IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජවිපෙ මන්ත්‍රීවරු කතානායකට ලියති

රටේ ඇතිවෙමින් පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ යුතු බැවින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ලිපියක් මගින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරති.
 
අනුර දිසානායක, විජිත හේරත්, නිහාල් ගලප්පත්ති, නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම ලිපියට අත්සන් තබා ඇත.
 
රට තුල ඇතිවෙමින් තිබෙන අර්ජුදකාරී දේශපාලන වාතාවරණය රටටත්, ජනතාවටත් කිසිසේත්ම හිතකර නොවන බව ද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ඇතිවෙමින් පවතින තත්ත්වය රටට එරෙහි විදේශීය බලවේගවලට ද අනියමින් වාසියක් වන බව ද , රටේ පරමාධිපත්‍ය නියෝජනය කළ යුතු වන රටේ ප්‍රධානම ආයතනය වන පාර්ලිමේන්තුවේදී කඩිනමින් එය සාකච්ඡා විය යුතුව ඇති බව ද, පාර්ලිමේන්තු සැසිය කල් තැබීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බව ද ජනත විමුක්ති පෙරමුණ කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.
 

(28535)



අදහස් (6)

පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජවිපෙ මන්ත්‍රීවරු කතානායකට ලියති

සතයපාල Monday, 29 October 2018 07:15 AM

ලැජ්ජ නැති ජනාධිපතිවරයාට එලෙස පාර්ලිමේන්තුව කල් දැමීමට හැකි වුවද හදිසි අවස්ථාවකදී කතානායකවරයාට නැවත පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ප්‍රස්ථාව ඇද්දැයි සොයා බැලියයුතුය.

:       301       1605

Hafeel Monday, 29 October 2018 07:46 AM

පාර්ලිමන්තුව කල් තැබීම කියන්නේ මේ ජනාධිපතිගේ දුර කාලයේ අවසන් මොහොත පෙන්නුම් කරන්නේ. චන්ද්‍රිකාත් 2001 දී පාර්ලිමන්තුව කල් දාල ඉල්ලන් කෑවා. ඉතිහාසයේ ප්‍රජාන්ත්‍ර විරෝදී වැඩ වලින් වුනේ ඉතා පහත් අන්දමින් ජනතා අපකීර්තියට පත්වමින්, ගෙදර ගියා.

:       39       153

Sanath Kandy Monday, 29 October 2018 07:49 AM

දෙගොල්ලම කියනවනේ තමන්ට බහුතරය තියෙනවා කියලා. එහෙමනම් ඇයි කල් දාන්නේ? පාර්ලිමේන්තුව කැඳවල කාටද බහුතරය තියෙන්නේ කියලා බලන එක තමා කරන්න තියෙන හොඳම දේ.

:       1       205

isurandi Monday, 29 October 2018 08:37 AM

එක්කෝ ඔබ තුමන්ලා ඉදිරියට ඇවිත් රට ගෙනියන්නකෝ. අරෙහේ මෙහේ ඇද ඇද ඉන්නේ නැතුව.

:       0       0

Saman Monday, 29 October 2018 08:54 AM

අපේ ගැහැණු, දරුවෝ දැන් කන්නේ වේලක් ඇර වේලක්. 23 වෙනිදා ජවීපෙ අපි කොළඹ ආවේ මේ පාලනයට විරුද්ධව. දැන් මොනවද මේ අනුර කුමාර සහෝදරයා කරන්න යන්නේ?

:       0       0

chandana Monday, 29 October 2018 10:06 AM

පාර්ලිමේන්තුව කැඳවලා බහුතරය පෙන්වලා, රනිල්ව පරදලා, වැදගත් විදියට රජයක් පිහිටුවලා, රටට වැඩක් කරලා, ජනතාවට සහන දීලා, ඡන්දයකට යන්න... එදාට ජනතාව මහින්ද-මෛත්‍රි රජයක් අායෙමත් පත්කරාවි... බල තණ්හාව රට අගාධයට ගෙනියනවා.. අපි පව් ගෙවනවා..

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 128 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 81 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 152 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 632 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2196 8

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 227 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site