IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පරිප්පු වෙනුවට බඩඉරිඟු කමු

 

පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කෑම සුදුසු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා  පාර්ලිමේන්තුවට බඩ ඉරිඟු කිලෝ 10ක් පමණ රැගෙන ආ බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.

පාර්ලිමේන්තුවේ භෝජනාගාර බාරකරුවන් සහ කෝකිවරුන් විසින් එම බඩ ඉරිඟු බාරගෙන ඊයේ දිවා ආහාරය සඳහා පිස දී ඇති බවද වාර්තා වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය සහ දේශීය ගොවියා නඟා සිටුවීම සඳහා තමන් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව පරිප්පු වෙනුවට බඩ ඉරිඟු ආහාරයට ගන්නා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කර සිටියේය. 



අදහස් (35)

පරිප්පු වෙනුවට බඩඉරිඟු කමු

Mahesh UK Wednesday, 09 September 2020 05:50 AM

මේ රට හදන්න නම් මේ වගේ දේවල් වෙන්න ඕන.

:       546       485

senaWednesday, 09 September 2020 10:56 AM

නරකද මෙයා වෙනුවට හරකෙක් පාර්ලිමේන්තු යැව්වානම්. පරිප්පු වෙනුවට බඩ ඉරිඟු ආදේශයට වඩා ඒක ලාභදායක ආදේශකයක් වෙයි...

:       72       298

Bamunuarachchi Wednesday, 09 September 2020 05:51 AM

නරකද චුයින්ගම් ගෙනාවානම්. මතකනේ සිරිමාවෝ මැතිනියට වෙච්චදේ 1977 දී.

:       84       104

BamunuarachchiSunday, 13 September 2020 03:32 AM

ඔබලාව පත්කළ මිනිස්සුන්ට බඩ ඉරිඟු හොඳ මදි... තව ටික දවසකින් කියයි බටර් කන්න එපා මුදවපු කිරි ගාගෙන කන්න කියලා...

:       1       1

Nuwan Wednesday, 09 September 2020 05:54 AM

පාන් නැත්නම් කේක් කාපන් කිව්ව කතාව මතක් වුනා.

:       90       337

නුවන් Wednesday, 09 September 2020 06:04 AM

නූතන දුටුගැමුණුලාට සහ වහල් අනුගාමිකයන්ට නම් බඩ ඉරිඟුත් හොඳ වැඩියි. පුන්නක්කු තමයි ගැලපෙන්නෙ. මේ වගේ විහිළු සපයලා දේශීයත්වය නංවන්න යන එක නම් හීනයක්. මිරිස්කුඩු ඇමතිගෙ සුදු හුණු ගාන්න ගෙනියන මැටි කැම්පේන් එක වගෙයි. වෙනස සනීපයි

:       1126       1406

kamal Wednesday, 09 September 2020 06:25 AM

සීනි නැතිව තේ බොන්නම්... මැතිණි කියනවා නම් අපි පරිප්පු නැතිව පාන් කන්නම්.. මතකද?

:       8       75

සාරසීWednesday, 09 September 2020 12:44 PM

රටේ මිනිසුන්ට නෙවෙයි කන්න කියන්නේ පාර්ලිමේන්තු කෑම වේල ගැන විතරයි...

:       2       8

අප්පුහාම්Wednesday, 09 September 2020 12:45 PM

කමල් මහත්මාගේ කථාවේ සුළු වැරදීමක් කියන්නම්... ඒ කාලේ සමගි පෙරමුණ බලයට ගෙනෙන්න ක්‍රියාකළ අය කිව්වේ... මැතිණි අපිට කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම් කියලයි. ඒ කාලෙ පරිප්පු දුන්නේ තණකොල ෆාම්වල සතුන්ට කියලා මතකයේ තියෙනවා. මම ඒ කාලෙ පාන් කාලක් ගන්න උදේ තුනට විතර බේකරියේ පාන් පෝලිමේ හිටියා.

