IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රකට මූල්‍ය සමාගමකට මහ බැංකුවෙන් දැඩි නීති

(රංජන් කස්තුරි)

 ශ්‍රී ලංකාවේ ප්‍රකට (ලියාපදිංචි) මූල්‍ය සමාගමක් මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

මෙම කොන්දේසි අනුව නව තැන්පතු බාර ගැනීම අත්හිටුවන ලෙසත්, කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සහ ණය ප්‍රදානය සීමාකරන ලෙසත් අදාළ මූල්‍ය සමාගමට කොන්දේසි පනවා ඇතැයිද මහබැංකුව කියයි.

තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා තමන්ගේ මුදල් නැවත ලබාගත හැකි බවද ශ්‍රී  ලංකා මහබැංකුව පවසයි.

තවද මෙම මූල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මහබැංකුව විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් පත්කර තිබේ.



අදහස් (25)

ප්‍රකට මූල්‍ය සමාගමකට මහ බැංකුවෙන් දැඩි නීති

sashi Friday, 15 February 2019 10:12 AM

මොකද්ද මූල්‍ය සමාගම?

:       2       55

Athula GunasenaFriday, 15 February 2019 11:01 AM

මේ ආයතනය පිළිබඳ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ලබාගතහැක.

:       1       5

AmaraFriday, 15 February 2019 12:13 PM

"ප්‍රකට" තමයි නම... අහලා නැහැනේ?

:       0       7

sachith Friday, 15 February 2019 10:17 AM

කරුණාකර මේවගේ ආයතන ගැන නම පලකරන්න. මේකෙන් වෙන්නේ මොන සමාගම ගැන කියනවද කියලා මිනිස්සුන්ට සැකයක් ඇති වෙන එක හැම මූල්‍ය සමාගමක් ගැනම...

:       0       159

රවින් Friday, 15 February 2019 10:19 AM

නම පලකළොත් තමතමන්ගේ මුදල්වලට වන්නේ කුමක්දැයි දැනගන්න පුළුවන් නේද?

:       0       21

BamunuarachchiFriday, 15 February 2019 12:42 PM

නම දැනගත්තොත් මිනිස්සු තැන්පත් මුදල් ආපසු ගන්න යාවි. එවිට අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ හිටී.

:       6       57

Raveendra Friday, 15 February 2019 10:33 AM

පුරවැසියන් හැටියට අප සියල්ලන්ටම මෙම ආයතනය කුමක්දැයි දැනගත යුතුව ඇත.

:       0       60

athula Friday, 15 February 2019 11:09 AM

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් බලාගත හැකිය.

:       3       3

අනුර Friday, 15 February 2019 12:23 PM

තොරතුරු දැනගැනීමේ පනත අනුව මෙවැනි ආයතනවල නම් දැනගත හැකිද?

:       0       3

Bravo Friday, 15 February 2019 12:33 PM

බැලන්ස් ෂීට් එක සහ ෆිට්ච් රේටින්ග්ස් බලන්න පුරුදු වෙන්න. කම්පැනි එකේ නම නිකම්ම හම්බ්යි. 1940 පටන් ගත්ත එකක් වෙන්න ඕනේ...

:       0       3

Bamunuarachchi Friday, 15 February 2019 12:35 PM

1980 ගණන්වල මෙහෙම දෙයක් සිදුවුණා. මම රාජ්‍ය බැංකුවක තිබූ මගේ තැන්පතු එහි නිලධාරීන්ගේ උපදෙස් නොතකා ආපසුගෙන එවකට ප්‍රකට බොරැල්ලේ පිහිටි මූල්‍ය ආයතනයක 17% පොලියට තැන්පත් කළා. කිසියම් හේතුවක් නිසා මට මුදල ආපසු ගන්න ගියාම දිනයක් දුන්නා මුදල් ගන්න එන්න. එදිනට ගියාම තව සුමාන 2කින් එන්න කීවා. මම පුටුවෙන් නැගිටලා දබර ඇඟිල්ල දික්කරලා කීවා අදම සල්ලි ගෙවන්නේ නැතිනම් වැඩේ දුරදිග යයිකියලා. එතකොට මටකීවා අද සවස 2ට එන්න සල්ලි දෙන්නම් කියලා. ඔය අතර මම දැක්කා වයසක තාත්තා කෙනෙක් දුවත් සමග පැමිණ ලොකු මුදලක් තැන්පත් කරනවා. මෙය සිදුවුනේ බ්‍රහස්පතින්දා දිනක... සඳුදා දිනක මගේ බිරිඳ එයාගේ තැන්පතු මුදල් ගන්න යනවිට මුල්‍ය ආයතනය වහලා. අනේ දින කීපයකට පෙර මුදල් තැන්පත් කල දුවගෙයි තාත්තාගේ සල්ලිවලට මොකද වුනේ... මේ ආයතන හොඳටම දැනගෙන සිටියා ආයතනය වසා දමන බව.. එ්ත් අර මිනිසුන්ගේ සල්ලි අරගෙන මාසෙක පොලියක්වත් නොදී ආයතනය වසා දැම්මා. මෙතනත් එසේවෙන්න ඉඩ තිබෙනවා..

