයෙක් නැතිකොට එතුමාට අගමැති ආරක්ෂක අංශයක් අවශ්‍ය නෑ. හිටපු ජනාධිපතිට දෙන අවශ්‍ය ආරක්ෂාව දෙන්න. අනිත් ඇමැතිවරුන්ටත් ඒ තත්ත්වයම තමයි. 
 
අපි දැක්කා ශ්‍රීලනිප සම්මේලනයක් පවත්වනවා. එහිදී ජනාධිපතියැයි කියා ගනිමින් අපේ අගමැතිතුමාට බැන්නා. ජනාධිපතිවරයා ලෙස පෙනී සිටින මේ පුද්ගලයා කවුද කියා සොයා බැලිය යුතුයි.


සරත් ෆොන්සේකා මහතා -

මම අවසන් දිනයේදි ප්‍රකාශ කළා මට විරුද්ධව ජනාධිපති අතන මෙතෙන චෝදනා කිරීම ගැන. මම එය ලිඛිතව ඉදිරිපත් කළා. ඒ ගැන ඔබතුමා කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
 
කතානායක - දැනටමත් කටයුතු කරගෙන යනවා.
 
සරත් ෆොන්සේකා  මහතා -

ජනාධිපති පෙරේදත් මං ගැන කියලා තිබ්බා. 2010 ජනාධිපතිවරණයෙන් මම දිනුවා නම් පක්ෂ නායකවරුන්ව හම්බෙන්න ලැබෙන එකක් නෑ කියලා තිබ්බා. ජනවාරි 27 වැනි දා පාන්දර 2.02ට තේරීම් භාර නිලධාරී නිකුත් කළ ලියුමක් මම කියවනවා.
 
එච් එම් කේ හේරත් නියෝජ්‍ය පොලිස්පතිට ලියුමක් එවනවා. එහි මෙහෙම තියෙනවා.

ලිපිය කියවයි.

(එහි සඳහන් කර ඇත්තේ ඡන්ද පෙට්ටි ගෙන ගිය නිලධාරීන්ට පහර දී ඇති බව හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ආරක්ෂකයක් ඉවත් කිරීම සිදු කර ඇති බවයි. )
 
එදිනම පාන්දර මැතිවරණ කොමසාරිස් පොලිස්පතිට ෆැක්ස් එකක් ගහනවා. (ලිපිය කියවයි.)
 
මේ ලිපි අනුව පැහැදිලි වෙනවා මහින්ද දිනුවද, බලෙන් ගත්තද කියලා. මැතිවරණ කොමසාරිස්ට ආතතිය හැදුනද නැද්ද කියලා පේනවා. මම දිනුවා නම් මේ ජනාධිපති වගේ ව්‍යවස්ථාව කඩන්නේ නෑ. මේ වගේ වැඩ කරන්නේ නෑ. යූ ඇන්පි යෙන් දිනලා අනිත් පක්ෂෙට ගිහින් යූඇන්පියට ගහන්නේ නෑ. පැරදිලා ගිහින් මැදමුලනේ ජනේලේ එල්ලුණු කෙනාව යළිත් අගමැති කරන්නේ නෑ. මමත් සුමාන දෙකකට වරක් පිටරට යන්නෙත් නෑ. මම ඇමැතිවරයෙක් වෙලා අවුරුදු තුන හමාරක් වෙනවා. තවම එක වතාවක්වත් රජයේ මුදලින් පිටරට ගිහින් නැහැ. 
 
කවුරුහරි කෙනෙක් ලව්වා පොතක් ලියවලා මගේ දුවගේ නමින් පොත් ප්‍රකාශයට පත් කරන්නෙත් නෑ. හැමදාම පණ බයේ අරයා මරයි මෙයා මරයි කිය කියා කියවන්නේ නෑ. මම පණ බයේ ජීවත් වෙන්නේ නෑ. එය ලෙඩක්. මම රංගේ කියලා සල්ලි දීලා කොටා බාන්නෙත් කෑ. මොරගහකන්ද වගේ තැනකට ගිහින් සන්ග්ලාස් දාලා ෆොටෝ ෂූට් කරන්නෙත් නෑ. 
 
