IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුව කැඳවන්න’යි ඇමරිකාවෙනුත් ඉල්ලයි

හර්ෂණ තුෂාර සිල්වා
 
 
කතානායක කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කළ අතර ඉන් ඇති වූ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කළ දෙවැනි අවස්ථාව මෙය විය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ (28) පස්වරුවේ නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් විය.
 
“ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවෙනවා. බිය ගැන්වීම්වලින් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළැකී සිටින්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා. කතානායකවරයා හා සාකච්ඡා කරමින් ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජිතයන්ට ආණ්ඩුවේ නායකත්වය දැරිය යුත්තේ කවුරුන්දැයි තීරණය කිරීමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා”. 
 
මේ අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ එල්ල වන පීඩනය වැඩි වෙමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබිණි. 
 



අදහස් (17)

පාර්ලිමේන්තුව කැඳවන්න’යි ඇමරිකාවෙනුත් ඉල්ලයි

Harshana Monday, 29 October 2018 04:14 AM

අපේ රට ගැන කැක්කුම තියෙන්නෙ ඇමෙරිකාවටනේ..... පලාත් සභා ඡන්දෙ අවුරුදු එකහමාරකින් තිබ්බෙ නැති එකට මීක් කියල කියපු නැති අය දැන් එනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න. මුලින්ම මේ ලෝකෙ කරන අමන ඝාතන නවත්තල ඉන්න ඕනේ...... අනෙක් අයගේ වැඩ ගැන හොයන්න කලින්.....

:       708       1143

sandyMonday, 29 October 2018 05:40 AM

මම අදනේ දන්නේ තනි අතින් අත්පුඩි ගහන්න පුළුවන් කියලා. එතකොට ජනාධිපති තොත්ත බබා.

:       274       266

Kumar (Galf)Tuesday, 30 October 2018 03:37 AM

අයියෝ සැන්ඩි, ඕක රනිල්ගෙන් ඇහුවනම් හොඳටම කියල දෙයි. එයත් ඕක කරන්න ගිහින් තමයි මේ විනාශය කරගෙන තියෙන්නෙ

:       0       0

Ajith NissankaMonday, 29 October 2018 06:18 AM

අපේ රට ගැන කැක්කුම තියෙන්නේ ඇමෙරිකාවට සහ චීනෙට තමයි..! අපේ අය ණය වෙලා තියෙන්නේ ඔය රටවල් වලටනේ! ඉතින් වැඩ කරන්න ඕනෑ ණය හිමියන්ට ඕන විදියට මිසක් ණය කාරයින්ට ඕනෑ විදියට නොවේ! අනිත් අතට පොල් ගෙඩි දෙකක් හොරකම් කරපු අය හිරේට යවලා ලෝකෙම උලා කන හොර දේශපාලකයින්ට ජයවේවා කියන රටකට මොන ප්‍රජාතන්ත්‍රවාදයද?

:       83       175

JanithMonday, 29 October 2018 07:04 AM

හර්ශන මහත්තය හරියට හරි. රට කන්න බලන් ඉන්න කාලකන්නින්ටයි, බඩ ගැන විතරක් හිතන බඩ ගෝස්තර වාදී බත් බැලයින්ටයි නම් විතරක් ඇමෙරිකාව හොඳ ඇති. ඒත් රට ගැන හිතන රටට ආදරේ කරන මිනිස්සු නම් හර්ශන මහත්තය එක්ක 100%ක් එකඟයි.

:       64       114

Ajith NissankaMonday, 29 October 2018 02:10 PM

ඔයා හරියට හරි... ජයවේවා කියලා උඩපනින දේශප්‍රේමී ජනතාව අසාවෙන් පරිත්‍යාග කරන බදු මුදල් මහින්ද මහත්තයාගේ ඇමෙරිකානු පුරවැසි ජාතිමාමක සොහොයුරු දේපළ ඇමෙරිකාවේ ආයෝජනය කරලා තියෙන නිසා ඇමෙරිකාව කියන දේවල් ඒ අයට බොහොම වැදගත්! කොහොමටත් ඔය අධිරාජ්‍ය විරෝධී ජාතිහිතැති දේශමාමක කොයි දේශපාලකයාගේත් දරුවෝ සහ බිරින්දෑවරු ඉන්නේ ඔය කියන ඇමෙරිකාවේ තමයි !