:       20       126

RaveendraFriday, 15 February 2019 12:56 PM

ඩී. එස්. සේනානායක හන්දියේ සිට නාරාහේන්පිට දෙසට මීටර 100ක් විතර යනවිට දකුණු පැත්තේ තිබුණු මූල්‍ය ආයතනය නේද? දැන් එ් මුදල් වංචාවට සම්බන්ධ සියලුම හිවලුන් වැලිගම් බලා ගිහින් දන්නා තරමට... මහජන මුදල් හොරා කන්නේ මොන හිවලාද? වැලිගම් බලා යාම ඉක්මන් කරගන්න.. එවන් හරකුන් දුක්විඳලයි මැරෙන්නේ...

:       0       26

BamunuarachchiFriday, 15 February 2019 04:34 PM

හරියට හරි... ඔවුන් වැලිගම් ගියාට ඔවුන්ගේ දරු මුණුබුරන් ඒ අසාධාරණ සල්ලි තවමත් භුක්ති විඳිනවා...

:       0       11

diasFriday, 15 February 2019 01:00 PM

ලංකාවේ මිනිසුන්ගේ හොරකම කියන එක යටි හිතේ පැලපදියම් වෙලා තියෙන්නේ. ජන්ම ගති උණ පුරුකේ දාලවත් හරි ගස්සන්ට බැහැ...

:       0       18

සඳුන් Friday, 15 February 2019 12:59 PM

ලොකු ලොකු ව්‍යාපාරික ආයතනවල ගැටළු, අක්‍රමිකතා ජනතාව දැනුවත් කිරීමේ අඩුවක් තිබෙනවා. ඒවාට හේතු හිතාගන්න පුලුවන්. කොත්තුවක කැරපොත්තෙක් තිබුණොත් විශාල ප්‍රචාරයක් ලැබෙනවා. ඒ කෙසේවෙතත් සල්ලි ජනතාවගේ නම් එවැනි මූල්‍ය සමාගම් ගැන දැන ගැනීමේ පරම අයිතිය ජනතාවට තිබෙනවා.

:       0       19

upul Friday, 15 February 2019 04:16 PM

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක්.... 2008 වර්ෂයේ දී එම ආයතනය අයත්ව තිබූ සමාගම් සමූහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදුවූ බිඳවැටීම හේතු කොටගෙන දැඩි බලපෑමකට ලක්විය...

:       0       31

Kumar Friday, 15 February 2019 05:20 PM

මම ඉන්න රටේ නම් එම මූල්‍ය ආයතනයේ රටේ ජනතාවගේ යහපතට ප්‍රචාරය කරන වග කියන්න ඕනේ... මේ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය ගැනයි...

:       0       36

Amila Friday, 15 February 2019 06:19 PM

මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ මහබැංකුව. හතු පිපෙන්නා වගේ මයික්‍රෝ ක්‍රෙඩිට් සහ අලුත් මූල්‍ය සමාගම් වලට ඉඩ දීලා ඒවයේ වක්‍ර ප්‍රතිඵල තමයි මේ. පරණ මූල්‍ය සමාගම් ඉබේම අස්ථාවර වෙනවා. අනවශ්‍ය තරගකාරීත්වය නිසා...

:       1       35

Sumith Saturday, 16 February 2019 01:56 AM

සිංගප්පූරුවේ කෙනෙක් දැම්මා නම් දියුණු කරයි.

:       0       26

karthini Saturday, 16 February 2019 04:22 AM

පසුගිය වර්ෂ 10ක් පුරාවට ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය පරිපාලනය කල මෙම සමාගම මෙම තත්වයට පත්වීම ගැන පුදුම කරුණකි. ඔවුන් දන්නා පරිපාලනය පෙට්ටි කඩයකට වඩා පහළ නොවේද?

:       0       22

samantha dubai Saturday, 16 February 2019 06:22 AM

මේ කියන්නේ කොමර්ෂල් ක්‍රෙඩිට් එක ගැනද?

:       29       269

sara Saturday, 16 February 2019 09:58 AM

රනිල්ගේ අවුරුදු 3-4ක පාලන කාලය තුළ බංකොලොත් නොවුණු දෙයක් මේ රටේ තියෙනවද? මහබැංකුව කාල පිස්සු නටලා දැන් රටම බංකොලොත්...

:       17       65

nil aliyaa Monday, 18 February 2019 01:25 PM

රනිල්ද මේ කොම්පැනියේ අයිතිකාරයා? නිකන් නොදන්නා බයිලා කියවන්නේ නැතුව ඉන්නවද?

:       0       0

BamunuarachchiTuesday, 19 February 2019 10:35 AM

රටම බංකොලොත්.

:       0       0

sam Saturday, 16 February 2019 05:18 PM

වැඩි තණ්හාවට පොලිය වැඩි තැන්වල තැන්පත් කරනකොට අවධානම ගැනත් හිතන්න.

:       3       75

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2055 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1059 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 830 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 383 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 663 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 593 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site