IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවට ජල බෝතල් ගෙන ඒම තහනම්


(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
 
 
පාර්ලිමේන්තුවට ජල බෝතල් රැගෙන ඒම අද(08) සිට තහනම් කර තිබේ.
 
ආරක්ෂක හේතු මත මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
 
පිටතින් පැමිණෙන අමුත්තන්ට මෙන්ම පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ටද මෙම තහනම එකසේ බලපැවැත්වෙන බව කියන එම නිලධාරියා පාර්ලිමේන්තුවේ සෑම ස්ථානයකම බීමට ජලය ඇති හෙයින් පිටතින් මෙලෙස ජලය ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැවසීය.
 
පාර්ලිමේන්තු සේවක සේවිකාවන් විසින් රැගෙන එන ලද ජල බෝතල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙනයාමට ආරක්ෂක අංශවලින් අද(08) අවසර නොලැබිණි.



අදහස් (10)

පාර්ලිමේන්තුවට ජල බෝතල් ගෙන ඒම තහනම්

ravi Friday, 08 February 2019 11:43 AM

කවුද දන්නේ මේ.. බෝතල්වල මොනවගේ ද්‍රව්‍ය පුරවාගෙන එනවද කියලා.. මේකත් ඉතින් සමනලකන්දේ වන්දනාවේ යනව වගේ වැඩක්නේ... සුදු ඇඳගෙන වතුර බෝතලයක් අතේ තියාගෙන හිටියට... බෝතලේ ඇතුලේ තිබුනේ " කසිප්පු " නේද?

:       310       42

RaveendraFriday, 08 February 2019 12:33 PM

ravi මයා වෙත, ඇරියොත් මූසල කටවල් අනිකා වැරදිය මම සුදනාය. අනිකා හොරාය.. මම හීනෙන්වත් හොරකම් නොකරමි. නමුත් සත්‍ය 225ම පාදඩයන්ය. තවද මිනිසුන්ගේ භාෂා ඥානයේ අඩුලුහුඬුකම් නිසා මෙම නිවටයින්ට "ගරු", එසේත් නැත්නම් " තුමා " යන වැදගත් වචන භාවිතා කිරීමත් බරපතල වරදකි. මේ සියල්ලෝම (225) ඔබේ, අපේ මුදල්වලින් සුර සැප විඳිමින් පිං ජීවිත ගත කරන පිං හාමිලාය.

:       36       51

Raveendra Friday, 08 February 2019 12:04 PM

මිනිසුන්ට ඇතිවෙන ගැටළුවක් තමයි ගවයන් කෙසේ වතුර බෝතල්වලින් වතුර බොන්නේද යනවග? ඔය මඩුව වටේට බාල්දි බේසම් වගේ දේවල් තිබුණාම හොඳයි නේද? එසේත් අවශ්‍යම නැත. මඩුව වටේට දියවන්නා ඔය තියෙන්නේ මඩවගුරේ ලැගලා ඉන්න ගවයින්ට අායේ අමුතුවෙන් බොන වතුර පිළිබඳව ප්‍රශ්නද?

:       0       50

smn Friday, 08 February 2019 02:40 PM

මේ තහනම් නීතිය කාලෝචිතයි. අපි දැක්කනේ, පහුගිය කාලයේ මේ හැත්ත පාර්ලිමේන්තුව ඇතුලේ නටපු නැටිල්ල... ඊළඟ සැරේ මේ 225ම ගෙදර යවන්න කටයුතු කරමු. පක්ෂ පාට නැතුව, පරණ හොරුත් නැතුව අළුත් කට්ටියක් පත් කර ගනිමු.

:       0       4

Sumith Friday, 08 February 2019 02:48 PM

ජනතාව දැන් ඕකට කියන්නේ කෝලම් මඩුව කියලා...

:       0       32

Hafeel Friday, 08 February 2019 03:09 PM

මිරිස් කෑමත් තහනම් කරන්න.

:       0       10

chandima Friday, 08 February 2019 07:01 PM

කුඩු ලොක්කෝ අල්ලලා නිසා ජනතා නියෝජිත උන්නාන්සේලා පරිස්සම් වෙන එක හොඳයි. උන්ගේ ගෝලයෝ වතුර වගේ දියර පුපුරන ද්‍රව්‍ය බෝතල්වල දමල එවල පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න උන්ගේ "පාට්නර් තුමාලා" ලව්වා වැඩක් දෙන්න බැරි නැහැ. එත් ඉතින් පොලිසිය අනිත් බැග් පරික්ෂා කලාට අය වැය රහස් ගෙනෙන බෑග් එක පරික්ෂා කරන්න බැහැ නේද?

:       0       29

sarath perth Saturday, 09 February 2019 02:49 AM

මමත් මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ මේ පින්ගුත්තරයෝ ටික 225 කවදා කෝලම් මඩුවෙන් ඉවතට විසිවෙයිද කියා. ලංකාවට යහපත් දිනයක් උදාවේවා !

:       9       55

Nandalal DE SILVA - France Saturday, 09 February 2019 06:02 PM

වතුර කියල මෙච්චර දවසක් මේ අය බෝතල් පුරෝගෙන ඇතුලට මොනොවා ගෙනාවද කියලා දන්නේ කවුද?

:       0       0

kumara Tuesday, 12 February 2019 10:00 PM

හොඳ වැඩේ. දැන් මිරිස් කුඩු පිඹින්න තමයි වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 135 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 398 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 449 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 79 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 547 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1564 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site