:       74       0

PrabathTuesday, 30 October 2018 04:06 AM

ජනිත් මහත්තයයි, හර්ශන මහත්තයයි මෝඩයොත් එක්ක තර්ක කරන්න යන්න එපා. මහ බැංකුව ගැටලුව ඇති වෙනකොට මේගොල්ලො හිටියෙ බීරි අලි වගේ. ඒ පාඩුව පියවන්න අපිට බදු පිට බදුයි, මිල සූත්‍රයි ගේනකොට මේ අය හිටියෙ කට වහන්. දැන් මෙතන ඇවිල්ලා කියවනව බදු ගැන.

:       0       0

Uditha - London Monday, 29 October 2018 04:24 AM

හොද හොද සෙල්ලන් එළි වෙන ජාමෙට කිව්වලු.. ඔය තියෙන්නේ.. ඔහොම යන්.. ලංකාවේ ලොකු මිනිස්සු රංගනයේ යෙදෙනවා.. අනේ අපි පොඩි මිනිස්සු ඕගොල්ලන්ගේ නාට්‍යය අපි බලන් ඉන්නම්... කරුණාකරලා යම් යම් පාර්ශවයන් රට ඉක්මනින් මෙම අස්ථාවරත්වයෙන් මුදවල ඉක්මනට යථාතත්වයට ගන්න.. හොඳට මතක තියාගන්න කල දුටු කල වල ඉහන මිනිස්සු රටේ ලෝකේ ඉන්නවා කියල...

:       52       73

Perera Monday, 29 October 2018 04:49 AM

අැමෙරිකාවටයි අනිත් අයටයි ආප්ප කවන්න වෙයි වගේ.

:       30       70

Saman Monday, 29 October 2018 05:35 AM

ඉල්ලන් කන්න වගෙයි හදන්නෙ.

:       51       102

Nuwan Monday, 29 October 2018 06:10 AM

අපේ රටට සම්බාධක දැම්මම කට්ටියට හොඳ සනීපයක් දැනෙයි , දැන් මෙතන කෑ ගහයි අපි බය නෑ බටහිරට කියලා.... අපේ සියලු අපනයන ගන්නේ ඔවුන් , නැතුව චීනය අපෙන් අල්පෙනිත්තක්වත් ගන්නේ නැහැ. බලමු අපට වෙන දේ ලගදීම, දැක්කනේ තේවලට වුණ දේ

:       241       321

BamunuarachchiMonday, 29 October 2018 08:53 AM

ඒ කියන්නේ අපිට අපේ රට අපට ඕන විදිහට තියා ගන්න බැරිද? කීබෝඩ් එකේ අකුරු ටිකක් කොටන්න පුළුවන් වුන පලියට අදහස් දාන්න එපා.

:       0       0

weerakoonMonday, 29 October 2018 11:56 AM

මහත්තයෝ සමහරක් සිතාන ඉන්නේ ලෝකේ තියෙන්නේ ලංකාවේ මැද කියලා....... එහෙම කියන්නේ..

:       0       0

nishantha Monday, 29 October 2018 07:18 AM

මට තියෙන ප්‍රශ්නේ මේ මහචණ්ඩි ඇයි මේ තරම් පාර්ලිමේන්තුවට බය? ලණු ගිල්ලට දැන් දිරවගන්නත් බෑ වමාරින්නත් බෑ..

:       1       48

Ravi Hettige Monday, 29 October 2018 08:40 AM

මේ රට ඇමෙරිකාවේ ප්‍රාන්තයක් කියල හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. අපෙත් ඉන්නවා යුරෝපයෙන් හරි අමෙරිකාවෙන් නම් ඕන දෙයක් හොඳයි කියන බයාදු මානසිකත්වයකින්

:       0       1

Deepal Nirosh Monday, 29 October 2018 09:01 AM

අනේ ඇයි මේ ප්‍රජාතන්ත්‍රවාදී කැක්කුම 2015 දි මන්ත්‍රී 42කින් පමණක් රනිල් අගමැති කළ වෙලාවෙ මෙයාලට තිබුණෙ නැත්තෙ? මේ වගේ තත්ත්වයක් 2009 මැයි මාසයෙත් උදා වුණා. පොඩ්ඩක් ඉවසල ඉමු.

:       0       0

Ajith NissankaMonday, 29 October 2018 02:02 PM

ඇයි තමුන්ලට අමතක වුණාද 2016දී 19වන සංශෝධනය කියලා එකක් ඔය ඔක්කොමලා එක්ක විශාල බහුතරයකින් සම්මත කළා! ඔයගොල්ලන්ට අතීතය අමතක වුණාට කරන්න දෙයක් නැහැ !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 159 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 326 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1434 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 217 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 427 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site