අපි ව්‍යවස්ථාව වෙනස් කරලා හරි ඇමෙරිකාවේ විදියට ජනාධිපතිවරයාගේ ඉඳන් ප්‍රධාන නිලධාරීන් මානසික පරීක්ෂාවට ලක් කරන්න පුලුවන් ක්‍රමවේදයක් හදමු.

 


ජේ සී අලවතුවල -

ජනාධිපතිවරයා ඊයේ ලේකම්වරුන් ගෙනත් උපදෙස් දීලා තිබෙනවා. එය ව්‍යවස්ථාව කැඩීමක්. ජනාධිපතිට පුලුවන් තමන්ගේ අමාත්‍යංශවල ලේකම්වරුන්ට උපදෙස් දීම පමණයි. දැන් ආණ්ඩුවක් නෑ.
 
කරු ජයසූරිය මහතා -

අපේ මන්ත්‍රීවරුන් නව දෙනකුගේ අත්සනින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය හැකි ඉක්මණින් ගන්න.
 
බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතා-

 මේ වන විට අපේ වැඩකටයුතු රැසක් නතර වෙලා තිබෙනවා. ගම්පෙරලිය වැඩසටහන නතර කරලා. පාසල් නිල ඇඳුම නෑ, ඉඩම් බෙදීම නතර කරලා. නිවාස ණය දීම නතර කරලා. අගමැති කෙනෙක්, ඇමැතිවරු නැති රටක මේ ප්‍රශ්න කියන්න ඉතිරිවෙලා ඉන්නේ ඔබතුමා පමණයි. 
 
ආශු මාරසිංහ  මහතා-

රජයේ මාධ්‍ය ගැන කලිනුත් කතා කළා. අධිකරණයත් රජයක් නැති බව පිළිඅරගෙන තිබෙද්දි රජයේ මාධ්‍ය හසුරුවන්න සභාපතිවරුන්ට බෑ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව මේ පාර්ලිමේන්තුවට කැඳවා හෝ මේ ගැන කටයුතු කරන්න.


ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ තවමත් තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ කියලා. නමුත් 15 වැනිදා ඉඳන් ආණ්ඩුවක් නෑ. 
 
කතානායක - මම ඒ ගැන හොයා බලන්නම්.
 

 

මරික්කාර්  මහතා

තවමත් ඇතැම් මාධ්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ලෙස භාවිත කරනවා. මේ ගැන සොයා බලන්න.

 


ජෝන් අමරතුංග මහතා - ජනාමාධ්‍ය ලේකම්තුමා ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමට ගෙන්වන්න. වරප්‍රසාද කමිටුවට යනකං ඉන්න වෙලාවක් නෑ.

 


ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා

මෙම පාර්ලිමේන්තුවේ සම්මත කිරීම අධිකරණයෙත් පිළිගත්තා. නමුත් විධායකය පාර්ලිමේන්තුව නොසලකා හරිනවා. ඊයෙත් ජනාධිපති කිව්වා පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කරලා දුන්නත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගන්නේ නෑ කියලා. අධිකරණයත්, පාර්ලිමේන්තුවත් නොසලකා හරිමින් විධායකය කටයුතු කරනවා.

 

 


අජිත් පී පෙරේරා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයි.
 
 ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව මේ සභාවේ කටයුතු ප්‍රචාරය කරන්න ගිවිසුම් ගත වෙලා තිබෙද්දිත් මේ සභාවේ කටයුතු විකාශනය කිරීම නවත්වලා තිබෙනවා.

පාර්ලිමේන්තුව කළ දැනුම්දීම් පවා ගුවන්විදුලි සංස්ථා සභාපති නොසලකා හැර ඇති බව වාර්තා වෙනවා.

