(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තුව තුළ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට සදහන් කරමින් මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයට අදාළව ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවිම මත එම නඩුව අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (30) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවීම හේතුවෙන් පැමිණිල්ල සම්බන්ධ විමර්ශන අවසන් කරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
‘සත්‍ය ගවේෂකයෝ’ නැමැති සංවිධානයේ නිතීඥ පේ‍්‍රමනාත් චමින්ද දොළවත්ත මහතා විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණී.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ නඩුව අවසන් වෙයි
නොකවුට් Friday, 30 August 2019 12:16 PM
මොහු කරන්න දන්න එකම දේ මඩ ගැසීම. ඒ හැර මොහු ඇමතිකමක් දරමින් කරන ලද වෙනත් දෙයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.
athuraSaturday, 31 August 2019 05:12 AM
මේක මඩ ගැසීමක් නෙමෙයි මහත්මයා. අර ඉරාජුත් කිව්වේ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටිය පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා...
නොකවුට් Saturday, 31 August 2019 07:21 AM
අධිකරණය ගැන එතකොට මෙයා කියපු දේත් පස්සේ වෙනස් කරගත්තා මතක නැද්ද? මෙයා කියපු එකම එක දෙයක් මෙන්න මේකයි ඇත්ත කියලා ඔප්පු කර ගත්තද? අඩුම තරමේ එකම දෙයක්. හැමදාම කලේ අනුන්ට මඩ ගහන එක. මෙයා හිතන් ඉන්නේ මෙයා ලොකු පොරක් කියලා. නූගතුන් පාර්ලිමේන්තු යවපු එකේ මෝඩකම්. මෙයා දරන ඇමතිකමෙන් මොකක්ද රටට කරපු සේවය...? ඇමතිකමක් දරමින් ඒකේ වරප්‍රසාද විඳිමින් විපක්ෂයෙ කෙනෙක් වගේ හැසිරෙනවා. දෙබිඩි චරිත... සබරගමුව ඡන්දෙ වෙලාවේ බොරුවට බෞද්ධයෙක් කියලා ජනතාව රැවැට්ටුවනේ... හැමදාම මෙහෙම මිනිස්සු රවට්ටන්න බෑ. එක්සත් ජාතික පක්ෂය පිරිහුනේ මේ නිසා..
NanaSunday, 01 September 2019 06:24 AM
ඒවාට කියන්නේ මඩ කියල නොවේ. තිත්ත ඇත්ත කියල.
Shantha Qatar Friday, 30 August 2019 12:18 PM
අයියෝ සල්ලි...!!! අපරාදෙ කාලය, වියදම, මඩගැසීම, බොරු වැඩ...
gunasena Friday, 30 August 2019 12:38 PM
කවුරු වුණත් බොරුවට නිකං මාධ්‍ය සංදර්ශන පවත්වන්න හරි ඉන්න ඕනෑ.
Ajantha Friday, 30 August 2019 12:44 PM
එළ එළ... එහෙම නොහොබිනා වැඩ කරනවද අපේ මැති ඇමැතිවරු?
රවින් Friday, 30 August 2019 12:50 PM
හා...!! කරුණු/ සාධක තියෙනවාද..? හැබැයි නඩු කටයුත්තකට තරම් ප්‍රමාණවත් නැහැ නේද?
CHANDIMA Friday, 30 August 2019 01:17 PM
වැඩේ ඉවරයක් කරලා දන්නේ නැතුව කොහොමද? ඉස්සරහට ඡන්ද මීටින්වල කෑගහන්න කට්ටිය මදිවෙනවනේ...
ratne Friday, 30 August 2019 01:18 PM
මෙම නඩුවට සංවිධානාත්මකව මුහුණදී, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු නිසා ඔහුත්, බේබදු පා.ම. වරුත් දෙපැත්තම දඬුවමකින් තොරව බේරා ගැනීමට ඉතා දක්ෂ ලෙස ක්‍රියා කර ඇත. මෙවැනි නිවට නීති, ක්‍රියා නිසා තමයි "ඉන්න හිතෙන රටක්" කියා වෙළඳ දැන්වීම් පවා ප්‍රචාරය කිරීමට සිදුවෙලා තියෙන්නේ...
sana Friday, 30 August 2019 02:19 PM
නඩුව දැම්ම නීතිඥයා කාටද කඩේ යන්නේ? අන්න එයාගෙන්ම ඇහුවා නම් හරි... මොකද කරුණු නැතිව බොරුවට නඩු දාන්නේ කියලා.
CiscoSaturday, 31 August 2019 02:07 AM
මේ නඩුව නිසා එක දෙයක් තේරෙනවා. රන්ජා කරන කථා සාක්ෂි නැති දේවල් කියලා...
මුණසිංහ Saturday, 31 August 2019 01:28 AM
අප්පෝ... මොනවා කියනවද? අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.. සිගරට්, අරක්කු.. බොන කෙනෙක් ළඟින්වත් යන අය නෙවෙයි!!! රන්ජන්ට පිස්සු... එයා හිතාගෙන ඉන්නේ ජීවිතයම චිත්‍රපටයක් කියලා...
rohana Saturday, 31 August 2019 03:00 AM
මෙතුමා කලින් කියපු එක හරි නේද? ලංකාවේ අධිකරණය ගන්නා තීන්දු තීරණ සල්ලි වලට නැවෙනවා නේද? නඩු කාරයන් පවා සල්ලිවලට සහ පිස්තෝලයට තමන්ගේ තීරණ වෙනස් රටක්... මේක නැත්නම් මහින්දලා, ගෝඨලා, බැසිල්ලා මේ වෙනකොට ඉන්න ඕනෑ සිරගතවයි... ඒවා හරි කියලා ලංකාවේ ඉන්න බූරුවන් ඒවා පිළිගන්න නිසානේ ඒ අයව ජනාධිපති කරන්න හදන්නේ...
Siri Saturday, 31 August 2019 04:38 AM
පාර්ලිමන්ට් ජෝක්ස් මෙතුමාගේ වැඩක් නොවැ. තව තියෙන්නේ අසභ්‍ය නඩුව විතරයි. පොඩි හාමුදුරුවෝ ප්‍රධාන චරිතයක් කරගත්තු.. මේ වගේ අය පාර්ලිමේන්තු යවන අයට නඩු දාන්න ඕනෑ.
Sugath PremalalSaturday, 31 August 2019 01:09 PM
අගෝස්තු මාසයේ දකින්න ලැබුණු මසුරන් කියමනක් සිරි.. ඔබ හරියට හරි...
kule Saturday, 31 August 2019 10:29 AM
නමින් වන් ෂොට් වුණාට එක ෂොට් එකක්වත් දීලා නෑ. නමින් ඇමති මන්ත්‍රී වුණාට වැඩ නෑ.. එනපාර මෙයාට දියවන්නාවත් නෑ..
lanka Saturday, 31 August 2019 11:53 AM
රන්ජන් නටපු තොවිලෙකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ.
purawasiya Monday, 02 September 2019 05:38 PM
රන්ජන්ට විරුද්දව දමපු නඩුවක් මේක .නාමල් බේබි ගේ යාලුවෙක් නේ කළු කෝට් කාරයා.රන්ජන්ට විරුද්දව මොකුත් කරන්න බැරුව නඩුව අහක ගියා