IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 14 දා සිට නරඹන්න

(නාලක සංජීව දහනායක)

වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටා තිබෙන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නැරඹීමේ අවස්ථාව මෙම සෙනසුරාදා (14) වැනිදා සිට මහජනතාවට ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෑම සති අන්තයකම පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා මෙම ගොඩනැගිල්ල නැරඹීමේ හා ඡායාරූප ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමිවන බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.

අධ්‍යක්‍ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් යොමුකිරීම, 011-2441685 අංකයට ෆැකස් පණිවිඩයක් යොමුකිරීමෙන් හෝ 011-2354354 දුරකථන අංකය ඇමතීමෙන් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල් නැරඹිමට වේලාව වෙන්කරවාගත හැකිය.

මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන අයෝනියානු ශෛලීයට අනුව නිර්මාණය කර ඇත.

වසර 82ට පෙර නිර්මාණය කර ඇති මෙම ගොඩනැගිල්ල බාහිර පෙනුමින් අතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ ‘ඇතීනා’ නම් ග‍්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකර ඇති ප‍්‍රධාන දෙව්මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමාන අන්දමින් ඉදිකර තිබේ.

ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් 1930 ජනවාරි 29 වැනිදා ව්‍යවස්ථාදායක සභාව ලෙස මෙම ගොඩනැඟිල්ල ස්ථාපනය කර තිබේ. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ ව්‍යවස්ථාදායකයේ පසුව සිදුවු නාම සංශෝධන සමඟ මෙය (1931-1947) රාජ්‍ය මණ්ත‍්‍රණ සභාව, (1947-1972) නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය, (1972 – 1978) ජාතික රාජ්‍ය සභාව (1978 -1982) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන  නම්වලින් හඳුන්වා ඇත.

පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමෙන් පසුව 1983 සැප්තැම්බර් 8 වැනිදා සිට මෙම ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස නම් කරනු ලැබීය.



අදහස් (3)

පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 14 දා සිට නරඹන්න

Champa Tuesday, 10 March 2020 01:20 PM

පාන් ඉල්ලුවහම පාන් නැත්නම් කේක් කාපල්ලා කිව්වා වගේ. යූටර්න් ජනාධිපති යන්නෙම සිරිසේනගේ අඩි පාරේ. සයින්දමර්දු වලට නගර සභාවක් දුන්නා කියලා දැක්කේ පත්තරෙන්... ඒ හින්දා විගහට ඒක වලංගු කළා ලකුණු දාගන්න. කැබිනට් පත්‍රිකා අකුරක් නෑර කියවන ජනාධිපති දන්නේ නැතුව සයින්දුමර්දු ගැසට් එක නිකුත් කළා කියලා ළමයෙක්වත් පිළිගනියි කියලා මම හිතන්නෑ. ඊළඟට රාජ්‍ය ඇමති කටුපොල් ගහක් කපනවා දැකලා ඊට පස්සේ පරිසරයට හානිදායක නම් කටුපොල් තහනම් කරනවා කිව්වා. ලකුණු වැටුණේ ජනාධිපතිට. හැබැයි මේ දින 100 ඇතුලේ රට පුරා රක්ෂිත කැලෑ සීයකට වඩා ගිනිතියලා තියෙනවා. කඩොලාන ගස් ගිනි තියලා තියෙනවා. ඒ ගැන කිසි කතාවක් නැහැ. සිරිසේනත් මේ වගේමයි. සමෘද්ධි උද්ඝෝෂකයින් ලඟට ගිහින් ප්‍රශ්නේ විසඳනවා කිව්වා. කුඩා ගැහැණු දරුවෙක් අපහරණය කරපු විඩියෝවේ පාපතරයාව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක් තිබුණා. පත්තරෙත් තිබුණා. කටුපොල් වලටයි, සයින්දුමර්දුවලටයි තිබ්බ උනන්දුව මේ රටේ කිරි දරුවන්ට සිද්ධ වෙන අපරාධ නවත්තන්න නැහැ. දැන් ජනාධිපති ලේකම් කාර්යාලය පෙන්වනවා. සිරිසේන ජනාධිපති මන්දිරය ප්‍රදර්ශනය කළා වගේ. සෙනඟ ඉන්න තැන හොයහොයා ගිහින් අතවනලා පින්තූර දානවා...

:       0       0

lakshman Tuesday, 10 March 2020 02:24 PM

මේ වෙලාවේ එතරම් හොඳ වැඩක් නෙමේ, වයිරස් තිබෙන නිසා...

:       0       0

vidya Tuesday, 10 March 2020 09:08 PM

දරුවනේ, ඇතුළට ගිහින් මෙය නරඹන්න. ඔය පාර්ලිමේන්තුව ඇතුලේ වැදගත්, උගත්,දේශාභිමානී මිනිසුන් සන්සුන්ව සාකච්ඡා සහ වාද විවාද ඇති කළා. අද අලුත් පාර්ලිමේන්තුව සත්තු වත්තක් වාගේ. හොරු, තක්කඩියෝ, බොරුකාරයෝ, නුගතුන්ගෙන් පිරිලා. වාමාංශික අදහස් ප්‍රකාශ කරන අය කුණුහරුප කියන තත්වයට අශීලාචාර විදිහට හැසිරෙනවා. ඊළඟ පාර්ලිමේන්තුවට උගත්, බුද්ධිමත්, වැදගත් මිනිසුන් පත්කර එවන්න. මුළු ලෝකයෙන්ම සිඟා කන රට තව දුරටත් ප්‍රපාතයටම වැටේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 153 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 33 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 56 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 486 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3152 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1766 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site