:       30       222

Deric Wednesday, 09 September 2020 06:27 AM

ඉන්දියාවේ කොරෝනා රෝගය පැතිරෙන විදියට තව අවුරුදු ගාණකට පරිප්පු කන්න වෙන්නේ නෑ වගේ. ඒ නිසා දැන්ම හුරුවෙන එක හොඳා...

:       3       50

Walpola Wednesday, 09 September 2020 07:19 AM

පානුයි, බඩඉරිඟු හොඳයි.. කන්නේ කොහොමද?

:       8       165

Pathum Wednesday, 09 September 2020 07:21 AM

එහෙනම් වැටකොලු වෙනුවට පතෝලත් හොඳ ඇති.

:       16       145

[email protected] Wednesday, 09 September 2020 07:31 AM

බඩ ඉරිඟු වගාවට අධික විෂ රසායනික යොදන බව කියැවෙනවා. ඒ ගැනත් අවධානය යොමුකරනවා නම් හොඳයි.

:       1       54

harsha Wednesday, 09 September 2020 07:34 AM

මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට යවපු අයට කවන්න ඕනේ බඩඉරිඟු...

:       43       482

සෑම් Wednesday, 09 September 2020 07:45 AM

ළඟදීම කියන්න වෙයි 69 ලක්ෂයට බඩඉරිඟු සමග තණකොළත් කන්න කියලා...

:       127       779

සී.කේ. ලංකාපුත්ර Wednesday, 09 September 2020 07:47 AM

අනේ මන්ත්‍රීතුමෝ! බඩ ඉරිඟු පරිප්පු වෙනුවට උයන හැටි අපිට කියලා දෙන්නකෝ. බත් වෙනුවට බඩඉරිඟු කන්න කිව්වනං ඒකෙ තේරුමක් තියනවා. මන්ත්‍රීතුමා, සූදුරු මහදුරු වගේද සැමන් ටිං?

:       29       563

සමරේ Wednesday, 09 September 2020 08:07 AM

කෝ දැන් අර පහුගිය කාලේ ක්‍රෝටන් කොළ කෑමට ගන්න පුලුවන් කියලා අදහසක් ප්‍රකාශ කරපු ගමන් ආණ්ඩු පෙරලන්න කතා කරපු කෑ ගහපු කමෙන්ට් දාපු එහෙයියන් ටික? පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කවන්න කලින් ඕවා වවන මිනිස්සුන්ට ඕන පහසුකම් ටික දෙන්නයි, වල්අලි කරදරේට විසඳුමකුයි දෙන්න විදියක් බලනවා නම් හොඳයි. මිනිස්සුන්ට ඔය වගේ බොළඳ උත්තර වලින් සැනසෙන්න නෙමෙයි ඕනෙ. කොහොමත් මේ වගේ පුස්චරිත වලින් මීට වැඩිය හරවත් දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

:       1       302

siri Wednesday, 09 September 2020 08:40 AM

අනේ මගේ කට... මේ මනුස්සයා කවද්ද බඩ ඉරිඟු කෑවේ?

:       2       112

jakmo Wednesday, 09 September 2020 08:49 AM

බඩඉරිඟු, දියවැඩියාවටත් හුඟක් හොඳයිලු නේද?

:       5       2

baddrani Wednesday, 09 September 2020 08:54 AM

මේ මුකුත් කරදරයක් නැහැනේ මුකුත් නොකාම හිටියා නම්...

:       1       27

sashi Wednesday, 09 September 2020 09:41 AM

මොලේ තරම තමයි.

:       6       102

විජේ Wednesday, 09 September 2020 09:53 AM

"නලුවෙකුගෙන් රංගනයකට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?" කියා සිතුණි. සමහරවිට අවංක උත්සාහයක් වෙන්නත් පුලුවන්... ඒත් ඉරිඟු කියන්නෙත් ලෙඩ ගොඩක ආරම්භයක් බවයි මම අහලා තියෙන්නේ...