තොරතුරු දැන ගන්න පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කළ යුතුයි. රජයේ මුදල් ගෙවා ඒ වගකීම ඔවුන්ට පවරලා තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවන්න කියා ඉල්ලා සිටිනවා.

කතානායක - සභාපතිවරයා හිතුවක්කාර ලෙස කටයුතු කරන ලෙස අපි දුටුවා. ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නවා.

 


කතානායක - අදට ඇති යෝජනා ඉදිරිපත් කරන්න.
 
මහින්ද දිසානායක මහතා  - මේ යෝජනාව අද මම ඉදිරිපත් කරන්නේ නෑ. වෙන දිනයක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.


වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබ කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ විය.


පාර්ලිමේන්තු සභාවාරය   10.30  ට ඇරැඹිමට නියමිතය.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව කතානායක  කරූ ජයසුරිය මහතාගේ  ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුව ඇරැඹිමට  නියමිතය.

 

(36698)

 

( ඡායාරූප - චතුර එස් කොඩිකාර ) 



අදහස් (5)

පාර්ලිමේන්තුව කල් තැබෙයි

Asanka dasanayaka Wednesday, 05 December 2018 06:11 AM

ඒකාධිපති වියරුවෙන් දඟලනවා... රාජපක්ෂ මහතා...

:       1027       338

Bandara Wednesday, 05 December 2018 07:54 AM

බොරු කියන්න එපා. හැම කුණු ගොඩක්ම කොහේවත් ඉන්න මිනිහෙක්ගේ කරමත පටවන්න එපා.

:       10       135

දිලුම් Wednesday, 05 December 2018 08:12 AM

කවුරුවත් අපිට එපා. මූණවත් බලන්න මේ රටේ සාමාන්‍ය මිනිස්සු කැමති නෑ. අනික මිරිස්කුඩු නෙමෙයි කුණු බිත්තර ගැහුවත් අපිට වැඩක් නෑ. අපිට ඒක දැනෙන්න අපේ හිත්වල ජීවත්වෙන නායකයො නෙමෙයි. හැමකෙනාම මේ රටට හෝ ජනතාවට කරපු දෙයක් නෑ. හැත්තෑ ගණන්වල ඉඳලා පාර්ලිමේන්තුවේ හිටිය කියලා එකෙක් ලැජ්ජ නැතුව කියනවා. කරපු වැඩක් ඇහුවොත් මොකුත් නෑ. අනික හැත්තෑ ගණන්වල ඉඳලා හිටියා නම් දැන් වයස හිතාගන්න පුළුවන්.. එහෙම අය තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩි හරියක්. යල්පැනගිය න‍ාකි මොල ටික එළියට දාල‍ා ඕක කරන්න පුළුවන් අලුත් පරපුරකට තැන දීලා මේ රටේ අයට පව් නොදී යනතැනක යන්න.

:       11       519

DILUM Wednesday, 05 December 2018 08:40 AM

නලින්ද මහත්තයෝ, මහා කුක්කුර ජාතකයේ කියවලා තියනවද? ඒකෙ හිවලෙක් වෙනුවට බූරුවෙක් කුඹුරට ගිහින් උදලු පාර කැපූ කතාව මතකද? රනිල්ට කඩේ ගිහින් ඒකෙ බූරුවගේ කතාව අවුරුදු 2500ට පස්සේ ඔබ අපට සිහිපත් කරනවා.

:       324       171

tommy Wednesday, 05 December 2018 11:43 AM

මේ අයගේ කතාවෙන් නම් පාර්ලිමේන්තුව උත්තරීතරයි. නමුත් ඇතුලේ කරන්නේ රෙදි ඉස්සීම, මිරිස් කුඩු ගැසීම, පිහි හරඹ කිරීම, පොත්වලින් දමා ගැසීම වැනි දේයි. මේ පාර්ලිමේන්තුව රටට ශාපයක්...

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 558 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 216 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 274 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 259 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 467 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3944 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site