IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීමක් - සාගල රත්නායක

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීමක් බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කියයි.
 
ඔහු මේ බව කියනුයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බැවින් එය නීත්‍යනුකූල නොවන බව ද ඔහු පවසයි.
 
‘මෙය අපි දිගින් දිගටම සටන් වැදුණු ප්‍රජාතන්ත්‍රවාදයේ කඩා වැටීමක්.‘ යැයි ද ඔහු සඳහන් කරයි.   



අදහස් (18)

ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීමක් - සාගල රත්නායක

sirimal Friday, 26 October 2018 04:23 PM

හිත මිත්‍ර සමනල සන්ධානය ළංකරගෙන රෝයල් තෝමියන් මානසිකත්වයෙන් වැඩ කරපු නිසාත් හොරුන්ට දඬුවම් දෙනවා කියල බලය ලබාගෙන හොරු ආරක්ෂා කරපු නිසා නේද මේ සන්තෑසිය වුනේ? දැන් කතා කරලා ඵලක් නැහැ ලැබෙන්න නියමිත දඬුවම් විඳින්න සුදානම් වෙන්න. අරයා ඔය අත ගගා ඉන්න කෙනෙක් නම් නෙවේ ඔන්න.

:       176       303

Ratne Friday, 26 October 2018 04:24 PM

ජනතා මතයට මෛත්‍රී අවස්ථාව දුන්නා. ජයවේවා!!!

:       157       246

Nmal Friday, 26 October 2018 04:27 PM

බැඳුම්කර වංචාව තරම් ප්‍රජාතන්ත්‍රවාදී නැත. එකඟයි.

:       131       301

leel Friday, 26 October 2018 04:53 PM

හිටපු ඇමැතිතුමනි,.. 2015 ජනවාරි 8 වෙනිදා දී.මු. ජයරත්න යවලා පාරලිමේන්තුවේ ආසන 44ක් තිබුණු රනිල්ට අගමැතිකම දීපු එක ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීමක් නෙමෙයිද?

:       42       238

Cisco Friday, 26 October 2018 04:58 PM

ඔබතුමාලගේ නොහැකියාව බොහෝ තැන්වලදී මෙන්ම මෙහිදීත් පෙන්වා ඇත. මට කීමට ඇත්තේ එපමණකි.

:       0       88

Sarath R Friday, 26 October 2018 04:59 PM

ගොන් කතා නොකියා ඉන්න...

:       14       79

chandana Friday, 26 October 2018 05:15 PM

හොරුන්ට දඬුවම් නොකිරීමේ අවසානය... මම නම් දකින්නේ රජය පෙරලුවේ නාමල් කුමාර කියා. රනිල් එහෙම දෙයක් ප්ලෑන් කරලා නම් හිරේට දාන්න ඕනෑ. ඒ වගේම පරණ ඇත්තම හොරුන්ට දඬුවම් දෙන්න දාපු නඩු දිගටම ගෙනියන්න ඕනෑ. එජාප හොරුන්ටත් දඬුවම් දෙන්න ඕනෑ. මෙයාලත් අත ගගා උන්නොත්, පරණ සෙල්ලම පටන් ගත්තොත් මෙයාලත් ඉවරයි...

:       122       432

ඉසුරන්දි Friday, 26 October 2018 05:23 PM

මම නම් කියන්නෙ අපේ රටට ඡන්ද තියෙන එකෙන් පලක් නැහැ කියලයි. මොකද හෙනගෙඩි පාත්වෙනවා වගේ මෙහෙම දේවල් සිදුවෙද්දී

:       54       68

විජිත් Friday, 26 October 2018 05:33 PM

"..සමනල සිහිනය බොඳවෙලා.."

:       6       219

Janaka Friday, 26 October 2018 07:00 PM

පොලිසිය අරන් මොන හොරුන්ද ඇල්ලුවේ? මහින්දට යටින් වැඩ කරලා දැන් එනවා ගොන් කතා කියන්න. මාතර මෙයාගේ ලේකම් කෙනෙකුත් ඉන්නවා මහින්දගේ හිටපු කාර්ය ප්‍රධානිගේ නෑදෑයෙක්. මෙයාලා වගේ අය නිසා තමයි මෙහෙම වුනේ...

:       0       0

Perera Saturday, 27 October 2018 12:55 AM

ඔය කවුරු බලයට ආවත් රටේ මිනිස්සු හැමදාම වලපල්ලේ !!!

:       0       0

sam Saturday, 27 October 2018 01:41 AM

රණ විරුවන් සහ රට පාවලා දීල, මුදල් ඇමති වෙලා රට බංකොලොත් කරන එකද ප්‍රජාතන්ත්‍රවාදේ. මොලේ නැති කෙනෙක් මුදල් ඇමති වුණාම රටවල් බංකොලොත් වෙනවා.

:       0       0

Hensil Saturday, 27 October 2018 02:01 AM

මටයි, රටටයි තිබිච්ච ශ්‍රේෂ්ඨ පක්ෂය තමයි එජාපය... ඒ පක්ෂය කෑවේ මේ අයයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. නායතයගෙන් අහන්න විලිලැජ්ජාව කියලා එකක් තියනවද කියලා...

:       0       0

sam Saturday, 27 October 2018 02:28 AM

අනේ යන්න... ඔයා දන්න ප්‍රජාතන්ත්‍රවාදය..

:       0       0

Udaya Saturday, 27 October 2018 03:02 AM

ජරා ජීර්ණ දේශපාලනයේ සංකේතයක් බවට අපේ රට පත් වුණා. මීට පස්සේ ඡන්දයක් තිබීම පලක් නැහැ. චන්ද්‍රිකාත් කලේ ඕකමයි. විධායකයේ මේ බලය ප්‍රජාතන්ත්‍රය අභිභවා යන්නකි. අනාගතේදී යහපත් ප්‍රතිපත්තියකින් යුතු අගමැතිවරයෙක් පත්වී ජනාධිපතිවරයාට නොගැලපුණු විට මෙය යළිත් සිදුවිය හැක.

:       0       0

KANDEPOLA Saturday, 27 October 2018 03:36 AM

කඩා වැටෙන්න ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණාද මේ රටේ?

:       0       0

chinthana Saturday, 27 October 2018 04:18 AM

එදා දීමු ඉවත් කරලා රනිල් පත් කළ එක ප්‍රජාතන්ත්‍රවාදී නම්, නීත්‍යානුකූල නම් අද රනිල් ඉවත් කරලා මහින්ද පත් කළ එක ප්‍රජාතන්ත්‍රවාදීයි, නීත්‍යානුකූලයි.

:       0       0

Wasantha Jayasinghe Saturday, 27 October 2018 05:24 AM

ඒත් හොඳයි... දැන් රටේ හොඳ අගමැතිවරයෙක් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 776 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 278 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 338 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 298 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 485 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4142 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site