:       0       59

Champa Wednesday, 09 September 2020 09:59 AM

අලුත් මන්ත්‍රීවරයෙක් විදිහට ඉතාම හොඳ අදහසක්... අනුරාධපුරේ ගොවීන්ගෙන් කෙලින්ම පාර්ලිමේන්තුවට බඩ ඉරිඟු සපයන්න ස්ථිර කොන්ත්‍රාත්තුවක් ඉල්ලා ගන්න.

:       1       35

ChampaWednesday, 09 September 2020 12:33 PM

අපේ දේශීය දේවල් ප්‍රවර්ධනය කරන්න හදන කොට හැම අතින්ම පහර වදිනවා. ඒවා බලාපොරොත්තු වෙන්න ඕනේ. ලංකාවේ හුඟ දෙනෙක් හැදුනේ වැඩුනේ රට හරක්ගේ කිරිපිටි බීලා. අපි නම් පොඩි කාලේ බිව්වේ ගමේ කිරිකාරයා පන් මල්ලක දාගෙන බයිසිකලේ ගෙදරටම ගෙනත් දෙන එළකිරි. කිරිකාරයාගේ නමත් මතකයි. ගෝමස් කියලා. තාත්ත කියනවා සාමාන්‍යයෙන් කිරි බෝතලයට වතුර චුට්ටක් එකතු කරනවා. නමුත් තාත්තට ගේන කිරි බෝතලයට නම් වතුර බින්දුවක් නැතුව ගේන්නේ කියලා. ඒ කිරි උණු කරන කොට දැනුන සුවඳ මට නම් අදත් දැනෙනවා. අපි වැඩිහිටියෝ වෙලා ටිකක් නාගරික පරිසරයට ගිහාමත් ඈත පළාතක ඉඳන් කිරි ගේන මනුස්සයෙක් හිටියා. මේ ටික කිව්වේ දේශීයව වැවෙන දෙයකට අගයක් දෙන්න හදන කොට, ගමේ කිරිකාරයාගේ කිරි බීපු මිනිස්සු නම් කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න. බඩඉරිඟු ගොවීන් තමන්ගේ අස්වැන්න විකුණා ගන්න නොඳිවිනා දුක් විඳින කාලෙක, උද්දික බඩ ඉඟුරු පාර්ලිමේන්තුවට ගෙනාපු එක අළුත් මඟක ආරම්භයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට මගේ සුබ පැතුම්.. !

:       466       423

sharm warnThursday, 10 September 2020 04:27 AM

චම්පා නෝනා, දේශීය දේවල් අගය කරන එක වෙනයි.මෙතන පෝෂණය ගැන බැලුවොත් බඩඉරිඟු කියන්නේ ප්‍රධාන ආහාරයක් වශයෙන් ගන්න පුළුවන් සහ පිෂ්ඨය බහුල ආහාරයක්නේ. එතකොට අපි කිව්වොත් පාන් නෙමෙයි, රොටි හරි, පිට්ටු හරි එක්ක බඩඉරිඟු හොද්දක් කියලා... පෝෂණය සමබර වෙනවද? ඔන්න මුං ඇට පියලි ප්‍රවර්ධනය කළා නම් පරිප්පු වෙනුවට... ඒක ඉතාම සාධාරණයි. පෝෂණයටත් ගැලපෙනවා. කරන්නන් වාලේ දේවල් කරන එක අනුමත කරන්න එපා. අපිටමයි කෙළ වෙන්නේ..

:       0       1

jagath79 Wednesday, 09 September 2020 09:59 AM

රජ කාලේනම්... මෙයාව ඔලුවෙන් හිටවලා...

:       2       13

dasun Wednesday, 09 September 2020 10:00 AM

මෙයාලට හරියන්නේ පුන්නක්කු තමයි.

