(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තුවට ජල බෝතල් රැගෙන ඒම අද(08) සිට තහනම් කර තිබේ.
ආරක්ෂක හේතු මත මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
පිටතින් පැමිණෙන අමුත්තන්ට මෙන්ම පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ටද මෙම තහනම එකසේ බලපැවැත්වෙන බව කියන එම නිලධාරියා පාර්ලිමේන්තුවේ සෑම ස්ථානයකම බීමට ජලය ඇති හෙයින් පිටතින් මෙලෙස ජලය ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැවසීය.
පාර්ලිමේන්තු සේවක සේවිකාවන් විසින් රැගෙන එන ලද ජල බෝතල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙනයාමට ආරක්ෂක අංශවලින් අද(08) අවසර නොලැබිණි.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාර්ලිමේන්තුවට ජල බෝතල් ගෙන ඒම තහනම්
ravi Friday, 08 February 2019 11:43 AM
කවුද දන්නේ මේ.. බෝතල්වල මොනවගේ ද්‍රව්‍ය පුරවාගෙන එනවද කියලා.. මේකත් ඉතින් සමනලකන්දේ වන්දනාවේ යනව වගේ වැඩක්නේ... සුදු ඇඳගෙන වතුර බෝතලයක් අතේ තියාගෙන හිටියට... බෝතලේ ඇතුලේ තිබුනේ " කසිප්පු " නේද?
RaveendraFriday, 08 February 2019 12:33 PM
ravi මයා වෙත, ඇරියොත් මූසල කටවල් අනිකා වැරදිය මම සුදනාය. අනිකා හොරාය.. මම හීනෙන්වත් හොරකම් නොකරමි. නමුත් සත්‍ය 225ම පාදඩයන්ය. තවද මිනිසුන්ගේ භාෂා ඥානයේ අඩුලුහුඬුකම් නිසා මෙම නිවටයින්ට "ගරු", එසේත් නැත්නම් " තුමා " යන වැදගත් වචන භාවිතා කිරීමත් බරපතල වරදකි. මේ සියල්ලෝම (225) ඔබේ, අපේ මුදල්වලින් සුර සැප විඳිමින් පිං ජීවිත ගත කරන පිං හාමිලාය.
Raveendra Friday, 08 February 2019 12:04 PM
මිනිසුන්ට ඇතිවෙන ගැටළුවක් තමයි ගවයන් කෙසේ වතුර බෝතල්වලින් වතුර බොන්නේද යනවග? ඔය මඩුව වටේට බාල්දි බේසම් වගේ දේවල් තිබුණාම හොඳයි නේද? එසේත් අවශ්‍යම නැත. මඩුව වටේට දියවන්නා ඔය තියෙන්නේ මඩවගුරේ ලැගලා ඉන්න ගවයින්ට අායේ අමුතුවෙන් බොන වතුර පිළිබඳව ප්‍රශ්නද?
smn Friday, 08 February 2019 02:40 PM
මේ තහනම් නීතිය කාලෝචිතයි. අපි දැක්කනේ, පහුගිය කාලයේ මේ හැත්ත පාර්ලිමේන්තුව ඇතුලේ නටපු නැටිල්ල... ඊළඟ සැරේ මේ 225ම ගෙදර යවන්න කටයුතු කරමු. පක්ෂ පාට නැතුව, පරණ හොරුත් නැතුව අළුත් කට්ටියක් පත් කර ගනිමු.
Sumith Friday, 08 February 2019 02:48 PM
ජනතාව දැන් ඕකට කියන්නේ කෝලම් මඩුව කියලා...
Hafeel Friday, 08 February 2019 03:09 PM
මිරිස් කෑමත් තහනම් කරන්න.
chandima Friday, 08 February 2019 07:01 PM
කුඩු ලොක්කෝ අල්ලලා නිසා ජනතා නියෝජිත උන්නාන්සේලා පරිස්සම් වෙන එක හොඳයි. උන්ගේ ගෝලයෝ වතුර වගේ දියර පුපුරන ද්‍රව්‍ය බෝතල්වල දමල එවල පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න උන්ගේ "පාට්නර් තුමාලා" ලව්වා වැඩක් දෙන්න බැරි නැහැ. එත් ඉතින් පොලිසිය අනිත් බැග් පරික්ෂා කලාට අය වැය රහස් ගෙනෙන බෑග් එක පරික්ෂා කරන්න බැහැ නේද?
sarath perth Saturday, 09 February 2019 02:49 AM
මමත් මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ මේ පින්ගුත්තරයෝ ටික 225 කවදා කෝලම් මඩුවෙන් ඉවතට විසිවෙයිද කියා. ලංකාවට යහපත් දිනයක් උදාවේවා !
Nandalal DE SILVA - France Saturday, 09 February 2019 06:02 PM
වතුර කියල මෙච්චර දවසක් මේ අය බෝතල් පුරෝගෙන ඇතුලට මොනොවා ගෙනාවද කියලා දන්නේ කවුද?
kumara Tuesday, 12 February 2019 10:00 PM
හොඳ වැඩේ. දැන් මිරිස් කුඩු පිඹින්න තමයි වෙන්නේ..