:       20       134

චරිත Wednesday, 09 September 2020 10:50 AM

කිරි වෙනුවට පුන්නක්කු දියකර බීමත් හොඳයි...

:       2       74

බද්රානි Wednesday, 09 September 2020 11:01 AM

පුස්සෝ කරලියට ඇවිත් වැඩ්ඩෝ වගේ නිහීන රංගනයන් කරනවිට අපට නම් අර කොහෙන්ද මන්දා හිනාත් යනවා. තව ටික කාලෙකින් කියයි අර්තාපල් වෙනුවට නියඟලා අල කෑවොත් ගුණයි කියලා. මේ රටේ ඉන්න පොල් බුරුවන් නියඟලත් කයි රසකරලා..

:       216       370

bongo Wednesday, 09 September 2020 11:30 AM

ගිය සුමානේ කෙනෙක් ඇවිත් බිත්තරයට වැඩේ දීලා ගියා. දැන් තව එකෙක් ඇවිත් පරිප්පු ටිකට කෙළින්න හදනවා. හැබැයි අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා.

:       0       23

Nandalal DE SILVA - France Wednesday, 09 September 2020 04:05 PM

දියවන්නාවට බඩඉරිඟු උස්සන් ඇවිත් ඒවා කුස්සියට දුන්නා කිව්වට ඒවා කෑවේ කවුද කියා අපි දන්නවද? ඊළඟපාර එනකොට හොඳ තණකොළ ටිකක් අරගෙන ඇවිල්ලා ඔතන ඉන්න තඩි හරකුන්ට කවන්න බැරිද මන්ත්‍රීතුමෝ..? මේ අයට බොන් දෙන්න ලොකු පුන්නක්කු බාල්දි ටිකකුත් අරගෙන ඒමට අමතක කරන්න නම් එපා...

:       1       289

sharm warn Thursday, 10 September 2020 04:24 AM

අනේ මන්දා මෙයා.. රංගන ශිල්පියෙක් හැටියට හොඳ පදනමක් හදාගෙන ආපු මනුස්සයෙක්.. නාගන්න නෑමක්. පරිප්පු වලට ආදේශකයක් හැටියට මුං ඇට ඉදිරිපත් කළා නම් ඉහළින්ම පිළිගන්න තිබුණා. පාන් එක්ක බඩඉරිඟු හොද්දක් කන්න කිව්වාම පෝෂණය සමබර වෙනවාද? 

:       0       0

atul Thursday, 10 September 2020 05:40 AM

ඒක හොඳ අදහසක්.

:       1       0

Gayan Bandara Thursday, 10 September 2020 09:16 AM

අනේ ඉතිං මේ කමෙන්ට්ස් කියපුවාම වෙලාවකට දුකත් හිතෙනවා. පොඩ්ඩක් තේරුම් ගන්න මොහු කියනදේ.. මෙහෙම ඔහු කියන්නේ පරිප්පු කනඑක අඩු කරලා දේශීයව නිපදවන බඩඉරිඟු වගේ ගුණදායි ආහාර වැඩියෙන් කමු කියන එකයි. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්.. දෙකයි පනහට දාලා මේ තරම් අපහාස කරන්න එපා. හැම රංගන ශිල්පියෙකු, ශිල්පිණියකම එකම මිම්මෙන් මනින්න එපා. කෙනෙක් කියලා තියෙනවා වගේ අර්තාපල් වෙනුවට නියඟලා අල කමු වගේ ගොංපාට් කතා කියන්න එපා.

:       1       0

s.perera Monday, 14 September 2020 05:17 AM

පරිප්පු කන උදවියට පරිප්පු දෙන්න. බඩ ඉරිඟු කරන උදවියට බඩ ඉරිඟු දීලා බලන්න. එවිට බලාගන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 35 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 113 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 549 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2071 7

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 217 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 758 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site